1957 දී ඔහුගේ නිවස බෝම්බ ප්‍රහාරයකින් විනාශ වීමට දින තුනකට පෙර ආචාර්්‍යය මාර්ටින් ලූතර් කිංට තම ජීවිතයේ ඉතිරි කාලය සනිටුහන් කළ සිද්ධියක් සිදු විය. තර්ජනාත්මක දූරකථන ඇමතුමක් ලැබුණු පසු කිං සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයෙන් ඉවත් වීමට කල්පනා කරමින් සිටියේය. එවිට ඔහුගේ ආත්මයට යාච්ඤාව ඇතුල් වූයේය. “මම මෙහි සිටින්නේ මට නිවැරදි යයි සිතෙන දේවල් වෙනුවෙනි. නමුත් දැන් මම බියෙන් සිටිමි. මට ඉතිරිවූ කිසිවක් නැත. තනිවම එයට මුහුණ දීමට නොහැකි තත්ත්වයකට මම පැමිණ සිටිමි”. ඔහුගේ මෙම යාච්ඤාවෙන් පසුව නිසල ස්ථිරතාවයක් ඇති විය. “ක්‍ෂණිකව මාගේ බිය තුරන් වීමට පටන් ගත්තේය. මාගේ අවිනිශ්චිතභාවය නැති විය. ඕනෑම දෙයකට මුහුණ දීමට මම සුදානම්ව සිටියෙමි” කියා කිං සඳහන් කළේය.

යොහන් 12 හි යේසුස්වහන්සේ “දැන් මාගේ සිත කැළඹෙයි” (27 පදය) යනුවෙන් පිළිගත් සේක. තමන් වහන්සේගේ ඇතුළාන්ත අස්ථිරභාවය ගැන උන්වහන්සේ ඉතා පැහැදිළි ලෙස අවංක වූ සේක. එසේ වූවත් උන්වහන්සේගේ යාච්ඤාව දෙවියන්වහන්සේ මධ්‍යස්ථ කර ගත් එකක් වූයේය. “පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පැමිණෙව්ව මැනව” (28 පදය). යේසුස්වහන්සේගේ යාච්ඤාව දෙවියන්වහන්සේගේ කැමැත්තට භාර වන ආකාරයේ එකකි.

සම්බන්ධතා, පුරුදු හෝ වෙනත් ආකාරයේ යහපත් හෝ අයහපත් දේවල් ගැන දරුණු තීරණ ගැනීමේදී ප්‍රඥාව අවශ්‍ය වෙද්දී දෙවියන්වහන්සේට ගරු කරම්ද නැද්ද යන විකල්පයට මුහුණ දීමට සිදුවන විට බිය සහ අසහනයේ හැඟීම් අපට දැනීම කෙතරම් මනුෂ්‍ය ස්වභාවයක් වන්නේද? අප කුමකට මුහුණ දුන්නත් අපි දෙවියන්වහන්සේට එඩිතරව යාච්ඤා කරන විට උන්වහන්සේ අපේ බිය හා අසහනය ජය ගැනීමට ශක්තිය ලබා දෙමින් අපගේ සහ අන් අයගේ යහපත වෙනුවෙන් උන්වහන්සේට මහිමය ගෙන දෙන දේ සිදු කරන සේක.