කුමක් වේද?
ඔබටත් මටත් පොදු දෙයක් තිබේ. එනම් අප ජීවත් වන්නේ අවුල්වූ, විකෘතිවූ ලෝකයක වන අතර අප වෙන කිසිවක් දැක නැත. කෙසේ වෙතත් ශාපයට පෙර තිබූ ජීවිතය කෙසේදැයි ආදම් සහ එ්වට නම් මතක ඇති. දෙවියන්වහන්සේ අරමුණු කළ එනම් මරණින්, කරදර වලින් සහ වේදනාවෙන් නිදහස්වූ ලෝකය ඔවුන්ගේ මතකයට නගා ගත හැකිය (උත්පත්ති 3:16-19). වැටීමට පෙරවූ එ්දන් උයනෙහි සාගින්න, විරැකියාව හෝ රෝග නොතිබිණි. දෙවියන්වහන්සේගේ…
සේවක නායකයා
චාරිත‍්‍රානුකූල අප‍්‍රිකානු සමාජ වල නව නායකයෙකු පත්කිරීම ඉතා බැරෑරුම් තීරණයකි. රජෙකු අභාවයට පත්වූ විට මීළඟ නායකයා තේරීමට විශාල ආයාසයක් ගනු ලැබේ. රාජකීය පවුලකට අයත් වීමට අමතරව අනුප‍්‍රාප්තිකයා ශක්තිමත්, නිර්භීත සහ ස්ථානෝචිත ප‍්‍රඥාව ඇති අයෙකු විය යුතුය. ඔවුන් සෙනඟට සේවය කරනවාද නැත්නම් එ්කාධිපතියෙකු වනවාද කියා තීරණය කිරීමට අපේක්ෂකයන්ගෙන් ප‍්‍රශ්න කෙරේ. රජුගේ අනුප‍්‍රාප්තිකයා පාලනය කරන්නෙකු පමණක් නොව සේවය කරන්නෙකුද විය යුතුය.
සාලමොන් වැරදි…
සැඟවුන වස්තුව
මාගේ ස්වාමිපුරුෂයා එක් ක‍්‍රමයකටත් මා තවත් ක‍්‍රමයකටත් කියවමු. ඉංග‍්‍රීසි ඔහුගේ මව් බස නොවන බැවින් ටොම් කියවන්නේ වචනයෙන් වචනය සෙමින්ය. මම ඉක්මණින් කියවාගෙන යමි. එහෙත් ටොම් මට වඩා මතක තබා ගනී. සතියකට පෙර කියවූ දෙයක් පහසුවෙන් ඔහුට කටපාඩමින් කිව හැකිය. පොත වැසූ වේලාවේ සිට තත්පර කිහිපයකින් මාගේ මතකය නැතිවේ.
බයිබලය කියවන විටද ඉක්මණින් කියවීම ගැටළුවකි. පරම්පරා ඇති කොටස් පමණක් නොව මා…
ජීවිතයට පුහුණුවීම
තම ශරීරය සහ මනස උපරිමයටම ගෙන ගිය ස්ත‍්‍රියක මට මෑතකදී හමුවිය. ඇය කඳු නැග, මරණයට මුහුණ දී, ගිනස් වාර්තාවක්ද බිඳ හෙළා තිබේ. ඇයට දැන් වෙනත් අභියෝගයක් ලැබී ඇත. එ් ඇයගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවා හදා වඩාගැනීමය. කඳු තරණයේදී භාවිත කළ ධෛර්යය සහ ඇදහිල්ල දැන් ඇය මාතෘත්වය තුළට වගුරුවන්නීය.
1 කොරින්ති පොතෙහි පාවුල් අපොස්තුළුවරයා තරඟයක නියැලෙන ක‍්‍රීඩකයෙකු ගැන කථා කරයි. එකිනෙකා…
දකින දේවල්
විශේෂ උත්සවයකට මාගේ නිවස පිරිසිඳු කරන විට, එන අමුත්තෝ මා පවිත‍්‍ර කරන දේ නොව මට අතපසු වනදේ දකින බව සිතා මම අධෛර්යමත් වෙමි. එ් සමඟ විශාල දාර්ශනික සහ ආත්මික ප‍්‍රශ්නයක් මනසට එයි: මනුෂ්‍යයින් වඩා ඉක්මනින් හරි දෙයට වඩා වැරදි දෙය දකින්නේ ඇයි? කරුණාවන්තකමට වඩා අපි අකරුණාව මතක තබා ගන්නෙමු. ත්‍යාගශීලී කාරණාවලට වඩා අපරාධ අවධානයට ලක්වේ. අප අවට ඇති අනර්ඝ අලංකාරයට…
උරුමයක් තබා යන්න
මාර්ග සංවර්ධන අධීක්ෂකවරයෙකු රිය අනතුරකින් මිය ගිය විට ඔහුගේ පවුලේ අයට, හවුල් සේවකයන්ට සහ ගමේ අයට අති විශාල පාඩුවක් දැනිණ. ඔහුගේ ගමේ දේව ගෘහය ඉඩ මදිවූ බැවින් විශාල ශාලාවකට දේහය ගෙන යන ලද්දේය. එම ශාලාව පිරී ඉතිරී යන තරම් හිත මිතුරන් සහ පවුලේ අය එහි විය. පණිවුඩය පැහැදිලිය. "ටිම්" තමන්ටම ආවේනික ක‍්‍රමයකට බොහෝ ජීවිත වලට අතගසා තිබිණ. බොහෝ අයට ඔහුගේ…
නිතර යාච්ඤාකරන්න! අත්නාරින්න!
