ඇයි මම?
The Book of Odds නමින් ඇති අමුතු දේ සිදුවීමේ ප්‍රවණතාව සටහන් වී ඇති පොතේ මිනිසුන් මිලියනයකින් එක්කෙනෙකුට අකුණු සැර වැදෙන බව සඳහන්ව ඇත. අධික කම්පනයක් හෝ අහිමිවීමක් හමුවේ මිනිසුන් 25000න් එක්කෙනෙකුට “බිඳුණු හෘද සින්ඩ්‍රෝමය” නමැති වෛද්‍ය තත්ත්‍වයකට මුහුණ දෙන බව එහි සඳහන්ව ඇත. එම පොතේ සෑම පිටුවක් පාසාම නිශ්චිත ගැටළු වලට මුහුණ දීමේ ප්‍රවණතාව පිළිතුරක් නැතිව ගොඩගැසේ: අපි ඒ කෙනා…
මී පැණි වලට වඩා පැණිරසයි
ඔහුගේ මාතෘකාව වූයේ වාර්ගික ආතතිය යි. එහෙත් කථිකයා සන්සුන්ව සිටියේය. විශාල ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් ඉදිරියේ වේදිකාව මත සිටගෙන, ඔහු නිර්භීතව එහෙත් ප්‍රසන්නව, නිහතමානීව, කරුණාවන්තව සහ හාස්‍යය ද ඇතිව කථා කළේය. තැතිගැන්වී සිට ප්‍රේක්‍ෂකයින් ඉක්මනින්ම සැහැල්ලු වෙමින් ඔවුන් සියළු දෙනා මැදි වී සිටි තත්ත්‍වය පිළිබඳ කථිකයා සමඟ එකතුව සිනාසුණෝය: ඔවුන්ගේ හැඟීම් සහ වචන සන්සුන් කරමින් ඔවුන්ගේ උණුසුම් ප්‍රශ්නය විසඳන ආකාරය. ඔව්, අප්‍රසන්න…
මතක්කර ගනිමින්
අනුස්මරණ දිනයේදී, 2වන ලෝක යුද්ධයේ හමුදාවේ සේවය කළ හමුදා ප්‍රවීණයන්, විශේෂයෙන් මගේ පියා සහ මාමලා සිහිවෙන්නේය. ඔවුන් නැවත නිවෙසට ආවත් රට වෙනුවෙන් සටන් කිරීමේදී දහස් ගණන් පවුල් වලට ඔවුන්ගේ ප්‍රේමණීයන් ඛේදජනක ලෙස අහිමි වුනේය. එහෙත් මගේ පියාගෙන් හෝ එම වකවානුවේ වෙනත් ඕනෑම සොල්දාදුවෙක් ගෙන් ප්‍රශ්න කළ විට ඔවුන් කියන්නේ තම ප්‍රේමණීයයන් ආරක්‍ෂා කරගැනීමට තම ජීවිතය පූජා කරන්නටත් ඔවුන් නිවැරදී යයි…
කථාකරන මේස
අපගේ යහපැවැත්ම පිළිබඳ හැඟීමට ප්‍රධානතම තර්ජනය එල්ළ වන්නේ තනිකම තුළින්ය. සමාජ මාධ්‍ය තුළ අපගේ හැසිරීම, ආහාර පරිභෝජනය යනාදිය තුළින් අපගේ සෞඛ්‍ය තත්ත්‍වයට එය බලපෑමක් ඇති කරනු ලැබේ. එක් අධ්‍යයනයකින් ඇඟවෙන්නේ සියලු මනුෂ්‍යයන්ගෙන් තුනෙන් දෙකකටම - වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසළකා - කුමන හෝ කාලයක තනිකම දැනෙන බවයි. බ්‍රිතාන්‍යයේ එක් සුපිරි වෙළඳ සැලක, ඔවුන්ගේ ආපන ශාලාවල “කථාකරන මේස” නමින් සංකල්පයක්…
ආලෝකය රක්‍ෂාකරන්නන්
“ආලෝකය රක්‍ෂාකරන්නන්” ලෙස ඔවුන් හඳුන්වනු ලැබේ.
එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා වෙරළ තීරයෙන් ඔබ්බට හැටෙරාස් දූපතේ තුඩුවේ ඉදිකර ඇති ප්‍රදීපාගාරයේ, 1803 සිට එහි සේවය කළ භාරකරුවන් වෙනුවෙන් අනුස්මරණයක් ඇත. වෙරළ ඛාදනය හේතුවෙන් එම ප්‍රදීපාගාරය නගරය ඇතුලට වෙන්න ඉදිකර කෙටි කාලයකින් පසු, එම භාරකරුවන්ගේ නම් පැරණි අත්තිවාරම් ගල් වල කොටා, අර්ධ කවාකාර රඟමඬලක හැඩයෙන්, නව ප්‍රදීපාගාරයට මුහුණලා සකසා තිබුනේය. ඒ අනුව -…
ඔබගේ කඳුළු දෙවියන්වහන්සේ වෙතට ගෙනයන්න
පසුගිය ගිම්හාන සමයේ ටලේක්වා නමින් කළු සුදු වර්ගයේ තල්මසෙකුට පැටවෙක් උපන්නේය. ටලේක්වා වැනි දරුණු වර්ගයේ තල්මසුන් වඳවීමේ තර්ජනයට ලක්වූ මසුන් වර්ගයක් වූ බැවින් ඇගේ පටවා අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ගෙන දුන්නේය. නමුත් ඒ පැටවා පැයක්වත් ජීවත් වුනේ නැත. ලොව පුරා මිනිසුන් බලා සිටියදී, ටලේක්වා ඇගේ ශෝකය ප්‍රකාශ කරන පිණිස ඒ මිය ගිය පැටවා අත්හැරීමට පෙර දින දහහතක් පැසිෆික් සාගරයේ සීතල ජලය…
පිහි දේවදූතයා
එක්සක් රාජධානිය පුරාවට පිහි අපරාධ වැඩිවෙත්ම, බ්‍රිතාන්‍ය යකඩ වැඩ මධ්‍යස්ථානය (British Ironwork Center) අදහසක් ක්‍රියාත්මක කළේය. ප්‍රාදේශීය පොලිස් කණ්ඩායම් සමඟ එකතුවී, තැන්පත් පෙට්ටි 200ක් සකසා රට පුරා ස්ථාන ගත කර, පොදූ සමා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේය. පිහි එක් ලක්‍ෂයක් නිර්නාමිකව භාර වී තිබුණි. සමහරක් ඒවායේ ලේ තැවරුනු පැල්ලම් ද තිබුණි. පසුව මෙම පිහි කලාකරු ඇල්ෆි බ්‍රැඩ්ලීට නැව්ගතකර යවනු ලැබ, ඔහු ඒවා…
සිනාසෙන යේසුස්
ඔබට චිත්‍රපටියක යේසුස්වහන්සේගේ භූමිකාව රඟපාන්නට තිබුණා නම්, ඔබ එයට සූදානම් වන්නේ කෙසේද? මතෙව් නමින් වූ දෘශ්‍ය බයිබල් චිත්‍රපටියේ යේසුස්ගේ චරිතය රඟපෑ බෘස් මාශියානෝ මුහුණ දුන්නේ එවැනි අභියෝගයකටයි. මිලියන ගණන් නරඹන්නන් ඔහුගේ රඟපෑම මත යේසුස්වහන්සේ පිළිබඳ නිගමනයකට එළඹෙන බව දැනගෙන, ක්‍රිස්තුස්වහන්සේව “නිවැරදිව” රඟපෑමේ වැදගත්කම ඔහුට බරක් වූයේය. ඔහු දණින් වැටී, යේසුස්වහන්සේ තමන්ට දෙන ලෙසට යේසුස්වහන්සේට කන්නලව් කළේය.
හෙබ්‍රෙව් 1වෙනි පරිච්ඡේදයෙන් බෘස්ට…
තේරීම්වල අවසානය
ජංගම දුරකථන සේවයක් හෝ මංපෙත් සිතියමක් හෝ නොමැතිව, අපට මඟපෙන්වන්නට තිබුනේ, මංසන්ධියේ සවිකර තිබූ සිතියමක මතකයක් පමණි. පැයකට වැඩි කාලයක් ගතවූ පසු, අපි වනයෙන් පිටතට ඇවිත් රථ ගාලට ලඟා වූයෙමු. සැතපුම් භාගයක ගමනක් අවසන් කරන හැරවීම් ලක්‍ෂය මඟහැරුනු නිසා අපට සිතුවාට වඩා දුරක් ඇවිදින්නට සිදුවිය.
ජීවිතයත් එසේ විය හැකියි: යම් දෙයක් නිවැරදි ද වැරදි ද කියා අසන්නට පමණක් නොව එහි…
සමාදානයේ තිලිණය
“මම යේසුස්වහන්සේ විශ්වාස කරමි, එතුමාණන් මාගේ ගැළවුම්කරු, මා මරණයට බිය නොවෙමි”, හිටපු අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් ගේ භාර්‍ය්‍යාව බාබරා බුෂ් මිය යාමට පෙර ඇගේ පුත්‍රයාට කීවාය. මෙම විශ්වාස කිරීමට අපහසු සහ එඩිතර ප්‍රකාශයෙන් ඉතා ශක්තිමත් ගැඹුරට මුල් ඇදගත් ඇදහිල්ලක් විදහා දක්වයි. මරණය අභියසදීද, යේසුස්වහන්සේ දැනගැනීමෙන් ලැබෙන සමාදානයේ තිලිණය ඇය අත්දැක්කාය.
පළමුවැනි ශතවර්ෂයේ යෙරුසලමේ වාසය කළ සිමියොන්, යේසුස්වහන්සේ නිසා…