ප්‍රවර්ගය  |  Uncategorized

මට සීනු හඬ ඇසුණි

“නත්තල් දිනදී මට සීනු හඬ ඇසුණි”, 1863 හෙන්රි ලෝංෆෙලෝ විසින් රචිත කවියකට පාදක වුනු මෙම ගීතිකාව ඇත්තෙන්ම අසාමාන්‍ය නත්තල් ගීතයකි. බලාපොරොත්තු වූ නත්තල් ප්‍රීතිය සහ ප්‍රමෝදය වෙනුවට, ගී පද වැල් විලාපයක් සාදා මෙසේ මොර දෙන්නේය: “බලාපොරොත්තු සුන් වූ මම හිස නමා සිටියෙමි - මිහිපිට සාමයක් නැතැයි මම කීවෙමි - මක්නිසාද වෛරය ප්‍රබල වන අතර - මිහිපිට සාමය, මිනිසුන්ට යහපත යන…

යහපත් දේට ඇලුම් කිරීම

අපි අපේ මෝටර් රථය මිදුලේ නවතා ඒ හරහා ගොස් අපගේ නිවසට යන, සෑම විටම පාහේ තුත්තිරි වර්ගයක්  අපගේ ඇඳුම් වලට ඇළවෙයි. මෙය විශේෂයෙන්ම වර්ෂා කාලයේදී දකින්නට තිබේ. මෙම කුඩා තුත්තිරි ඇඳුම් පැළඳුම්, සපත්තු හෝ ඒ අසලින් යන ඕනෑම දෙයකට සම්බන්ධ වී ඔවුන්ගේ ඊළඟ ගමනාන්තය වෙත ගමන් කරයි. එය මගේ මිදුලේ සහ ලොව පුරා තුත්තිරි බීජ ව්‍යාප්ත කිරීමේ ස්වභාවික ක්‍රමයයි.

මම…

අපේ ආරක්ෂිත ස්ථානය වෙතට දිවීම

හයවන ශ්‍රේණියේ පැසිපන්දු තරඟය හොඳින් ක්‍රියාත්මක වී තිබුණි. දෙමාපියන් සහ ආච්චිලා සීයලා ඔවුන්ගේ ක්‍රීඩකයන්ට ඔල්වරසන් දෙමින් සිටි අතර කණ්ඩායම්වල සිටි ක්‍රීඩකයන්ගේ බාල සහෝදර සහෝදරියන් පාසල් ශාලාවේ විනෝද වූහ. එක් වරම අණතුරු සංඥා නළා නාද වූ අතර, ව්‍යායාම් ශාලාවේ විදුලි පහන් ක්ෂණිකව දීප්තිමත් විය. ගිනිගන්නා බව දක්වන සංඥාවක් ක්‍රියාත්මක කර තිබුණි. වැඩි වේලාවක් යන්නට මත්තෙන් බාල සහෝදර සහෝදරියන් භීතියෙන් යුතුව තම…

බර සැහැල්ලු කරන්න

අපගේ අලුතින් ආරම්භ කළ බයිබල් පාඩම් කණ්ඩායමේ සිටි කාන්තාවන් ඛේදවාචක රාශියකට මුහුණ දුන් විට, අපි ගැඹුරු පෞද්ගලික අත්දැකීම් බෙදාහදා ගන්නා බව අපට තේරුම් ගියේය. පියෙකුගේ වියෝව, දික්කසාදයෙන් පසු විවාහ සංවත්සරයේ වේදනාව, සම්පූර්ණයෙන් බිහිරි දරුවෙකුගේ උපත, හදිසි ප්‍රතිකාර ඒකකයට දරුවෙකු රැගෙන යාම සඳහා ඉතා වේගයෙන් පැමිණීමේ අත්දැකීම වැනි දේ කෙනෙකුට තනිවම කර ගෙන යාමට පහසු කාර්යයන් නොවේ. එක් එක් පුද්ගලයාගේ දුර්වලතාවය වඩාත්…

ක්ෂණික ආහාර දිරිගැන්වීම

මරියා ඇගේ ක්ෂණික දිවා ආහාරය හිස් මේසයක් වෙත රැගෙන ගියාය. ඇය තම ‘බනිස් ගෙඩිය‘ තමාගේ මුඛය වෙතට ගෙන යන අවස්ථාවේදී ඇගේ දෑස් මේස කිහිපයක් ඉදිරියෙන් වාඩිවී සිටි තරුණයෙකුගේ දෑස් දෙසට යොමු විය. ඔහුගේ ඇඳුම් අපිරිසිදු වී තිබුණි, ඔහුගේ හිසකෙස් අවුල්ව තිබුණි, ඔහු හිස් කඩදාසි කෝප්පයක් අල්ලාගෙන සිටියේය. පැහැදිලිවම, ඔහු කුසගින්නේ සිටියේය. ඇයට ඔහුට උදව් කළ හැක්කේ කෙසේද? මුදල් ත්‍යාගයක් නුවණට…

