ප්‍රවර්ගය  |  Uncategorized

කථා කරන්න!

ආපන ශාලාවේදී බ්‍රිට්නි තම මිතුරියට “අන්න අර මනුෂ්‍යයා, අන්න අර මනුෂ්‍යයා” කියා පෙන්වීය. ඇය පෙන්වූයේ මෙල්වින්වය. ඔහුට ඇය මුණ ගැසුණේ වෙනත් අවස්ථාවකදීය. ඔහු පල්ලිය වත්ත පවිත්‍ර කරමින් සිටින විට ගණිකාවක් මෙන් පෙණුනු කාන්තාවක් සමග කථාවක් පටන් ගන්නා ලෙසට ආත්මයාණන් වහන්සේ ඔහුට කොඳුරා ඇත. ඇයට දේවස්ථානයට එන ලෙසට ඔහු විසින් කරන ලද ඇරයුමට ඇයගේ පිළිතුර වූයේ “මම කරන දෙය ඔබ දන්නවාද?…

තර්කයෙන් තොර බියයන්

එහි තර්කයක් නැත. නමුත් මාගේ දෙමාපියන් මාස තුනක් ඇතුළත මිය ගිය විට ඔවුන්ට මාව අමතක වේ යැයි මම බිය වුනෙමි. අනිවාර්යයෙන් ඔවුන් ලෝකයේ තවත් නැත. නමුත් එය මට විශාල අවිනිශ්චිතභාවයක් ගෙනාවේය. මම තරුණ වියේ සිටියෙමි. විවාහ නොවූ වැඩිහිටියෙක් වූයෙමි. ඔවුන් නැතිව ජීවිතය ගෙන යන්නේ කෙසේදැයි කල්පනා කළෙමි. තනිකම ඇත්තටම මට දැණුනි. මම දෙවියන්වහන්සේ සෙවීමි.

එක් උදෑසනක මම මාගේ තර්කයක් නැති…

මිමිණීමේ ගැලරිය

ලන්ඩන්හී ශාන්ත පාවුළු දේවස්ථානයේ තිබෙන උස් කුළුණෙහි සංචාරකයින් පිය ගැට පෙළ නැංග විට මිමිණීමේ ගැලරිය වෙත ඔවුන් ළඟ වන්නෝය. එහි සිට යමෙක් මිමිණූ විට වක්‍ර පඩිපෙළෙහි ඕනෑම තැනක සිටින අයෙකුට එය ඇසෙනු ඇත. එසේම අඩි සියයක් එහා ඇති ශාලාවේ සිටින අයටද එය ඇසේ. ඉන්ජිනේරුවන් මෙය විස්තර කරන්නේ එසේ වන්නේ කුළුණේ වක්‍රාකාර හැඩය සහ මිමිණීමක ඇති ශබ්ද අඩු වායු තරංග නිසාය…

එක්ව වේදනා විඳීම

2013 දී බ්‍රිතාන්‍ය රාජකීය නාවික ජේෂ්ඨයෙකු වන ජේම්ස් මැක්කොනල් හැත්තෑ වන වියේදී මිය ගියේය. මැක්කොනල්ට පවුලක් නොවීය. ඔහුගේ සාත්තු නිවාසයේ අය සිතුවේ ඔහුගේ අවමඟුලට කිසිවෙක් සහභාගී නොවනු ඇත කියාය. මැක්කොනල්ගේ අවමංගල්‍යය උත්සවය භාරව සිටි පුද්ගලයා මුහුණු පොතට පණිවුඩයක් යොමු කළේය. “මේ කාලයේදී සහ මෙම වයසේදී අවමංගල්‍යය උත්සවයට කිසිවෙක් නැතිව කෙනෙකු සමුගැනීම ඛේදයකි. හමුදා භටයෙකුව සිටි සහෝදරයෙකුට අවසන් ගෞරව දැක්වීමට කනත්තට…

සේවකයා අසාගෙන සිටී

රේඩියෝව ක්‍රියාත්මකව පැවතියේ නම් ටයිටැනික් නැව ගිලෙන බව ඔවුන් දැනගන්නවා ඇත. සිරිල් එවන්ස් නමින් වෙනත් නැවක ගුවන්විදුලි ක්‍රියාකරුවෙක්, ජැක් පිලිප්ස් නම් ටයිටැනික් නැවේ ගුවන්විදුලි ක්‍රියාකරු හට පණිවුඩයක් දීමට තැත් කර තිබේ. ඒ ඔවුන්ගේ නැවට අයිස් කන්දක් හමුවූ බව දැන්වීමටයි. පිලිප්ස් මගින්ගේ පණිවුඩ යවමින් කාර්යබහුලවී, එවන්ස්ට නිහඬ වෙන්න කියා අපහාසාත්මකව කීවේය. එහෙයින් එවන්ස් ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියා විරහිත කර නින්දට ගියේය. විනාඩි…

