ප්‍රවර්ගය  |  Uncategorized

ප්‍රීතිය තෝරා ගන්න

වෙළඳසැලේ රාක්ක අතර ගමන් කරන විට කීත් නමැති තැනැත්තාට දැනුනේ මානසික වැටීමකි. පාකින්සන් රෝගයේ පළමු රෝග ලක්ෂණ වලින් ඔහුගේ දෑත් වෙව්ලන්නට විය. ඔහුගේ ජීවන තත්ත්වය පහත වැටුණේ කොපමණ කලකට පෙරද? ඔහුගේ බිරිඳට සහ දරුවන්ට මෙයින් අදහස් වන්නේ කුමක්ද? හදිසියෙන්ම ඇසුණු සිනහවකින් කීත්ගේ ශෝකය දෙදරා ගියේය. වෙළඳ සැලේ අර්තාපල් ගොඩක් අසළ, එක් පුද්ගලයෙක් රෝද පුටුවක වාඩිවී සිනාසෙමින් සිටි පිරිමි දරුවෙකුව තල්ලු…

ශක්තිමත්ව අවසන් කිරීම

වයස අවුරුදු 103 දී, මාන් කෞර් නම් කාන්තාවක් 2019 පෝලන්තයේ පැවති ලෝක ප්‍රධාන මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඉන්දියාවේ වයස්ගතම ක්‍රීඩිකාව ලෙස තරඟ වැදුණි. කෞර් ඉසව් හතරකදී (හෙල්ල විසිකිරීම, වෙඩි තැබීම, මීටර් 60 දිවීම සහ මීටර් 200 දිවීම) රන් පදක්කම් දිනා ගත්තාය. නමුත් වඩාත්ම පුදුම ජනක දෙය නම් ඇය 2017 ශූරතාවලියේදී දිව්වාට වඩා වැඩි වේගයකින් දිව යාමයි. සිය දෙවන ශතකය කරා දිව…

අවුල් ජාලාවක් මැද කරුණාව

මා නොදැනුවත්වම කෙටි නින්දක් ලබමින් සිටි අවස්ථාවේදී, එය මාව නිමේෂයකින් අවදි කළේය. පහළම මාලයේ සිට, මගේ පුතා ඔහුගේ විදුලි ගිටාරය අධික ශබ්දයකින් වාදනය කළේය. බිත්ති දෝංකාර දුන්නේය. සමාදානයක් නොවීය. නිශ්චලතාවයක් නොවීය. සුව නින්දක් නොවීය. ටික වේලාවකට පසු, සන්සුන් සංගීතයක් මගේ කන්වලට ඇසුණි : මගේ දුව “එමේසින් ග්‍රේස්” (පුදුමාකාර කරුණාව) යන ලස්සන ගීතිකාව තමන්ගේ පියානොවේ වාදනය කිරීමට පටන් ගත්තාය.

සාමාන්‍යයෙන් මම…

මා සිටින ආකාරයට

තරුණියට නිදා ගැනීමට නොහැකි විය. වසර ගණනාවක් ශාරීරික ආබාධයකින් පෙළුණු ඇය පසුදා දේවස්ථානය මගින් උසස් අධ්‍යාපනය සඳහා අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියේ කේන්ද්‍රස්ථානය ගනු ඇත. නමුත් “මම සුදුසු නැහැ,” කියා චාලට් එලියට් තර්ක කළාය. හැරෙමින් පෙරළෙමින්, ඇය ඇගේ අධ්‍යාත්මික ජීවිතයේ සෑම අංශයක්ම ගැන ප්‍රශ්න කරමින්, ඇගේ සුදුසුකම් ගැන සැක කළාය. ඊළඟ දවසේ තවමත් නොසන්සුන් වූ ඇය අවසානයේ පෑන සහ කඩදාසි අතට…

අපේ සියලුම ගනුදෙනුවලදී

1524දී මාර්ටින් ලූතර් මෙසේ නිරීක්ෂණය කළේය: “ඔවුන් අතර වෙළෙන්දන්ට පොදු රීතියක් ඇත, එය ඔවුන්ගේ ප්‍රධාන හැසිරීම් ක්‍රමයයි. . . . මගේ ලාභය ඇතිතාක් සහ මගේ තණ්හාව සංසිඳුවා ගන්නා තාක් කල් මම මගේ අසල්වැසියා ගැන කිසි තැකීමක් නොකරමි.” වසර දෙසීයකට වැඩි කාලයකට පසුව, උතුරු ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේහි මවුන්ට් හෝලි හි ජෝන් වුල්මන් නමැති පුද්ගලයාගේ ඇඳුම් මසන (ටේලර්) සාප්පුවල ගනුදෙනුවලට බලපෑමක්…

