සැඟවුනු මොළය යන තම ග‍්‍රන්ථයේ රචක ෂන්කර් වේදන්තම්, විනෝදයට පිහිනීමට ගිය ගමනක් ගැන ලියයි. එදින ජලය නිශ්චලව පැහැදිලිව තිබිණ. ඉක්මනින් සෑහෙන දුරක් පිහිනීම ගැන ඔහුට උඩඟුකමක් දැනින. තමා ශක්තිමත් යැයි ඔහු සිතීය. ඔහු මෝය කටින් සාගරයට පිහිනීම ආරම්භ කළේය. එහෙත් නැවත ආපසු ඒමට උත්සාහ කරනවිට ඔහුට ඉදිරියට යාමට නොහැකි විය. මුහුදු රැල්ලෙන් ඔහු රැවටී සිටීයේය. පිහිනීම පහසුවී තිබුණේ ඔහුගේ ශක්තිය නිසා නොවේ. රැල්ලේ ක‍්‍රියාකාරිත්වය නිසාය.

දෙවියන්වහන්සේ සමඟ අපගේ සබඳතාවයේ්දී එවැනි දෙයක් සිදුවිය හැකිය. “රැල්ල සමඟ” යන විට අප සතු ශක්තියට වඩා අප ශක්තිමත් යැයි සිතිය හැකිය. ජීවිතය පහසුවූ විට අප උඩඟුවී අප මත ම යැපීමට පටන්ගනිමු. එහෙත් කරදර ආ විට අප කෙතරම් අසරණද දුර්වලද කියා අපට තේරුම් යයි.

ඉශ‍්‍රායෙල්වරුන්ටද මෙය සිදුවිය. දෙවියන්වහන්සේ යුදමය ජයග‍්‍රහණ, සාමය සහ සමෘද්ධියෙන් ඔවුන්ට ආශිර්වාදකළසේක. එහෙත් තම ශක්තියෙන් එ්වා ලබාගත්තේ යැයි සිතා ඔව්හු උඩඟුවී තමන් ස්වයංපෝෂිත යැයි සිතුවෝය (ද්විතීය කථාව 8:11-12). දෙවියන්වහන්සේ තවදුරටත් තමන්ට අවශ්‍ය නැතැයි කල්පනා කර ඔව්හු තම මාර්ගයේ ගියෝය. සතුරා පහරදුන් කල දෙවියන්වහන්සේගේ උපකාරය නොමැතිව තමන් කෙතරම් දුර්වලදැයි ඔවුන්ට වැටහින.

ජීවිතය හොඳින් යන විට අපවම රවටා ගැනීමෙන් වැලකීමට අප කල්පනාකාරී විය යුතුවේ. අපට අවශ්‍ය නැති තැනට උඩඟුකම අප ගෙනයනු ඇත. අප සිටිය යුතු තැන තබන්නේ යටත්කම සහ දෙවියන්වහන්සේට කෘතඥවී උන්වහන්සේ කෙරෙහි යැපීම පමණි.