මේරි යේසුස්වහන්සේට ප්‍රේම කළද ඇයගේ ජීවිතය අසීරු විය. දැඩි ලෙස අසීරු විය. ඇගේ පුත්‍රයන් දෙදෙනාද වෙඩි තැබීමකින් ඇගේ මුණුපුරන් දෙදෙනාද ඇයට පෙර මිය ගියහ. මේරිද ඇගේ එක් අංශයක් පණ නැති වීමෙන් පීඩා වින්දාය. එහෙත් ඇයට හැකිවූ සෑම විටම ඇය සභා රැස්වීම්වලට පැමිණියාය. එය ඇයට නුහුරු දෙයක් නොවීය. ඇය කැඩි කැඩී කථා කළාය. “මාගේ ප්‍රාණය යේසුස්වහන්සේට ප්‍රේම කරයි. උන්වහන්සේගේ නාමයට ආශිර්වාද වේවා” යන වචන වලින් ස්වාමින්ට ප්‍රශංසා කළාය.

මේරි තම ප්‍රශංසාව දෙවියන්වහන්සේට දීමට බොහෝ කලකට පෙර දාවිත් ගීතාවලිය 63 හි වචන ලීවේය. එහි ඇති මාතෘකාව අපට පෙන්වා දෙන්නේ ඔහු “යූදා දේශයේ කාන්තාරයේ” සිටියදී මෙය ලියූ බවයි. එය බලාපොරොත්තු නොපෙනෙන ආශා නොසිතෙන තත්ත්වයක් වුවද ඔහු අසහනයට පත් නොවීය. ඊට හේතුව ඔහු බලාපොරොත්තු වූයේ දෙවියන්වහන්සේ කෙරෙහිය. “දෙවියන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය. ඔබව උවමනාවෙන් සොයන්නෙමි. වතුර නැති, වියලුණු, වෙහෙස උපදවන්නාවූ දේශයකදී ඔබ කෙරෙහි පිපාසා ඇත්තේය” (1 පදය).

සමහර විට ඔබ ඉන්නේ අසීරු ස්ථානයක මග පෙන්වීමක් හෝ මූලාශ්‍ර හෝ නොමැතිව විය හැකිය. අසීරු අවස්ථාවලට අපව වියවුල් කළ හැකිය. නමුත් අප ප්‍රේම කරන තැනැත්තාණන් මත යැපෙන කල ඒවා අපව නවත්වන්නේ නැත (3 පදය). ඒවා අපව තෘප්තිමත් කරන සේක (5 පදය). උන්වහන්සේගේ දකුණතින් අපව ඔසවන සේක (8 පදය). දෙවියන්වහන්සේගේ ප්‍රේමය ජීවිතයට වඩා යහපත් නිසා මේරි සහ දාවිත් මෙන් දෙවියන්වහන්සේට ප්‍රශංසාවත් ගෞරවයත් ලැබෙන අපගේ තෘප්තිය අපට මුඛයෙන් පැවසිය හැකිය (3-5 පද).