සතුටු සිතින් දෙන අය
අතීතයේදී අප සභාව තුළ දෙවියන්වහන්සේ කළ සියල්ල සිතා බැලීමෙන් පසු අපගේ නායකයෝ සමූහනයට සේවා සැපයීමට අළුත් ක්‍රීඩාගාරයක් සෑදීමට යෝජනා කළෝය. නායක කණ්ඩායම දැන්වූයේ පළමුවෙන් තමන් මුදල් පොරොන්දු පත්‍ර අත්සන් කරන බවය. මම මුලින් යාච්ඤා කළේ ආත්මාර්ථකාමී සිතකිනි. ඒ අප දැනටම පොරොන්දු වී ඇති මුදල් වලට වඩා දීමට අකමැති බවය. කෙසේ වෙතත් ක්‍රියාත්මක වෙමින් තිබූ ව්‍යාපෘතිය ගැන යාච්ඤා කිරීමට මාත් මාගේ…
අපි යේසුස්වහන්සේ දකින්ට කැමැත්තෙමු
අවමංගල්‍යය උත්සවයක මා හට යාච්ඤා මෙහෙය වීමට සකසා තිබූ යාච්ඤා කූඩුවේ සිට බලද්දී "මහතාණෙනි, අපි යේසුස්වහන්සේ දකින්ට කැමැත්තෙමු" (යොහන් 12:21) යනුවෙන් සඳහන් කර තිබූ පිත්තල පතුරක් දුටුවෙමි. අප කඳුළෙන් සහ සිනහවෙන් සමරන මෙම ස්ත්‍රිය තුළ යේසුස්වහන්සේ දුටු බව මතක් කිරීම කෙතරම් සුදුසුදැයි මම කල්පනා කළෙමි. ඇයට අභියෝග සහ බලාපොරාත්තු කඩවීම් පැමිණියද ඇය ක්‍රිස්තුස්වහන්සේ තුළ තබා තිබූ ඇදහිල්ල කිසි දිනෙක අත්…
නොනවතින ප්‍රීතිය
අපට අවශ්‍ය ලෙස කාරණ සිදුවීමෙන් අපට ප්‍රීතිය ලැබේ යයි බොහෝ විට අපි අසා ඇත්තෙමු. එය සත්‍යයක් නොවේ. එම මතය දිව යන්නේ හිස්කම කණස්සල්ල සහ සිත් තැවුලටය.
විනෝදය සොයා ගොස් යථාර්ථයෙන් මිදීමට උත්සාහ දරණ සෙනග ගැන මහා කවි ඩබ්. ඩබ්. ඕඩන් ලීවේය. ඔහු ඔවුන් ගැන ලීවේ "අවතාරවලින් ගහණ වනාන්තරයක තනිවූ/ රාත්‍රියට භියවූ දරුවන්/ කවදාවත් ප්‍රීතියෙන් නොසිටි සහ යහපතක් නොකළ අය ලෙසය.…
අප කෙරෙහි ඇති දෙවියන්වහන්සේගේ සැලකිල්ල
මාගේ මුණුපුරෝ තනිව ඇඳුම් ඇඳ ගැනීමට කැමතිය. සමහර විට ඔව්හු කමිස කණපිට අඳිති. බොහෝ විට පොඩි මුණුපුරා තම සපත්තු වැරදි කකුළට දමා ගනිති. ඔවුන්ගේ වැරදි පෙන්වීමට මට සිත නොදේ. ඊටත් වඩා ඔවුන්ගේ අහිංසකකම මට ජ්වලිතයක් දෙන්නේය.
ඔවුන්ගේ දෑස්වලින් ලෝකය දෙස බැලීමට මම ආශා කරන්නෙමි. ඔවුන්ට සැම දෙයක්ම අලුත් විනෝදයකි. වැටුණු ගසක එහා මෙහා ඇවිදීම හිරු රශ්මියේ තපින ඉබ්බෙකු දෙස ඕනැකමින්…
අපගේ නිවස අපට පෙන්වන යාච්ඤාව
මා කුඩා පිරිමි ළමයෙකු කාලයේ ඉගෙන ගත් එක් යාච්ඤාවක් නම් "ස්වාමිනී, දැන් නින්දට යාමට මම වැතිරෙමි. ස්වාමිනි මාගේ ආත්මය ආරක්ෂා කරන්නැයි ඔබවහන්සේට කියමි" යන්නයි. එම යාච්ඤාව මම ඉගෙන ගත්තේ මාගේ දෙමව්පියන්ගෙනි. මාගේ පුත්‍රයා සහ දියණිය කුඩා කාලයේ මම ඔවුන්ටද එය ඉගැන්වීමි. දරුවෙක් ලෙසට නිදා ගැනීමට පෙර එම වචන කියා දෙවියන්වහන්සේගේ හස්තයට භාරවීම මට විශාල සහනයක් ගෙන දුන්නේය.
