ජීවිත වෙනස්කම්
ස්ටීවන් හැදී වැඩුණේ නැගෙනහිර ලන්ඩනයේ දරුණු පළාතකය. වයස දහය වන විට ඔහු අපරාධවලට යොමු විය. “සෑම කෙනාම කුඩු විකුණනවා නම්, හොරකම් කරනවා නම්, බොරු කියනවා නම් ඔබත් ඒවාට වැටෙනවා. ඒක ජීවිත ක්‍රමයක් පමණයි” කියා ස්ටීවන් කීවේය. නමුත් වයස විස්සේදී ඔහුගේ ජීවිතය වෙනස් කළ සිහිනයක් ඔහු දුටුවේය. “ස්ටීවන්, නුඹ මිනීමරලා හිරේ යනවා” යයි කියන දෙවියන්වහන්සේගේ හඬ මට ඇසුණි. එම පැහැදිලි සිහිනය…
අනුග්‍රහයෙන් ස්පර්ශ වී
ලෙයිෆ් එංගල්ස්ගේ “ගංගාවක් වැනි සමාදානය” නැමැති නවකථාවේ යෙරෙමියා ලෑන්ඩ්, අම්මා නැති දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහු අසල පාසැලක පිරිසිදු කරන්නෙකු ලෙස රැකියාව කරයි. ඔහු ගැඹුරු සමහර විට ආශ්චර්යාත්මක ඇදහිල්ලකින් ක්‍රියා කරන පුද්ගලයෙකි. ඔහුගේ ඇදහිල්ල බොහෝ විට පරීක්‍ෂාවට ලක් කෙරේ.
යෙරෙමියා වැඩ කරන පාසැල චෙස්ටර් හෝල්ඩන් විසින් කළමණාකරණය කෙරේ. ඔහු කුහක පුද්ගලයෙකි. ඔහුට චර්ම රෝගයක්ද ඇත. යෙරෙමියාගේ වැඩ කෙතරම් හොඳ වූවත් හෝල්ඩන්ට…
අපගේ අලුත් නිවස
1892 හි එල්ලීස් දුපත හරහා එක්සත් ජනපදයට ගිය පළමු සංක්‍රමණිකයා ලෙසට ඇනී මුවර්ට විශාල සතුටක් දැනෙන්න ඇති. ඇය අලුත් නිවසක්ද නැවුම් ආරම්භයක්ද සිතෙහි මවා ගන්න ඇති. ඉන්පසු මිලියන ගණනක් එම මාර්ගය පසු කළෝය. යෞවනියක ලෙස ඇනී අලුත් ජීවිතයක් සොයා අයර්ලන්තයේ අසීරු ජීවිතය හැර දමා මෙහි ආවාය. ඇය ගෙන ආවේ කුඩා අත්බැගයක්ද, සිහින, බලාපොරොත්තු සහ අවස්ථාවන් බහුල දේශයක්ද ගැන සිතුවිලිද පමණි.…
ආත්මිකව වැහැරීද?
“සමහර විට අපි කලබලයෙන් දිනක වැඩ එක් පැයකින් අවසන් කරන්නෙමු” යනුවෙන් සැක් එස්වින් ඔහුගේ “අසම්පූර්ණ දේවගැති” යන පොතෙහි ලියයි. ඔහු විශේෂිතව සභාපාලකයන් නිතර දරණ බර ගැන පැවසුවද අප සියල්ලන්ටද මෙය පොදුවේ. බරවූ හැඟීම් සහ වගකීම් අපට ශාරිරිකව, මානසිකව සහ ආත්මිකව වැහැරීමට සළස්වයි. එවිට අපට කරන්න සිතෙන්නේ නිදා ගැනීම පමණී.
1 රාජාවලිය 19 හි අනාගතවක්තෘ එලියා සෑම අතින්ම වැහැරී ගිය එවැනි…
සම්බන්ධතාවයන් සඳහා අපව මවා තිබේ
බොහෝ රටවල තනිව සිටින පුද්ගලයන්ට පවුලක් සොයා දීමේ කර්මාන්තයක් දැන් වර්ධනය වී ගෙන යන්නේය. සමාජ උත්සවයක් පවත්වා ඔවුන් ප්‍රීතිමත් පවුලක සිටින බව හැඟවීමට සළස්වන්නේය. සමහරු දුර සිටින නෑයින් මෙන් රඟපෑමට නළුවන්ද ගෙන එති. තනිවූ අය ආශා කරන පවුල් සම්බන්ධතාවයක් ඔවුන්ට කෙටි කාලයකට ලැබෙන බව ඔවුන්ට හැඟී යන්නේය.
