රෝමානු පුරවැසියන්ගේ විනෝදය පිණිස කිතුනුවන් සිංහයන්හට විසිකිරීම 4වන සියවසේ අවසානය වන විට නැවතී තිබිණ. එහෙත් මරණයේ ක‍්‍රීඩා තවදුරටත් පැවතිණ. දිනක් වහලුන් එකිනෙකා මරා ගැනීමට සටන් කරන විට එක් අයෙකු ධෛර්යය ගෙන ඔවුන් මැදට පැන එය නැවැත් වීය.

ඔහුගේ නම ටෙලිමාර්කස්ය. ඔහු කාන්තාර තාපසයෙකු විය. නිවාඩුවට රෝමයට පැමිණි ඔහුට මෙම ජනප‍්‍රිය ලේ හලා ගැනීමේ ක‍්‍රීඩාව දරා ගැනීමට නොහැකි විය. 5වන සියවසේ සභා ඉතිහාසඥයෙකුද බිෂොප්වරයෙකුදවූ තියඩොරෙට්ට අනුව ටෙලිමාර්කස් මැදට පැන මෙම මිනීමරු ක‍්‍රීඩාව නවත්වන ලෙස මොරගැසීය. එහෙත් සෙනඟ ඔහුට ගල් ගසා මරාදැමුවෝය. එකල අධිරාජ්‍යයා වූ ඔනොරියස්ට මෙම දිරිමත් ක‍්‍රියාව ගැන දැනගැනීටම ලැබිණ. ඔහු එම ක‍්‍රීඩාව නවත්වා දැමීය.

සමහරු ටෙලිමාර්කස්ගේ ක‍්‍රියාව ගැන තර්ක කරනවා විය හැකිය. මේ ලේ හැලීම නැවැත්වීමට ගත හැකි එකම පියවර එයද? පාවුල් අපොස්තුළුවරයා තමා ගැනම එවැනි ප‍්‍රශ්නයක් ඇසීය. “අපිත් කුමක්හෙයින් සෑම වේලේම අන්තරායෙහි සිටිමුද?” (1 කොරින්ති 15:30). 2 කොරින්ති 11:22-23 දක්වා ක‍්‍රිස්තුස්වහන්සේට ඇති තමන්ගේ ප්‍රේමය නිසා ඔහුට ලැබුණ පිඩාවන් සමහරක් ලේඛන ගත කරයි. ඉන් බොහෝමයකින් ඔහු මරණයට පත්වන්න ඉඩ තිබිණ. එ් සියල්ල විඳීම වටින්නේද?

පාවුල්ගේ සිතෙහි එ් ප‍්‍රශ්නය විසඳී තිබිණ. සාදාකාලිකව පවතින යමක් වෙනුවෙන් ඉක්මණින් අවසන් වන දේවල් හුවමාරු කර ගැනීම හොඳ ආයෝජනයකි. නැවත නැගිටීමේදී ක‍්‍රිස්තුස්වහන්සේ සහ අන් අය වෙනුවෙන් ගත කරන ජීවිතය කිසි දිනෙක පසුතැවිලි වීමට අවශ්‍ය නොවන සාදාකාලයට පවතින බීජයකි.