බංකු තැනීම ජේම්ස් වොරන්ගේ රැකියාව නොවීය. කෙසේ වෙතත්, ඔහු ඒවා තැනීමට පටන් ගත්තේ, දිනක් ඇමෙරිකාවේ ඩෙන්වර් නගරයේ හි කාන්තාවක් බස් රථයක් එනතුරු කසල ගොඩක වාඩි වී සිටිනු දුටුවාට පසුවයි. එය “අපකීර්තිමත්,” වොරන් කනස්සල්ලට පත් විය. පසුව, විසිඅට හැවිරිදි ශ්‍රම බළකා උපදේශකවරයා පරණ ලී ස්වල්පයක් සොයාගෙන බංකුවක් සාදා බස් නැවතුම් පළේ තැබුවේය. එය ඉක්මනින් භාවිතා විය. ඔහුගේ නගරයේ බස් නැවතුම් ස්ථාන නවදහසෙන් බොහෝමයකට ආසන නොමැති බව වටහා ගත් ඔහු, තවත් බංකුවක් සාදා, පසුව තවත් කිහිපයක් සාදා, ඒ සෑම බංකුවකම “කරුණාවන්ත වන්න” කියා ලීවේය. ඔහුගේ ඉලක්කය? “මට හැකි ඕනෑම ආකාරයකින්, මිනිසුන්ගේ ජීවිතවලට ස්වල්ප වශයෙන් හෝ යහපතක් කිරීමට,” යැයි වොරන් පැවසීය.

අනුකම්පාව එවැනි ක්‍රියාවක් විස්තර කරන තවත් ආකාරයකි. යේසුස්වහන්සේ විසින් ක්‍රියාත්මක කරන ලද පරිදි, අනුකම්පාව යනු වෙනත් කෙනෙකුගේ අවශ්‍යතා සපුරාලීමට ක්‍රියා කිරීමට අපව පොළඹවන තරමට ප්‍රබල හැඟීමකි. බලාපොරොත්තු රහිත මිනිසුන් සමූහයක් යේසුස්වහන්සේව ලුහුබැඳ ගිය විට, “ඔවුන් එඩේරෙකු නැති බැටළුවන් මෙන් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පා…..” කළ සේක (මාර්ක් 6:34). උන්වහන්සේ එම අනුකම්පාව ක්‍රියාවක් බවට පත් කළේ, ඔවුන්ගේ රෝග සුව කිරීමෙනි (මතෙව් 14:14).

අපිත් අනුකම්පාව පැළඳගත යුතුය කියා පාවුල් ඉල්ලා සිටියේය (කොලොස්සි 3:12). ප්‍රතිලාභ කුමක්ද? වොරන් පවසන පරිදි, “එය මාව පුරවයි. එය මගේ ටයර්වල පුරවා තිබෙන වාතය හා සමානය.”

අප වටා සියලු අවශ්‍යතා දෙවියන්වහන්සේ අපගේ අවධානයට යොමු කරවන සේක. එම අවශ්‍යතා අපගේ අනුකම්පාවේ ක්‍රියාවට නැංවීමට අපව පෙලඹවිය හැකි අතර, අන් අයට ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය පෙන්වන විට එම ක්‍රියාවන් ඔවුන්වද දිරිමත් කරනු ඇත.