අප හොඳම ව්‍යාපාරික පුරුදු ගැන සිතන විට අපගේ සිතට පළමුවෙන් පැමිණෙන්නේ දයාවන්තකම, ත්‍යාගශීලිත්වය වැනි ගුණාංග නොවේ. නමුත් ආයෝජක ජේම්ස් රී ට අනුව ඒවා මුලින් පැමිණිය යුතු වේ. මූල්‍ය පරිහානියකට ළංව සිටි සමාගමක ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඔහු පවසන්නේ “හොඳ හිත” “කරුණාවන්තකමේ සංස්කෘතිය” සහ දීමේ ආකල්පයට ප්‍රමූඛත්වය දීම නිසා සමාගම ගළවා ගෙන දියුණුවේ මාවතට එය ගෙන යාමට හැකි වූ බවයි. මෙම ගුණාංග ප්‍රධාන මධ්‍යය ලෙස සැළකූ නිසා සෙනගට බලාපොරොත්තුව සහ පෙළඹවීමද එක්සත්ව අලුත් නිර්මාණ කර ප්‍රශ්න විසඳීමටද හේතු වූ බවයි. රී පැහැදිළි කරන්නේ “හොඳ හිත සත්‍යය වත්කමක් බවත් එය සංයුක්ත වී ව්‍යාප්ත වීමටද හැකි බවත්ය.

දෛනික ජීවිතයේද කරුණාවන්තකම වැනි ගුණාංග නොවැදගත් ස්පර්ශ කළ නොහැකි ඒවා බවත් අපගේ අනෙකුත් ප්‍රමුඛතාවයන් සමග එය දෙවෙනි වන බවත් සිතිය හැකිය. නමුත් අපෝස්තලු පාවුල් ඉගැන්වූ ලෙස එම ගුණාංග ඉතා අවශ්‍ය වේ.

අලුත් ඇදහිලිවතුන්ට ලියමින් පාවුල් අවධාරණය කරන්නේ ඇදහිලිවතුන්ගේ ජීවිතයේ අරමුණ නම් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ මුහුකුරා ගිය සාමාජිකයන් ලෙසට ආත්මයාණන් තුළින් පරිවර්තනය වීම කියාය (එපීස 4:15). ඒ ඉලක්කය අනුව සෑම වචනයක්ම සෑම ක්‍රියාවක්ම වටින්නේ එය අන් අයට ප්‍රයෝජනවත් නම් පමණි (29 පදය). යේසුස්වහන්සේ තුළ පරිවර්තනයක් සිදු විය හැක්කේ කරුණාව දයාව සහ සමාව දීම යන්නට දෛනිකව ප්‍රමූඛත්වය දීමෙන් පමණි (32 පදය).

ශුද්ධාත්මයාණන් අපව ක්‍රිස්තුස්වහන්සේ තුළ අනෙක් ඇදහිලිවන්තයන් වෙත සමීප කරන විට අප එකිනෙකාගෙන් ඉගෙන ගෙන වර්ධනය වී මුහුකුරා යන්නෙමු.