ප්‍රවර්ගය  |  Uncategorized

සතුන්ගෙන් අසන්න

අපගේ මුණුපුුරු මිණිපිරියන් අධික ප්‍රීතියට පත් වූයේ රාජාලියෙකුට සමීපවී නැරඹීමට ඔවුන්ට හැකිවීම නිසාය. ඔවුන්ට ඌ අතගෑමටද හැකියාව ලැබුණි. සත්ව උද්‍යාන සේවිකාව ඇයගේ අතෙහි වසා සිටි විශාල පක්‍ෂියා ගැන විස්තර කරන විට මා පුදුම වූයෙමි. උගේ තටු දෙක දිග හැරිය විට අඩි හයහාමාරක් පමණ දිග වුවද උගේ කුහර සහිත කටු නිසා බර රාත්තල් අටක් පමණය.

මට එය මතක් කළේ වැවක් ඉහළින්…

උන්වහන්සේ අපගේ බර ඉසිලූ සේක

ජල බිල්පත් පුදුමාකාර ලෙස වැඩිවීම අසාමාන්‍ය නොවේ. උතුරු කැරොලිනාවේ කිරන් හීලිට ලැබුණු ජල බිල්පත හදවත නවතින වර්ගයේ එකකි. බිල පැවසුවේ ඔහු ඩොලර් මිලියන 100 ක් ණය බවය. පෙර මාසයේ එතරම් ජලය භාවිතා නොකළ බව ඔහුට ස්ථිර විය. එහෙයින් ඔහු විහිළුවට මෙන් ඇසුවේ කොටස් වශයෙන් එය ගෙවන්නට පුලුවන්ද කියාය.

ඩොලර් මිලියන 100 ක ණයක් තිබීම දරාගත නොහැකි බරකි. නමුත් පාපය නිසා…

උන්වහන්සේගේ හස්තයෙහි ආරක්‍ෂාව

පිටත කාලගුණය තර්ජනාත්මක විය. ජල ගැල්මක් එන බවට මාගේ ජංගම දුරකථනයට අනතුරු ඇඟවීමේ පණිවුඩයක් ආවේය. දරුවන් ගෙන යාම පිණිස අසාමාන්‍ය වාහන සංඛ්‍යාවක් අප නිවස අසළ බස් නැවතුම් පළ අවට සැරි සැරීය. බසය පැමිණෙන විට වර්ෂාව පටන් ගත්තේය. එක් ස්ත්‍රියක් තම රථයෙන් බැස කුඩයක් ඉහළා ගන්නවා මම දුටුවෙමි. ඇය කුඩා දැරියක් සමීප කර ගෙන ඇයව වර්ෂාවෙන් ආරක්‍ෂා කර ගෙන වාහනය වෙත…

යේසුස්වහන්සේ ගැන කථා

කුඩා අවධියේදී මා ගමේ කුඩා පුස්ථකාලයට යෑමට ආශා කළෙමි. එක් දිනක් මම යෞවන වැඩිහිටි අංශයේ පොත් රාක්කය දෙස බලමින් සිටියෙමි. සියලු පොත් කියවීමට මට හැකි යැයි මම සිතා සිටියෙමි. මාගේ උනන්දුව නිසා මට එක් වැදගත් දෙයක් අමතක විය. එනම් රාක්ක වලට නිතිපතා අළුත් පොත් එකතු වන බවයි. මම දැඩි උත්සාහයක් ගත්තද පොත් ගණන ඉතා වැඩි විය.

අලුත් පොත්වලින් රාක්ක දිනපතා…

තමන්ට වෙඩි තබන්නන්ට ගායනා කිරීම

මත්ද්‍රව්‍ය ප්‍රවාහණය නිසා පිරිමින් දෙදෙනෙකු මරණ දඬුවම ලැබ දශකයක කාලයක් සිර ගෙදර සිටින විට ඔවුන් කෙරෙහි යේසුස්වහන්සේ තුළ ඇති දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔවුහු දැන ගත්තෝය. ඔවුන්ගේ ජීවිත වෙනස් විය. වෙඩි තබා මැරීමට නියම වූ දින පැමිණි විට ඔවුන් "විශ්මපත් අනුග්‍රහය" යන ගීතිකාව ගායනා කරමින් ස්වාමින්ගේ යාච්ඤාව කියමින් ඝාතකයන්ට මුහුණ දුන්හ. දෙවියන්වහන්සේ කෙරෙහි වූ ඔවුන්ගේ විශ්වාසය සහ ආත්මයාණන්ගේ බලය කරණකොට ගෙන අප්‍රතිහත…

වචනවලට වඩා බොහෝ දුරින්

අප්‍රිකාවේ දේශීය බසකට පරිවර්තනය වූ බයිබලයක් මුදා හැරීමේ උත්සවයකදී ඒ ප්‍රදේශයේ නායකයාට ඔහුගේ පිටපත පිරිනැමුණි. ඔහු එය අගය කරමින් එය ඉහලට ඔසවා "දෙවියන්වහන්සේ අපගේ භාෂාව දන්නා බව අපි දැන් දන්නවා. අපගේ මව් භාෂාවෙන් අපට දේව වචනනය කියවන්න පුළුවන්" කියා කෑ ගැසීය.