ස්වපරීක්‍ෂණ කරගැනීම

2වන ලෝක මහ යුද්ධය කාලයේ මාගේ පියා මාගේ මවට ලියූ ලිපි ගොන්නක් මම කියවීමි. ඔහු උතුරු අප්‍රිකාවේ සිටි අතර මාගේ මව එක්සත් ජනපදයේ වර්ජීනියා ප්‍රාන්තයේ සිටියාය. පියා එකල අමෙරිකා හමුදාවේ දෙවන ලුතිනන්වරයකු ලෙස සේවය කළ අතර සොල්දාදුවන්ගේ ලිපි වාරණය ඔහුට අයත් රාජකාරියක් විය. ඒ සතුරාගෙන් සංවේදී තොරතුරු වසන් කිරීමටය. තම භාර්යාවට ලියූ ලිපිවලද, 2වන ලුතිනන් ජෝන් බ්‍රැනන් විසින් වාරණය කරන…

ශ්‍රේෂ්ඨම රැල්ල

මිනිසුන් “රැල්ල” ක්‍රියාත්මක කිරීමට කැමති ය. ලොව පුරා ක්‍රීඩා උත්සව සහ සංදර්ශනවලදී, එය ආරම්භ වන්නේ කීප දෙනෙකු නැඟිට ඔවුන්ගේ අත් එසවූ විටය. මොහොතකින් ඔවුන් අසල සිටින අය එලෙසම කරති. එහි ඉලක්කය වන්නේ මුළු ක්‍රීඩාංගනය පුරාම කොටසින් කොටසට ගලාගෙන යන චලනයක් ඇති කිරීම ය. එය අවසාන කොටසට පැමිණි විට, ආරම්භ කළ කණ්ඩායම සිනාසෙමින් අත්පුඩි ගසමින් එම චලනය තව දුරටත් කරගෙන යයි.…

දෙවියන්වහන්සේ අප මුදවන්නාය

තුන් ඉසව් තරඟයකදී, බියවුණු තරඟකරුවන් නග්ගා ගැනීමට, මිදුම්කාරිණියක් බෝට්ටුවක් මුහුදේ තබාගෙන සිටියාය. “බෝට්ටුව මැදට අත තියන්න එපා” ඇය පිහිණුම්කරුවන්ට කීවේ එවැනි ක්‍රියාවකින් බෝට්ටුව පෙරළිමට ඉඩ ඇති නිසාය. ඒ වෙනුවට, වෙහෙසටපත් පිහිණුම්කරුවන්ව ඇය බෝට්ටුවේ ඉදිරියට සහ පසුපසට යන ලෙසට මඟපෙන්වූවාය. පිහිණුම්කරුවන්ට ඒ ස්ථාන වල තිබූ වළලු අල්ලා ගැනීමෙන් බෝට්ටුව ආරක්‍ෂිතව ගොඩට ගෙන යාමට ඇයට හැකි විය.

ජීවිතය හෝ මිනිසුන් අපව ගිල්වන්නට…

දුර්වලයන් මුදාගැනීම

ඔබ තෝරාගන්නේ කුමක්ද - ස්විට්සර්ලන්තයේ හිම ක්‍රීඩාවක්ද නැතිනම් ප්‍රාග් නගරයේ සිටින දරුවන් අනතුරෙන් ගලවාගැනීමද? සාමාන්‍ය මිනිසෙක් වූ නිකොලස් වින්ටන් දෙවැනි අවස්ථාව තෝරාගත්තේය. 1938දී චෙකොස්ලොවැකියාව සහ ජර්මනිය අතර යුද්ධයක් ඇති වන ලකුණු පෙනෙන්නට තිබුණි. නිකොලස්, බොහෝ යුදෙව් පුරවැසියන් අති දුෂ්කර තත්ත්‍වයන් යටතේ ජීවත්වූ, ප්‍රාග් නගරයේ අනාථ කඳවුරු සංචාරය කිරීමෙන් පසු, ඔවුන්ට උපකාර කිරීමට සැලැස්මක් ඉදිරිපත් කරන්නට ඔහුට පෙළඹවීමක් ඇති විය. 2වන…

ආත්මික රිය පැදවීම

රියදුරු පුහුණු පන්තියේ ඉගැන්වූ දේවල් ගැන මට වැඩි මතකයක් නැත. එහෙත් කුමන හෝ හේතුවකට අප ඉගෙනගත් සංක්‍ෂිප්ත අකුරු අනුපිළිවෙල පාඩම මට හොඳින් මතකය. එනම් ඉංග්‍රීසි බසින් S-I-P-D-E යන අකුරු වලින් සෑදුන අනුපිළිවෙලයි. එනම් Scan (සියුම් පරික්‍ෂාව), Identify (හඳුනා ගැනීම), Predict (ඉදිරිය බැලීම), Decide (තීරණය කිරීම), Execute (ක්‍රියාත්මක කිරීම) යන්නයි. එම ක්‍රියාවලිය අප අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු විය. අප මාර්ගය පරික්‍ෂා…