ඔබ ප‍්‍රශ්නයක් විසඳීමට උත්සාහ කරන විට තවත් ගැටළුවක් මතුවෙන කාලයක් තුළ ඔබ ගමන් කරමින් සිටීද? එය විසඳුන බැවින් රාත‍්‍රියේදී ඔබ ස්වාමීන්වහන්සේට ස්තූති කරයි. එහෙත් උදෑසන නැගිටින විට තව ගැටළුවක් මතුවී ඇති අතර ප‍්‍රශ්නය එසේම තිබේ.
එවැනි අත්දැකීමක් තුළින් ගමන් කරන අතර මම ලූක්ගේ ශුභාරංචිය කියවමින් 18වන පරිච්ඡේදයේ පළමු වචන කිහිපයෙන් විස්මිත වීමි. "තවද ඔවුන් විසින් නොමැළිව නිතර යාච්ඤාකරන්ට ඕනෑ බව…
උන්වහන්සේ පැමිණියේ ඔබ උදෙසාය
ෆ‍්‍රැන්සිස් කෆ්කා (1883-1924) තම නවකථාව වන නඩුව සහ මාළිගය යන කෘතියේ ජීවිතය නිරූපණය කරන්නේ සෙනඟ අනන්‍යතාවක් හෝ වටිනාකමක් නැති හිස් මුහුණු වලින් පිරි සාගරයක් බවට පත් කරන මනුෂ්‍යත්වය නැතිවූ පැවැත්මක් ලෙසය. "ජීවිත ගමන ඔබව ගෙනයයි. කොහේ යනවාදැයි කිසිවෙක් නොදනී. පුද්ගලයා සජීවී සත්ත්වයෙකුට වඩා වස්තුවකි, භාණ්ඩයකි" යනුවෙන් කෆ්කා පවසයි.
තම සේවයේ මුල්කායේදී යේසුස්වහන්සේ නාසරෙතයේ සිගෝගයකට ගොස් සෙනඟ ඉදිරියේ සිටගෙන යෙසායා පොතින්…
උන්වහන්සේගේ නම සඳහන් කිරීම
අපගේ ඉරිදා රැස්වීමේ ගායකයා ගායනය ආරම්භ කළ විට සියල්ලෝ ඔහුට සම්පූර්ණ, නිෂ්චල අවධානය දුන්නෝය. ඔහුගේ ගැඹුරු හඬ ඔවුන් වෙත, ගෝර්ඩන් ජෙන්සන් විසින් ලියන ලද පැරණි ගීතයේ සිත් කාවදින වදන් ගෙනආවේය. එම ගීතයේ මාතෘකාව අප වියපත්වන විට අපට වඩාත් වටිනා වන සත්‍යයක් ගෙන ආවේය. "උන්වහන්සේගේ නම සඳහන් කිරීම තරම් උන්වහන්සේ අපට සමීපය."
අප සියල්ලෝ අපගේ ප‍්‍රියයන්ගෙන් වෙන්වීමේ කාලයන් අත්දැක ඇත. දරුවෙකු…
ඇයගේ පියාගේ සත්තු වත්ත
ඇයගේ පියා කූඩු නැති සත්ත්ව උද්‍යානයක් සඳහා අක්කර 7ක් මිලට ගන්නා විට ජූන් විලියම්ස්ට වයස අවුරුදු 4කි. රැකවල් ඇති ස්ථානයක වුවද නිදහස් හැඟීමකින් වන සතුන්ට ජීවත් වීමට ඉඩ දීමට ඇයගේ පියා කෙතරම් නිර්මානශීලී වූයේද යන්න හැදී වැඩෙන අතර ජූන් දුටුවාය. අද චෙස්ටර් සත්වෝද්‍යානය එංගලන්තයේ වඩාත් ජනප‍්‍රිය වනජීවී ආකර්ෂණයක් වී ඇත. අක්කර 110ක් පුරා විහිදී ඇති වන සතුන් 11,000කට සෙවණ සලසන…