ප්‍රවර්ගය  |  Uncategorized

“එනමුත්”

2017 හාර්වේ සුළි කුණාටුවට පසු ඇතිවූ විනාශය නිසා ඉන් හානිවූ සෙනගට උපකාර කිරීමට අවස්ථාවක් අපට උදා විය. අපගේ කණ්ඩායමක් හූස්ටන් ප්‍රදේශය දක්වා ගමන් කළෙමු. අපගේ ඉලක්කය වූයේ කුණාටුවෙන් හානිවූ අයව දිරිමත් කිරීමය. ඒ ක්‍රියාවලියේදී අපගේ ඇදහිල්ල අභියෝගයට ලක්වී ශක්තිමත් වුයේ ඔවුන්ගේ විනාශ වූ සභා ගොඩනැගිලි සහ නිවාස තුළ සිටින විටය.

හාර්වේ කුණාටුවේ හානිය මධ්‍යයෙහි අප දුටු බොහෝ සෙනගගේ දීප්තිමත් ඇදහිල්ල…

දිරිය දීමේ බලවන්තකම

බෙන්ජමින් වෙස්ට් කුඩා කාලයේ ඔහු තම සහෝදරියගේ චිත්‍රයක් ඇඳීමට උත්සාහ කළේය. නමුත් ඔහුට ඇඳිය හැකිවූයේ ව්‍යාකූල රූපයක් පමණී. ඔහුගේ මව එම නිර්මාණය දුටුවාය. ඇය ඔහුගේ නළල සිප “ඒ සැලී නේ!” කියා පැවසුවාය. ඔහු පසු කාලයකදී පැවසුවේ එම සිප ගැනීම ඔහුව චිත්‍ර ශිල්පියෙකු කළ බවය. එසේම එය ඔහුව ශ්‍රේෂ්ඨ ඇමෙරිකානු කලා ශිල්පියා බවටද පත් කළේය. දිරිමත් කිරීම බලවත් දෙයක් වේ.

චිත්‍ර…

විනාශකළ නොහැකි ප්‍රේමය

අපගේ නිවස පසුපස ඇති වතුර ඇල දකින විට එය ග්‍රීෂ්ම සෘතුවේ ඌෂ්ණාධික කාලයෙහි ගල් අතරින් ගලා යන සිහින් දිය පාරක් පමණක් විය. එහා මෙහා යාමට ඝණකම් ලෑලිවලින් සාදන ලද පාලමක් ප්‍රමාණවත් වුනි. මාස කිහිපයකට පසු දින කිහිපයක් එක දිගට දැඩි වර්ෂාව අපගේ ප්‍රදේශයට පතිත වුනි. අපගේ මෘදු කුඩා ඇළ විශාල ගංගාවක් ලෙසට පරිවර්තනය විය. ගැඹුරිණ් අඩි 4 කුත් පළලින් අඩි…

ඇදහිල්ලේ උරුමය

වයස දහසයේදී බිලී ග්‍රැහැම් ඇදහිල්ලට පැමිණී විට තීරණාත්මකම මොහොතට බොහෝ කාලයකට පෙර ඔහුගේ දෙමව්පියන් තුළ යේසුස්වහන්සේට තිබූ භක්තිය හොඳින් පැහැදිළි විය. ඔවුන් දෙදෙනාම ඇදහිල්ලට පැමිණ තිබුණේ ඇදහිලිවන්ත පවුල්වල හැදෙන වැඩෙන විටය. ඔවුන්ගේ විවාහයට පසු බිලී ග්‍රැහැම්ගේ දෙමාපියෝ තම දරුවන් ප්‍රේමයෙන් පෝෂණය කරමින් එම උරුමය ඉදිරියට ගෙන ගියේය. ඊට යාච්ඤාවද දේව වචනය කියවීම සහ සභාවට සහභාගීවීමද ඇතුළත් විය. ග්‍රැහැම්ගේ දෙමාපියෝ බිලීට…

නැවත සටනෙහි

කුඩා දරුවෙකුව සිටියදී ඇය තම දෙමව්පියන්ට කුරිරු වචනවලින් බැන වැදී ඇත. එම වචන ඔවුන් සමග කථා කරන අවසාන වචන බව ඇය දැන සිටියේ නැත. නමුත් දැන් වසර ගණනාවක අනුශාසනා සිදු වුවද ඇයටම සමාව දී ගැනීමට ඇයට නොහැකි විය. දොස් තබා ගැනීම සහ පශ්චත්තාපය ඇයව අකර්මණ්‍ය කර ඇත.

අප බොහෝ දෙනෙක් අතීතයෙහි කළ වැරදි ගැන දුක් වන්නෙමු. සමහර ඒවා ඉතා දරුණුය.…

ඔබ නැවත එනවාද?