බයිබලයේ යාච්ඤා පොත…
සම්පූර්ණ වෙමින් පවතීද නැත්නම් සම්පූර්ණද
යම් කාර්යයක් අවසන් කිරීමෙන් අපට තෘප්තියක් ලැබේ. උදාහරණයක් ලෙස මාගේ වගකීම් එක තත්ත්වයක සිට තවත් තත්ත්වයකට මාරුවේ. ඒ "සම්පූර්ණ වෙමින් ඇත" සිට "සම්පූර්ණයි" යන ලෙසය. "සම්පූර්ණයි" යන බොත්තම එබීමට මම ඉතා ආශා කරමි. පසුගිය මාසයේ එය ඔබන විට මම කල්පනා කළේ අදහිල්ලේ අසීරු තැන්ද එසේ කළ හැකි නම් කියාය. කිතුණු ජීවිතය සෑම විටම "සම්පූර්ණ වෙමින් තිබේ" යයි අපට පෙනේ. කිසි…
විශ්මිත මැවුම්කරුවාණෝ
නවක ඡායාරූප ශිල්පියෙකු ලෙස මාගේ කැමරාවෙන් දෙවියන්වහන්සේගේ මැවිල්ලේ ඡායාවන් ග‍්‍රහණය කිරීමට මම කැමති වූයෙමි. සෑම සුමුදු මල් පෙත්තකද සූර්යයා නැගීමේ සහ බැසීමේ විශ්මයජනක බවද පින්තාරු කර ඇති අහස් තලයෙහිද මම උන්වහන්සේගේ අඟිලි සළකුණු දකිමි.
මාගේ කැමරාවේ විශාල කර පෙන්වීමේ හැකියාව නිසා ස්වාමින් මැවූ සත්වයන්ගේ ඡායාරූප ගැනීමට පවා මට හැකිවේ. හඬ නගන ලේනුන්ද චෙරිමල් ගස්ද මලින් මලට පියාඹා යන සමනලුන්ද මුහුදේ…
ආකාශ උද්‍යානය
ලංඩනයේ සිටින කාලයක මාගේ මිතුරෙකු මටත් මාගේ භාර්යාව වන මාර්ලීන්ටත් ආකාශ උද්‍යානය නැරඹීමට යාමට අවස්ථාවක් සළසා දුන්නේය. ලංඩන් ව්‍යාපාරික ප‍්‍රදේශයේ තට්ටු 35 ක ගොඩනැගිල්ලක් මුදුනේ ආකාශ උද්‍යානය පිහිටා තිබේ. එය වීදුරුවලින් වට කර ඇති වේදිකාවකි. එහි ගස් වර්ග පැල වර්ග සහ මල් පිරී පවති. නමුත් අපගේ සිත් ගත්තේ ආකාශයයි. අපි අඩි 500 කට වඩා උසක සිට පහත බැලිමු. ශාන්ත පාවුල්…
යේසුස්වහන්සේ අත දිගු කරන සේක
සමහර විට අපේ ජීවිත කාර්ය බහුල වන්නේය. පංති අසීරුය. වැඩ වෙහෙස ගෙන දෙන්නේය. නාන කාමරය පවිත‍්‍ර කළ යුතුය. කෝපි සාදයක් අත ළඟය. දිනකට බයිබලය විනාඩි කිහිපයක් කියවා අනික් සතියේ දෙවියන්වහන්සේ සමග වැඩි කාලයක් ගත කරමියි කියන තැනට මම වැටෙමි. නමුත් මගේ අවධානය වෙනතකට යාමට වැඩි කාලයක් ගත නොවේ. මම දෛනික කාරණාවල ගිලෙන්නෙමි. දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලීමට මට අමතක වේ.
පේතෘස් ජලය මතින්…
හදවතෙහි ඇති බඩගින්න
සමහරක් ස්ථානවලට මගේ ස්වාමි පුරුෂයා සමග යද්දී මම විද්‍යුත් පණිවුඩ බලමින් ගියෙමි. හදිසියේම දේශීය රසකැවිලි සාප්පුවක දැන්වීමක් පැමිණියේය. අප එය පසුකර ගියා පමණි. එකෙණෙහිම මට බඩගින්නක් දැනුණි. තාක්ෂණය අපව ආයතනවලට ඇද ගන්නා ආකාරය ගැන මම පුදුම වීමි.
මම විද්‍යුත් පණිවුඩය වසා දමන විටම දෙවියන්වහන්සේ මාව සමීප කිරීමට කරන අඛණ්ඩ කාරණා ගැන මම මෙනෙහි කලෙමි. මා ඉන්නා ස්ථානය උන්වහන්සේ දන්නා සේක.…