වචන හයකින් බලපෑමක් කළ හැකි කථාවක් ලිවිය හැකිදැයි අර්නස්ට් හෙමිංවේ ගෙන් අනසු ලැබීය. ඔහුගේ ප‍්‍රතිචාරය වූයේ “භාවිතා නොකළ ළදරු සපත්තු විකිණිමට ඇත” කියාය. හෙමිංවේගේ කථාව බලවත්ය. ඊට හේතුව හිස්තැන් පිරවීම අප සතු නිසාය. ඒ සෞඛ්‍යමත් දරුවෙක්ට අවශ්‍ය නොවූ පාවහන්ද නැතිනම් යම් ඛේදවාචකයක් සිදුවීද? නැතිනම් දෙවියන්වහන්සේගේ දැඩි පේ‍්‍රමය සහ සහනය අවශ්‍ය වන්නක්ද?

හොඳ කථා අපගේ කල්පනාවට බලපෑම් කරන්නේය. කියන ලද ශ්‍රේෂ්ඨතම කථාන්දරය අපගේ නිර්මාණශීලිත්වය අවුළුවන්නේ ඒහෙයිනි. දෙවියන්වහන්සේගේ කථාන්දරයට ප‍්‍රධාන සැළැස්මක් තිබේ. උන්වහන්සේ සියල්ල මැවු සේක. අප (මිනිස් වර්ගයා) පාපයට වැටුණි. යේසුස්වහන්සේ මෙලොවට පැමිණ මිය ගිය සේක. අපව පාපයෙන් ගැළවීමට නැවත නැගිටුණ සේක. අප දැන් උන්වහන්සේගේ නැවත පැමිණීමද සියල්ලේ ප‍්‍රතිෂ්ඨාපනයද බලාපොරොත්තු වෙමු.

පෙර පැමිණි දේවල් සහ ඉදිරියට ඇති දේවල් දැන ගෙන අප දැන් ජීවත්විය යුත්තේ කෙසේද? යේසුස්වහන්සේ නපුරාගේ ග‍්‍රහණයෙන් මුළු මැවිල්ල ස්ථාපිත කරන්නේ නම් අප “අන්ධකාරයේ ක‍්‍රියා පසෙකට දමා ආලෝකයේ යුද්ධායුධ පැළඳගත යුතු වෙමු” (රෝම 13:12). මෙයට දෙවියන්වහන්සේගේ බලයෙන් අප පාපයෙන් හැරී උන්වහන්සේට සහ අන් අයට පේ‍්‍රම කිරීම තෝරා ගත යුතු වෙමු (8-10 පද).

නපුරට විරුද්ධව යේසුස්වහන්සේ සමග එක්වී සටන් කරන විශේෂිත ක‍්‍රම තීරණය වන්නේ අපට ඇති දීමනා සහ අප දකින අවශ්‍යතා අනුවය. අපගේ සිතීමේ ශක්තිය භාවිතා කර අප අවට බලමු. තුවාලවූ වැලපෙන අය සොයමු. දෙවියන්වහන්සේගේ සාධාරණත්වය පේ‍්‍රමය සහ සහනය උන්වහන්සේ අපට මග පෙන්වන ලෙස ව්‍යාප්ත කරමු.