අපගේ භාෂාව කුමක් වුවද දෙවියන්වහන්සේට එය වැටහේ. නමුත් බොහෝ විට අපගේ ගැඹුරු ආශා උන්වහන්සේට ඉදිරිපත් කරන්න අපට නොහැකි වේ.…

අපගේ ගී ගයන පියාණන්

මටත් මගේ භාර්යයාවටත් දරුවන් ලැබෙන්න ප්‍රථමයෙන් ගායනය කෙතරම් වැදගත් වනු ඇද්ද කියා කිසිවෙකු මට කියා නැත. මගේ දරුවන්ගේ වයස දැන් හය, අට සහ දහය වෙති. දරුවන් තිදෙනාටම නිදා ගැනීමේ ගැටළුවක් තිබුණි. සෑම රාත්‍රියකම මාත් මාගේ භාර්යයාවත් අපගේ දරුවන් නැළවීමේ කාර්යයේ යෙදුනෙමු. ඔවුන් ඉක්මණින් නින්දට යන ලෙසට යාච්ඤා කළෙමු. තොටිල්ල පදවමින්ද ඔවුන්ව ඉක්මණින් නිදි කරවීමට නැලවිලි ගී ගයමින්ද පැය සිය ගණනක්…

සියල්ලන්ට උණුසුම් පිළිගැනීමක්

මෑතක නිවාඩු කාලයකදී අපි ගිය සංචාරයක් තුළ මාත් මාගේ භාර්යාවත් සුප්‍රසිද්ධ මලල ක්‍රීඩා සංකීර්ණයක් නැරඹීමට ගියෙමු. ගේට්ටු සම්පූර්ණයෙන් විවර වී තිබුණි. ඉන් පෙන්නුම් වූයේ එය නැරඹීමට අපව පිළිගන්නා බවයි. අප පිට්ටනිය පුරා ඇවිද තණකොළ පිළිවෙලට කපා තිබූ දර්ශන භුක්ති වින්දෙමු. අප පිටවීමට යන විට කෙනෙකු අප නවතා අප එතැනට ඇතුල් විය නොයුතුව තිබුණේ යයි කේන්තියෙන් පැවසුවේය. හදිසියේම අපට අප පිටස්තරයන්…

ටුවින්කල්

"ටුවින්කල් ටුවින්කල් ලිට්ල් ස්ටාර්" යනු ඉංග්‍රීසි නැළවිලි ගීතයකි. එහි පදමාලාව මුලින් ගන්නා ලද්දේ ජේන් ටේලර්ගේ කවියකිනි. එය දෙවියන්වහන්සේගේ විශ්වයේ අලංකාරය කියා පාන්නේ ඉතා ඉහළින් එල්ලා තබා ඇති තරකා ගැන සඳහන් කරමිනි. ඉඳහිට පළවන පසුව එකතු කරන ලද පදවල තාරකාව මග පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කරන්නේය. "කළුවරේ ගමන් කරන්නෙකුට ඔබගේ දීප්තිමත් කුඩා ආලෝකය ආලෝකයක් දෙන්නේය".

පාවුල් තුමා පිලිප්පියේ සිටින ඇදහිලිවතුන්ට අභියෝග කරන්නේ…

කවදාටවත් වැඩිය හොඳය

මුළු දවසම වෙහෙසවී සිටි ධීවරයින් පිරිසක් ස්කොට්ලන්තයේ ආපන ශාලාවක රැස්වී සිටියහ. තමන් ඇල්ලූ මසුන් ගැන කෙනෙක් තම මිතුරාට කියමින් සිටින විට ඔහුගේ අත වීදුරුවක වැදුණි. එහි තිබූ බීම සුදුපාට බිත්තියේ තැවරී විශාල පැල්ලමක් ඇති කළේය. ඔහු ආපනශාලා හිමියාගෙන් සමාව ඉල්ලා පාඩුව ගෙවීමට පොරොන්දු විය. නමුත් ඔහුට කළ හැකි කිසිවක් නොවීය. බිත්තිය විනාශ වී හමාරය. ඒ අසළ සිටි පුද්ගලයෙකු "භය වෙන්න…