Archives: ජූනි 2023

යාගය මතක් කර ගැනීම

ඉරිදා උදෑසන නමස්කාර මෙහෙයට පසුව දිවා ආහාරය සඳහා මට ආරාධනා කළ අය මාව ක්‍රෙම්ලින් වලින් පිටත වූ ආපන ශාලාවකට ගෙන ගියේය. එහි පැමිණි විට අලුතින් විවාහ වූ යුවළයන් පෝලිමක් මංගල්‍යය ඇඳුම් සමගින් ක්‍රෙම්ලින් තාප්පය අසළ වූ නොදන්නා සොල්දාදුවාගේ සොහොන වෙතට යනවා අපි දුටුවෙමු. ඔවුන්ගේ මංගල්‍ය දිනයේ ප්‍රීතියට ඔවුන් උවමනාවෙන්ම එකතු කර ගෙන සිටියේ එවැනි දිනයක් පැවැත්වීමට උපකාරී වූ අන් අයගේ…

උන්වහන්සේ අපව අලුත්කරන සේක

සංචාරක විධායක නිලධාරියෙක් ලෙස ෂෝන් සිප්ලර් අමුතු ගැටළුවක් සමග පොර බැදුවේය. හෝටල් කාමර වල ඉතිරිවන සබන් කැබලි වලට සිදුවන්නේ කුමක්ද? ඒවා කුණු ගොඩට විසි කර දමනවා වෙනුවට මිලියන ගණනක් සබන් කෑලි වලට නව ජීවයක් ලබා දිය හැකි බව ඔහු කල්පනා කළේය. ඒ හෙයින් ඔහු ලෝකය පවිත්‍ර කිරීම යන ව්‍යාපෘතිය ආරම්භ කරමින් හෝටල් අටදාහක පමණ ප්‍රමාණයකද නැව්වල සහ ගිමන් හල් වලද…

දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ බලය

විශාල කුණාටු සුළං නිසා බලවත් මිසිසිපි ගංගාවේ ගලා බැසීම වෙනස් වූ විට කළ නොහැකි දේවල් සිදු විය. 2021 අගෝස්තු මාසයේ අයිඩා සුළි කුණාටුව ලුයිසානා වෙරළට පැමිණි විට එහි ප්‍රතිඵලය වූයේ “සෘණාත්මක ජල ගලා” බැසීමකි. එහි අර්ථය නම් පැය කිහිපයකට ජලය උඩු අතට ගලා ගිය බවයි.

විශේෂඥයින් ගණන් බලා පැවසුවේ සුළි කුණාටුවක් පවතින කාලය තුළ න්‍යෂ්ටික බෝම්බ දහ දහකට සමාන ශක්තියක්…

ඇසීමෙන් ඇදහිල්ල පැමිණේ

ඔහුගේ කටහඬට බලපෑ තුවාලයක් නිසා සභා පාලක බොබ් වසර පහළොවක විසාදියකින් සහ අර්බූදයකින් පොර බැදීය. කථා කරන්න බැරි සභා පාලක කෙනෙක් කරන්නේ කුමක්ද කියා ඔහු කල්පනා කළේය. එම ප්‍රශ්නය සමග ඔහු පොර බැදුවේය. ඔහුගේ ව්‍යාකූලතාවය සහ දුක දෙවියන්වහන්සේ ඉදිරියෙහි වැගුරුවේය. ඔහු ආවර්ජනය කළේ “මම දැන සිටියේ එක දෙයකි. ඒ දෙවියන්වහන්සේගේ වචනය පසුපස යාමයි” යනුවෙනි. ඔහු බයිබලය කියවීමට කාලය යොදන විට…

පියවරෙන් පියවර

එක් කණ්ඩායමක තිදෙනා බැගින් වූ දුසිමක කණ්ඩායමක් පාද හතරේ තරඟයට සුදානම්ව උරෙන් උර ගැටී සිටියහ. පිට සිටින පුද්ගලයාව මැද සිටින පුද්ගලයාට වර්ණවත් පටිවල ආධාරයෙන් විලුඹ සහ දණහිස් ආසන්නයෙන් බැඳ තිබුණි. සෑම තුන්දෙනාම බලා සිටියේ අවසන් කණුව දෙසය. නලාව ශබ්ද වූ වහාම කණ්ඩායම් ඉදිරියට පැන්නෝය. බොහෝ දෙනෙක් වැටී නැවත නැගිටීමට පොර බැදූහ. ස්වල්ප දෙනෙක් ඇවිදින්නේ නැතුව පැන පැන යාමට තීරණය කළහ.…