එ් අත්හැර දමා තිබූ පැරණි ලෑලි තුළ චාර්ල්ස් හූපර් විශාල දෙයක් දුටුවේය. බොහෝ කලක් අත්හැර දමා තිබූ බඩ ඉරිඟු ගබඩාවකින් ලෑලි ටිකක් ගලවාගෙන ඔහු සරල සැලසුමක් ඇන්දේය. ඔහු තම වත්තෙහි තිබූ ඕක් ගස් සහ පොප්ලර් ගස් කිහිපයක් කපා ගත්තේය. තම සීයාගේ පොරෝවෙන් ඔහු අමාරුවෙන් එ්වා හතරැස් කළේය. කෑල්ලෙන් කෑල්ල පැරණි ලෑලි සමඟ අලූත් ලෑලි එකතු කළේය.

අද ඔබට චාර්ල්ස් සහ ෂර්ලි හූපර්ගේ අලංකාර ලෙස නිමාකර ඇති ලෑලි ගෘහය නැරඹිය හැකිය. කොටසක් සංචාරක නිවාසයක්ද අනිත් කොටස ඔවුන්ගේ පරම්පරා භාණ්ඩ තබා ඇති කෞතුකාගාරයද වන එම නිවස චාර්ල්ස්ගේ දැක්ම, නිපුණතාව සහ ඉවසීම පෙන්නුම් කරයි.

අන්‍ය ජාතික පාඨක සමූහයට ලියමින් පාවුල් එපීස සභාවට යුදෙව් සහ යුදෙව් නොවන ඇදහිලිවන්තයින් යේසුස්වහන්සේ එ්කත්වයක් ලෙස ගොඩනගන බව පවසයි. එය අලූත් නිර්මාණයකි. “වරක් දුර සිටියාවූ නුඹලා දැන් ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ ලෙය කරණකොටගෙන ළං කරනු ලැබුවහුය” (එපීස 2:13). මෙම අලූත් ගොඩනැගිල්ල “ප්‍රේරිතයන්ගේත් ප්‍රොපේතවරුන්ගේත් අත්තිවාරම පිට ඉදිකරනු ලැබ සිටින්නහුය. ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේම එහි කොණේ ප‍්‍රධාන ගලව සිටිනසේක. උන්වහන්සේ තුළ මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතුකරනු ලදුව ස්වාමීන්වහන්සේ තුළ ශුද්ධවූ මාළිගාවක්ව සැදීගෙන යන්නේය” (20-21 පද).

අදද එම කාර්යය අඛණ්ඩව සිදුවේ. දෙවියන්වහන්සේ අපගේ ජීවිත වල කැඩුණු බිඳුනු ස්වභාවය ඉවත්කර කලින් කැඞී බිඳී සිට මුදාගත් සෙනඟ සමඟ අප සම්බන්ධ කර ඉවසීමෙන් අපගේ රළුතැන් අහක් කරනසේක. උන්වහන්සේ තම වැඩයට ආශාකරනසේක.