“ද කෝල්” නමැති ඔස් ගිනෙස්ගේ පොතෙහි ඔහු වින්ස්ටන් චර්චිල් දකුණු ප‍්‍රංශයේ තම මිතුරන් සමග නිවාඩුවක් ගත කළ දිනයක් විස්තර කරයි. ඔව්හු ශීත රාත‍්‍රියක ගිනි තපිමින් උන්නෝය. ගින්දර දෙස බලමින් සිටි අගමැති දුටුවේ පයින් දර පිපිරෙමින් චරස් බරස් ශබ්දය නගමින් පැලී ගිනි ගන්නා ආකාරයයි. එවිට ඔහු ගොරෝසු හඬීන් කීවේ “පිච්චෙනවා මම දන්නවා” කියාය.

අසීරුකම්, කලකිරීම්, භයංකාරත්වයන්, කරදර සහ අපගේ වැරදිවල ප‍්‍රතිඵල අපට පිළිස්සෙන හැඟීම් ඇති කළ හැකිය. තත්ත්වය ක‍්‍රම ක‍්‍රමයෙන් අපගේ සිත්වලින් ප‍්‍රීතිය සහ සමාදානය ටිකෙන් ටික අඩු කරයි. තමාගේ පාපවල ප‍්‍රතිඵල එනම් පිළිස්සීමේ ප‍්‍රතිඵල දාවිත් අත්දකින විට ඔහු ලීවේ “මා නිශ්ශබ්දව සිටි කල, දවස මුළුල්ලේ හඬා මොරගැසීමෙන් මාගේ ඇට ක්ෂයවිය…. මාගේ ඕජස් ගතිය ග්‍රීෂ්ම කාලයේ වියළීම මෙන් විය” (ගිතාවලිය 32:3-4) කියාය.

එවැනි අසීරු අවස්ථාවලදී උපකාරය පිණිස නැත්නම් බලාපොරොත්තුව පිණිස අපි හැරෙන්නේ කොහාටද? සේවයේ බරින් සහ බිඳුණුකමෙන් පිරී සිටි පාවුල් ලීවේ “අපි හැම අතින්ම මඩිනු ලබමුව. එහෙත් හිර නොවී සිටිමුව; වියවුල්ව සිටිමුව, එහෙත් බලාපොරොත්තුවක් නැතුව නොවේය; ලුහුබඳිනු ලබමුව, එහෙත් අත්හරිනු නොලබමුව; හෙළා දමනු ලබමුව, එහෙත් විනාශ නොවී සිටිමුව” (2 කොරින්ති 4:8-9) යනුවෙනි.

එය ක‍්‍රියාත්මක වන්නේ කෙසේද? අප යේසුස්වහන්සේ තුළ විශ‍්‍රාම ලබන විට යහපත් එඬේරා අපගේ ආත්ම ප‍්‍රතිෂ්ඨාපණය කරන සේක (ගීතාවලිය 23:3) අපගේ ඉදිරි ගමන ශක්තිමත් කරන සේක. උන්වහන්සේ අප සමග එම ගමන අවසන් වන තුරු ගමන් කිරීමට බලාපොරොත්තු වන සේක (හෙබ්‍රෙව් 13:5).