පිලිප්ගේ පියා දරුණු මානසික ආබාධයකට ලක්වී පාරේ ජීවත් වීමට නිවස අත්හැර ගොස් තිබුණි. සින්ඩි සහ ඇගේ තරුණ පුත්‍රයා වන පිලිප් ඔහුව සෙවීම සඳහා දිනක්ම ගත කළ පසුව පිලිප් තම පියාගේ යහජීවනය ගැන කරදර වීම නිවැරදිය. ඔහුගේ පියා සහ නිවාස නැති අනිත් අය උණුසුම්ව සිටිනවා ඇත්ද කියා ඔහු තම මවගෙන් ඇසුවේය. එයට ප්‍රතිචාර වශයෙන් ඔවුහු පොරෝන (බ්ලැන්කට්) සහ ශීත කාලයට අවශ්‍ය කරන ආම්පන්න එකතු කර පළාතේ සිටින නිවාස නොමැති අයවළුන්ට බෙදා දුන්හ. දශකයකට වැඩි කාලයක් සින්ඩි විසින් නිදා ගැනීමට සුදුසු ස්ථානයක් නොමැතිව අසිරුතාවයන්ට මුහුණ දෙන අයට සැළකිම තම ජීවිත සේවාව මෙන් සළකමින් පුතා කළ අවදි කිරීමට සහ දෙවියන්වහන්සේ කෙරෙහි ගැඹුරු ඇදහිල්ලට තැන දුන්නාය.

පුරාණයේ සිටම අන් අයට සැළකීම ගැන බයිබලය අපට උගන්වා ඇත. නික්මයාම පොතෙහි මූලාශ්‍ර අඩුපාඩු ඇති අය සමග ක්‍රියා කිරීමට ප්‍රතිපත්ති කට්ටලයක් මෝසෙස් සටහන් කර ඇත. තව කෙනෙකුගේ අවශ්‍යතාවයක් සපුරාලීම සඳහා අප පෙළඹෙන විට අප එය ව්‍යාපාර කටයුත්තක් මෙන් නොසැළකිය යුතු බවත් එයින් යම් වරප්‍රසාදයක් හෝ ලාභයක් ලබා ගත නොයුතු බවත් සඳහන් වේ (නික්මයාම 22:25). උගසක් ලෙස කෙනෙක්ගේ සළුව අරගත්තේ නම් ඉර බසින විට එය ඔහුට ලබා දිය යුතු වේ. “මක්නිසාද ඒක ඔහුගේ එකම වස්ත්‍රයය…. ඔහු නිදන විට පොරවා ගන්නේ කුමක්ද?” (27 පදය).

වේදනාව විඳින අයගේ වේදනාව තුනී කරන්නේ කෙසේදැයි දකින්න අපගේ ඇස් සහ හදවත විවෘත කරන ලෙසට අපි දෙවියන්වහන්සේගෙන් ඉල්ලමු. සින්ඩි සහ පිලිප් මෙන් බොහෝ දෙනෙක්ගේ හෝ එක් තනි පුද්ගලයෙක්ගේ හෝ අවශ්‍යතා සපුරාලන්න අපි සොයන විට සහ ඔවුන්ට ගෞරවයෙන් සහ සැළකිල්ලෙන් සළකන විට අපි උන්වහන්සේට ගෞරවය ගෙන දෙන්නෙමු.