එකම ආකාරයට ස්පන්දනය වීම

මැවීමේ ආරම්භයේ සිටම කතාන්දර මිනිසුන්ව ආකර්ශණය කර ගත්තේය. එනම්, මෙම කථා ලිඛිත භාෂාව පැවතීමට බොහෝ කලකට පෙර දැනුම බෙදා හැරීමේ මාර්ගයක් ලෙස ක්‍රියා කළේය. කතාන්දරයක් ඇසීමෙන් හෝ කියවීමෙන් සහ “එකමත් එක රටක” වැනි ආරම්භක පේළි වලින්, වහාම ඇති වන සතුට අපි කවුරුත් දනිමු. කතාවක බලය හුදු රසවින්දනයෙන් ඔබ්බට විහිදෙන බව පෙනේ: එනම්, අපි එකට කතාවකට සවන් දෙන විට, අපගේ හද…

ඔබ බිය වනවිට

මට මෑතකාලීන සෞඛ්‍ය ගැටලු නොතිබුණද, මට නියමිතව තිබූ වෛද්‍ය පරීක්ෂණය ගැන බිය වූයෙමි. බොහෝ කලකට පෙර අනපේක්ෂිත රෝග විනිශ්චයන් ලැබූ අයුරු පිළිබඳ මතකයන් මා බියට පත් කළේය. දෙවියන්වහන්සේ මා සමඟ සිටින බව මම දැන සිටියෙමි. එසේම මා උන්වහන්සේව විශ්වාස කළ යුතු බව දැනගෙන සිටියත්, මට තවමත් බියක් දැනුණි.

මගේ බිය සහ ඇදහිල්ල නොමැතිකම ගැන මා කලකිරුණෙමි. දෙවියන්වහන්සේ මා සමඟ සැමවිටම…

නත්තල් කාඩ්පත පරිපූර්ණයි

බාර්කර් පවුලේ නත්තල් සුබ පැතුම් වීඩියෝව පරිපූර්ණ විය. ලෝගුවලින් සැරසුණු එඬේරුන් තිදෙනෙක් (පවුලේ පුංචි පුතුන්) තණකොළ පිට්ටනියක ගින්නක් වටා රොක් වූහ. හදිසියේම දේවදූතයෙක් කඳු මුදුනෙන් බැස ආවේය - එනම්, ඔවුන්ගේ වැඩිමහල් සොහොයුරියයි, රෝස පැහැති උස සපත්තු හැර, ඈ දීප්තිමත් පෙනුමකින් සිටියාය. හඬ පටයේ ශබ්දය වැඩි වීමෙන් එහි සිටි එඬේරුන් පුදුමයෙන් අහස දෙස බලා සිටියහ. පිට්ටනියක් හරහා ගිය විටදී ඔවුන්ට සැබෑ…

දෙවියන්වහන්සේගේ වචනයේ බලය

1968 වසරේ නත්තලට පෙර දිනයේදී, ඇපලෝ 8 යානයේ ගගනගාමීන් වන - ෆ්‍රෑන්ක් බෝමන්, ජිම් ලවෙල් සහ බිල් ඇන්ඩර්ස් - චන්ද්‍ර කක්ෂයට ඇතුළු වූ පළමු මිනිසුන් බවට පත් වූහ. ඔවුන් සඳ වටා දස වතාවක් ගමන් කළ අවස්ථාවේදී, ඔවුන් චන්ද්‍රයාගේ සහ පෘථිවියේ පින්තූර ලබා ගත්හ. සජීවී විකාශනය අතරතුර, ඔවුන් උත්පත්ති 1 වැනි පරිච්ඡේදය මාරුවෙන් මාරුවට කියවන ලදී. එම සිදුවීමේ හතළිස් වැනි සංවත්සර…

තල්මහ ආච්චි අම්මා

පර්යේෂකයන් විසින් “ග්‍රැනී” එනම් ආච්චි අම්මා ලෙස නම් කර ඇති ඕර්කා වර්ගයේ තල්මසෙකු, පෙනෙන ආකාරයට, ඇගේ මුණුපුරාගේ පුත්‍රයා වූ තල්මස් පැටවාගේ ජීවිතය තුළ ඇයගේ භූමිකාවේ වැදගත්කම දැන සිටියේය. තල්මස් පැටියාගේ මව මෑතකදී මිය ගොස් ඇති අතර, අනාථ වූ තල්මස් පැටියාට ආරක්ෂාව සහ උපකාර නොමැතිව වර්ධනය වීමට තරම් වයසක් තවම නොවීය. නමුත් තල්මස් ආච්චි, වයස අවුරුදු අසූවක් (හෝ ඊට වැඩි) වුවද,…