රොන් සහ නැන්සිගේ විවාහය ඉක්මණින් පරිහානියට පත්වෙමින් තිබුණි. ඇයට තව සම්බන්ධයක් තිබුණි. ටික කාලයකට පසුව ඇය තම පාපය දෙවියන්වහන්සේට කීවාය. උන්වහන්සේ ඇයට කරන්න කියන්නේ කුමක්දැයි ඇය දැන සිටියාය. නමුත් එය අපහසු විය. ඇය රොන් සමග සත්‍යය බෙදා ගත්තාය. දික්කසාදයට නොයා රොන් ඔහුගේ විශ්වාසය දිනා ගැනීමටද වෙනස් වීමටද නැන්සිට අවස්ථාවක් දුන්නේය. ආශ්චර්යමත් ලෙස දෙවියන්වහන්සේ ඔවුන්ගේ විවාහය යථා තත්ත්වයට පත් කළ සේක.…

රොටී සහ මසුන්

එක් පිරිමි දරුවෙක් සභාවේ සිට නිවසට පැමිණ ප්‍රීතියෙන් පැවසුවේ එදින කථාව “දවස පුරා ඇවිදිමින් මාළු ඇල්ලු දරුවෙක් ගැන” කියායි. ඇත්තෙන්ම ඔහු කීවේ යේසුස්වහන්සේට රොටී සහ මසුන් දුන් පිරිමි ළමයා ගැනය.

යේසුස්වහන්සේ දවස පුරා සෙනඟට දේශනා කළ සේක. ගෝලයෝ කීවේ රොටී ගන්නා පිණිස සෙනගව ගමට යවන්න කියාය. “නුඹලා ඔවුන්ට කන්ට දෙන්න” (මතෙව් 14:16) යයි යේසුස්වහන්සේ කී සේක. එහි 5000 කට වැඩි…

මිළදී ගත් කෙනෙකුගෙන් අසන්න

1900 මුල් භාගයේ පකාඩ් මෝටර් සමාගම පාරිභෝගිකයන් ආකර්ෂණය කිරීමට අලුත් උද්ධෘත පාඨයක් නිර්මාණය කළේය. “මිළදී ගත් අයෙකුගෙන් අසන්න”. එය විශාල ආකර්ෂණයක් විය. ඒ කාලයේ ප්‍රසිද්ධම සුඛෝපභෝගී වාහන සාදන සමාගම ලෙස පත්වීමට එය එම සමාගමට උපකාරයක් විය. සමාගම තේරුම් ගත්තේ පුද්ගලික සාක්‍ෂිය අසන්නාට පෙළඹවීමක් කරන බවය. මිතුරෙකු නිෂ්පාදනය ගැන සෑහිමට පත්වීම බලවත් ස්ථිර කිරීමක් වේ.

දෙවියන්වහන්සේගේ යහපත්කම ගැන අපගේ පුද්ගලික අත්දැකීම්…

ප්‍රේමයද මුදල්ද

අයර්ලන්ත කවියෙකු වූ ඔස්කාර් වයිල්ඩ් කීවේ “මා තරුණ කාලයේදී සිතුවේ මුදල් යනු සියලු දේ කියායි. දැන් මම මහලුව සිටින හෙයින් එය එසේ බව දනිමි” යනුවෙනි. නමුත් ඔහු එසේ කීවේ කටට ආ පළියටය. ඔහු ජීවත් වූයේ වයස අවුරුදු හතලිස් හයක් වන තුරු පමණී. එම නිසා ඔහු සත්‍ය වශයෙන්ම මහලු නැත. ඒ හෙයින් මුදල් ජීවිතය නොවන බව වයිල්ඩ් දැන ගත්තේය.

මුදල් තාවකාලිකය.…

අබිලි ද්‍රව්‍ය තුළින් වස්තුවක් කරා

බෙගෝටා නගරයේ දුගී ප්‍රදේශයක කන්දක් මුදුණක අබිලි ද්‍රව්‍ය එකතු කරන මනුෂ්‍යයාගේ නිවස පිහිටා තිබේ. එම නිවසෙහි ඇති කිසි දෙයක විශේෂත්වයක් නැත. නමුත් කොලොම්බියාවේ අගනුවර ඇති කැපී නොපෙනෙන මෙම නිවාසයෙහි පොත් 25000 ක් ඇති නිදහස් පුස්තකාලයක් තිබේ. ඒවා විසිකර දමා තිබූ සාහිත්‍ය පොත්ය. ජොස් ඇල්බර්ටෝ ගුටාරෙෂ් තම අසල්වාසී දුගී දරුවන් වෙනුවෙන් ඒවා එකතුකර පිළිවෙලට තැබීය.

අවට දරුවෝ සති අන්තයේ පුස්තකාල වෙලාවට…