අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Mike Wittmer

මයික් විට්මර්

.

මයික් විට්මර් විසින් රචිත ලිපි

සතුරන්ගේ හිස පිට ගිනි අඟුරු ගොඩ කිරීම

සිරගෙදරදී එකම නිලධාරියාගෙන් පහර කෑමට ඩෑන් දිනපතා ලක්විය. යේසුස්වහන්සේගේ පෙළඹවීමෙන් මෙම මනුෂ්‍යයාට ප්‍රේම කිරීමට ඔහුට සිතුණි. එම නිසා එක් උදෑසනක පහරදීම ආරම්භ කිරීමට පෙර “සර් මගේ ජීවිතයේ ඉතිරි මුලු කාලයේදීම මම ඔබව දකින්න යන්නේ නම් අපි මිතුරන් වෙමු” කියා ඩෑන් කීවේය. නමුත් නිලධාරියා කීවේ “නැහැ සර්, අපට කිසි දිනෙක මිතුරන් විය නොහැකිය” කියාය. ඩෑන් බලකර ඉල්ලා සිටිමින් ඔහුගේ අත දිගු…

එය දැන් හිස්ය

අපගේ දෙමව්පියන්ගේ මහ ගෙදරින් අපගේ සහෝදරයන් සහ පවුලේ අය දෙමව්පියන්ගේ බඩු බාහිරාදිය වෙනත් තැන් වලට ගෙන යමින් දවස ගත කළෙමු. සන්ධ්‍යාවේ අගභාගයේ අවසන් භාණ්ඩ ටික ගැනීමට නැවත එහි ගොස් නිවසේ පිටුපස සිට අප ඡායාරූපයකට මුහුණ දුන්නේ ඒ අපගේ පවුලේ ගෙදරට යන අවසන් වතාව බව දැන සිටි හෙයිනි. මගේ මව මා දෙසට හැරී “දැන් එය සම්පූර්ණයෙන්ම හිස්” යයි කියන විට මම…

යේසුස්වහන්සේ පිළිතුර වේ

ඇල්බට් අයින්ස්ටයින්ගේ දේශන චාරිකාවේ තවත් නැවතුමකින් පසු, ඔහුගේ රියදුරු සඳහන් කළේ තමා එම දේශනය ප්‍රමාණවත් තරම් අසා ඇති බවත් එම දේශනය ඔහුටද කළ හැකි බවත්ය. ඔහුගේ පින්තූරය කිසිවෙකු දැක නොතිබූ බැවින් ඊළඟ විද්‍යාලයේදී ඔබ මා හැටියට පෙනී සිටින්න කියා අයින්ස්ටයින් රියදුරුට යෝජනා කළේය. රියදුරු එකඟ වී හොඳ දේශනයක් කළේය. ඉන් අනතුරුව ප්‍රශ්නෝත්තර කාලය එළඹුණි. එක් කලහකාරී විමසුම්කරුවෙකුට, රියදුරු පිළිතුරු දුන්නේ…

එයට යන්න ඉඩ හරින්න

ඔගස්ටින්ගේ ස්ව්‍යං චරිතාපදානයේ පාපොච්චාරණය විස්තර කරන්නේ ඔහු යේසුස්වහන්සේ වෙත පැමිණි දිගු ගමන ගැනය. එක් අවස්ථාවක, ඔහු අධිරාජ්‍යයාට අධික ප්‍රශංසනීය කතාවක් (බොරු හොඳක් කියා පෑමට) කිරීමට මාලිගාවට යමින් සිටියේය. රැවටිලිකාර අත්පොළසන් හඬ ගැන ඔහු කලබල වෙමින් සිටිද්දී බේබදු යාචකයෙකු “විහිලු කරමින් සිනාසෙමින්” සිටිනු දුටුවේය. බොහෝ අඩු උත්සාහයකින් මත්පැන් බීමෙන් තමා බලාපොරොත්තුවූ සතුටක් බේබද්දෙකුට ඇති බව ඔගස්ටීන්ට වැටහුණි. එබැවින් ඔගස්ටින් ලෞකික සාර්ථකත්වය…

අපි තනියම නොවෙයි

ෆෙඩ්රික් බ්‍රවුන්ගේ ත්‍රාසජනක “නොක්” (තට්ටුකරන්න) කෙටිකතාවෙ හි ඔහු මෙසේ ලිවීය, “පෘථිවියේ අවසාන මිනිසා කාමරයක තනිවම වාඩි වී සිටියේය. දොරට තට්ටු කරන ශබ්දයක් ඔහුට ඇසුණේය. “අපොයි! ඒ කවුරුන් විය හැකිද, ඔවුන්ට අවශ්‍ය කුමක්ද?” ඔහුව හමුවීමට පැමිණ ඇති අද්භූත කෙනා කවුරුන්ද? එම මිනිසා තනිවම නොවෙයි. අපිත් එසේමයි...