මේ ප්‍රවණතාවය මූලික සත්‍යයක් එළිදරව් කරයි. මනුෂ්‍යයින් මවා ඇත්තේ සම්බන්ධතාවයෙන් සිටින පිණිසය. උත්පත්ති…
දුක්බර කථාන්දරයක්
බොහෝ කල් පාපිස්ස යට දමා තිබූ, බලය ඇති පිරිමින් විසින් ස්ත්‍රීන්ට කරන ලද ලිංගික අපචාර දැන් අනාවරණය වී ඇත. මාතෘකාවෙන් මාතෘකාව දරා ගත් පසු මා අගය කළාවූ පිරිමි දෙදෙනෙක් කළ අපචාර පිළිබඳව අසා මාගේ සිත කම්පා විය. සභාවද මෙම කරුණු වලට නිර්මුක්ත වී ඇත.
දාවිත් එවැනි තත්ත්වයකට වැටුණි. සාමුවෙල් අපට කියන පරිදි එක් සන්ධ්‍යාවක ස්ත්‍රීයක් ස්නානය කරනවා දාවිත් දිටීය (2 සාමුවෙල්…
ලින්කන්ගේ සාක්කු
1865 දී ෆෝර්ඩ් රඟහල තුළ ඒබ්‍රහම් ලින්කන් හට වෙඩි තැබූ කළ ඔහුගේ සාක්කු තුළ පහත සඳහන් දෑ තිබුණි. ඒ උපැස් යුවළක්, කණ්නාඩි පිස දමනයක්, කුඩා පිහියක්, ඔරලෝසු කවරයක්, ලේන්සුවක්, ඒකාබද්ධ රාජ්‍යයේ ඩොලර් පහක් සහිත සම් පසුම්බියක් සහ ඔහු ගැන හා ඔහුගේ ප්‍රතිපත්ති පැසසුවාවූ ප්‍රවෘත්ති පත්‍ර කැබලි අටක් ය.
ඒකාබද්ධ රාජ්‍යයේ මුදල් ජනාධිපතිගේ සාක්කුවේ තිබුණේ ඇයි කියා මම කල්පනා කළෙමි. නමුත්…
පාලනය නැමැති මායාව
1975 දී එලන් ලැංගර් විසින් කරන ලද අධ්‍යයනයෙහි මාතෘකාව වූයේ “පාලනය නැමැති මායාව” යන්නයි. ඉන් පෙන්වා දෙන්නේ අපගේ ජීවිතවල අපට ඇති බලපෑමේ මට්ටමය. ඇය කීවේ බොහෝ අවස්ථාවන් වලදී අප අපගේ පාලනය අධිතක්සේරුවට භාජනය කරන බවයි. එම අධ්‍යයනය තවදුරටත් පෙන්වා දෙන්නේ යථාර්ථය අපගේ මායාවන් කාබාසිනියා කරන බවයි.
ලැංගර්ගේ අධ්‍යයනය දොරට වැඩිය පසු අන් අය විසින් කරන ලද පර්යේෂණ එම නිගමණය සත්‍ය…
වෙස්වලාගත් යේසුස්වහන්සේ
මගේ පුතා ජෙෆ් මෑතකදී යාචකයෙකු මෙන් පාරේ සිටියේය. ඔහු තම නගරයේ රාත්‍රී තුනක් එසේ ගත කළේය. හිම මිදෙන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්ව වල ඔහු පාරේ නිදා ගත්තේය. ආහාර, මුදල් හෝ වහලක් නැතිව ඔහු අනුන්ගේ කරුණාවන්තකමින් යැපුණි. එක් දිනක් ඔහුට ලැබුණේ එක සැන්විචයක් පමණි. එයත් ඔහු ආපන ශාලාවකින් පරණ පාන් ඉන්ලනවා ඇසුණු මිනිසෙකු එය රැගෙන දුන් හෙයිනි.
ජෙෆ් මට කීවේ එය…
දෙවියන්වහන්සේගේ නිර්මාණශීලිත්වය සැමරීම
සභා ශාලාව සංගීතයෙන් පිරුණි. වර්ණ අන්ධ කලාකරු ලාන්ස් බ්‍රවුන් වේදිකාවට අවතීර්ණ විය. ඔහු විශාල සුදු කැන්වසයක් ඉදිරියෙහි වේදිකාවට පිටුපා සිටගත්තේය. බුරුසුව කළු තීන්තවල ගල්වා දක්‍ෂ ලෙස කුරුසියක් ඇන්දේය. බුරුසු පාර කිහිපයකින් සහ ඔහුගේ අත්වලින් දෘශ්‍යමාන කථාන්දර කියන්නා කුරුසපත් වීමේ සහ නැවත නැගිටීමේ ක්‍රිස්තුස්වහන්සේගේ රූප ඇන්දේය. කළු වර්ණයෙන් විශාල කොටස් ආවරණය කර විනාඩි හය කටත් අඩු කාලයකින් චිත්‍රය නිම කිරීමට නිල්…