දෙවියන්වහන්සේගේ ස්ථිර ලුහුබැඳීම

මීට වසර කිහිපයකට පෙර, මිනිසෙක් මට ඉදිරියෙන් අඩි 20ක පමණ දුරින් ඇවිද ගියේය. ඔහුගේ දෑත් බඩු-මලු වලින් පිරී ඇති බව මට පැහැදිලිවම පෙනුණි. හදිසියේම, ඔහු පැකිල වැටුන අතර ඔහුගේ අත් වල බඩු-මලුද විසී වී ගියේය. ඔහුගේ අතින් වැටුනු දේ එකතු කිරීමට ඔහුට උදව් කිරීමට කිහිප දෙනෙක් පැමිණි අතර ඔහුගේ දෙපයින් නැඟී සිටීමටද ඔවුහු උදව් කළහ. නමුත් ඔවුන්ට යමක් මග හැරී…

උසස් බලාපොරොත්තු

නත්තලට පෙර කාර්යබහුල දිනක, මගේ නිවස අසල සෙනග පිරි තැපැල් කාර්යාලයේ තැපැල් කවුන්ටරය වෙත වයස්ගත කාන්තාවක් පැමිණියාය. ඇයගේ මන්දගාමී ගමන දෙස බලා සිටි ඉවසිලිවන්ත තැපැල් නිලධාරියා, “හොඳයි, ආයුබෝවන්, තරුණ නෝනා!” යනුවෙන් ඇයට ආචාර කළේය. ඔහුගේ වචන මිත්‍රශීලී විය, නමුත් සමහරුන්ට ඇසෙන පරිදි “වයසින් බාල” යැයි පැවසීම වඩා හොඳ වනු ඇත.

මහලු වයස අපගේ බලාපොරොත්තු දිරිගන්වන බව දැකීමට බයිබලය අපට උගන්වයි.…

දෛනික යැපීම

එක් උදෑසනක අපේ කුඩා දරුවන් උදෑසනම අවදිවී තමන්ගේම උදෑසන අහාර වේල පිළියෙළ කිරීමට තීරණය කළෝය. එම සතිය තුළ බොහෝ වැඩ කටයුතු වලට මුහුණ දී වෙහෙසට පත්ව සිටි මම සහ මගේ බිරිඳ එම සෙනසුරාදා අවම වශයෙන් උදෑසන 7 වන තුරුවත් නිදා ගැනීමට උත්සාහ කළෙමු. එක්වරම යමක් බිම වැටෙනවා වැනි මහත් හඬක් මට ඇසුනි! මම ඇඳෙන් පැන මුළුතැන්ගෙයට දිව ගිය අවස්ථාවේදී, කැඩුණු…

ප්‍රේමයේ වෙහෙස

වෛද්‍ය රෙබෙකා ලී ක්‍රම්ප්ලර් වෛද්‍ය උපාධියක් ලබාගත් පළමු කළු ජාතික ඇමරිකානු කාන්තාවයි. එහෙත් ඇගේ ජීවිත කාලය තුළ (1831-95), ඇය “නොසලකා හරින ලද, සුළු කොට සලකන ලද සහ නොසැලකිය යුතු” කෙනෙක් වූ බව සිහිපත් කරයි. කෙසේ වෙතත්, ඇය සුවය ලැබීමට සහ ඇගේ අරමුණ ඉටු කිරීමට කැපවී සිටියාය. සමහර අය ඇයගේ ජාතිය සහ ලිංග භේදය මත පදනම්ව ඇයව විනිශ්චය කිරීමට තීරණය කළත්,…

නත්තල් ආලෝකය

මගේ ඇස්වලට නත්තල් ගස ගින්නෙන් ඇවිලෙනවාක් මෙන් පෙණුනි! කෘතිම විදුලි පහන් වැල් නිසා නොව නමුත් සැබෑ ගින්නෙන්ය. අපේ පවුලට මිතුරෙකුගේ “පැරණි ජර්මානු ක්‍රමය” අනුව පවත්වනු ලබන උත්සවයකට ආරාධනා කරන ලද අතර එය රසවත් සාම්ප්‍රදායික අතුරුපස සහ සැබෑ, දැල්වූ ඉටිපන්දම් සහිත ගසක් ඇතුළත් උත්සවයකි. (ආරක්ෂාව සඳහා, අලුතින් කපන ලද ගස එක් රාත්‍රියක පමණක් ආලෝකමත් කරන ලදී.)

ගස ඇවිලෙනවා මෙන් දුටු මා…