ලවෝදීකයේ සභාවේ දොරටුවට තට්ටු කරන ශබ්දයක් ඇසුණි (එළිදරව් 3:20). ඔවුන් සඳහා පැමිණි අද්භූත කෙනා කවුරුන්ද? උන්වහන්සේගේ…

ඔබගේ නම කුමක් ද?

ඇගේ පළමු සැමියා මිය ගිය පසු ජෙන් නැවත විවාහ විය. ඇගේ නව සැමියාගේ දරුවන් කිසි දිනක ඇයව පිළි නොගත් අතර, දැන් ඔහුද අභාවප්‍රාප්ත වී ඇති බැවින්, ඔවුන් තම ළමා කාලයේ සිටි නිවසේ රැඳී සිටීමින් ඇයට වෛර කළහ. ඇගේ ස්වාමිපුරුෂයා ඇය වෙනුවෙන් සෑහෙන මුදලක් ඉතිරි කර තිබුණි. ඔහුගේ දරුවන් පවසන්නේ ඇය ඔවුන්ගේ උරුමය සොරකම් කරන බවයි. ජෙන් බොහෝ සෙයින් අධෛර්යමත් වූ…

ප්‍රීතිය තෝරා ගන්න

වෙළඳසැලේ රාක්ක අතර ගමන් කරන විට කීත් නමැති තැනැත්තාට දැනුනේ මානසික වැටීමකි. පාකින්සන් රෝගයේ පළමු රෝග ලක්ෂණ වලින් ඔහුගේ දෑත් වෙව්ලන්නට විය. ඔහුගේ ජීවන තත්ත්වය පහත වැටුණේ කොපමණ කලකට පෙරද? ඔහුගේ බිරිඳට සහ දරුවන්ට මෙයින් අදහස් වන්නේ කුමක්ද? හදිසියෙන්ම ඇසුණු සිනහවකින් කීත්ගේ ශෝකය දෙදරා ගියේය. වෙළඳ සැලේ අර්තාපල් ගොඩක් අසළ, එක් පුද්ගලයෙක් රෝද පුටුවක වාඩිවී සිනාසෙමින් සිටි පිරිමි දරුවෙකුව තල්ලු…

උන්වහන්සේගේ දෑතේ

“ස්ටාර් ට්‍රැක්” (Star Trek) නමැති රූපවාහිනී කතා මාලාවේ විලියම් ෂැට්නර් නැමැති නලුවා කැප්ටන් කර්ක් ලෙස රඟපෑවේය. මෙහිදී ඔහු අභ්‍යවකාශයට යන සැබෑ ගමනක් සඳහා සූදානම්ව නොසිටියේය. නමුත් ඔහු, තමාගේ විනාඩි එකොළහක අභ්‍යවකාශයේ පියාසැරීම හැඳින්වූයේ “මට සිතාගත හැකි වඩාත්ම ගැඹුරු අත්දැකීම” ලෙසය. ඔහු රොකට් යානයෙන් එළියට බැස්ස විට, ඔහු මවිතයට පත් විය, - “නිල් වර්ණය ඔබ ළඟින්ම යනවා දැකීමත් සහ දැන් ඔබ…

ගෙහෙන්නාවෙන් බලාපොරොත්තුව

1979 දී පුරාවිද්‍යාඥ ගේබ්‍රියෙල් බාර්කේ කුඩා රිදී ලියවිලි දෙකක් සොයා ගන්නා ලදී. ලෝහ ලියවිලි සියුම් ලෙස දිග හැරීමට වසර ගණනාවක් ගත වූ අතර, ඒ සෑම එකක්ම හෙබ්‍රෙව් භාෂාවෙන් කැටයම් කරන ලද ගණන් කතාවේ 6:24-26 දක්වා වූ ආශීර්වාද අඩංගු වූ බව සොයා ගන්නා ලදී. “ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකොට නුඹ ආරක්ෂාකරනසේක්වා. ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි බබළවා නුඹට කරුණාකරනසේක්වා. ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ…

දුර්වලකම ශක්තිය වූ විට

යේසුස්වහන්සේට සේවය කළ නිසා ඩෲ නැමැත්තාව, වසර දෙකක් සිරගත කර තිබුණේය. සිරගත කර සිටි කාලය පුරාම නිරන්තර ප්‍රීතියක් අත්විඳින මිෂනාරිවරුන්ගේ කථා ඔහු කියවා තිබූ නමුත් මෙය ඔහුගේ අත්දැකීම නොවන බව ඔහු පාපොච්චාරණය කළේය. ඔහු තම බිරිඳට පැවසුවේ දෙවියන්වහන්සේ තමන්වහන්සේ වෙනුවෙන් දුක් විඳීමට වැරදි මිනිසා තෝරා ගෙන ඇති බවයි. ඇය පිළිතුරු දුන්නේ, “නැහැ. මම හිතන්නේ සමහර විට දෙවියන්වහන්සේ නිවැරදි පුද්ගලයා තෝරා…