දෙවියන්වහන්සේගේ වචනය ග්‍රහණය කර ගැනීම
මගේ ලොකු මාමාගේ පැරණි ගොවිපළේ දොර රාමුවේ එල්ලී තිබූ රළු, වාත්තු යකඩ වළල්ලක් ඇමෙරිකාවේ පිහිටි මිනසෝටාහි ශීත ඍතුවට එරෙහිව ශක්තිමත්ව තිබුණේය. අඩි සියයකට වඩා එහායින් කිරි ගබඩාවට තදින් සවිකර තිබූ තවත් වළල්ලක් තිබුණි. හිම කුණාටුවක් ඇති වූ විට, මගේ මාමා නිවස සහ ගබඩාව අතර මාර්ගය සොයා ගැනීමට හැකි වන පරිදි වළලු දෙකම අතර ලණුවක් සවි කළේය. ලණුව මත දැඩි ග්‍රහණයක්…
සහයෝගය වඩාත් යහපත්
තනිව වැඩ කරන මවක් වන මාරිට සභාවේ දේව මෙහෙයක් හෝ බයිබල් පාඩමක් අතපසු වුණේ කලාතුරකිනි. සෑම සතියකම, ඇය තම දරුවන් පස්දෙනා සමඟ බස් රථයකින් දේවස්ථානයට පැමිණ, දේවස්ථානය සැකසීමට සහ පිරිසිදු කිරීමට උදව් කළාය.
එක් ඉරුදිනක සභා පාලකතුමා මාරිට පැවසුවේ දේවස්ථානයේ ඇතැම් සාමාජිකයන් ඇයගේ පවුලට තෑගි ලබා දුන් බවයි. එක් යුවළක් පවුලට අඩු කුලියට නිවසක් ලබා දුන්නෝය. තවත් යුවළක් ඇයට ඔවුන්ගේ…
බැබළීමට අවස්ථා
2020 මාර්තු මාසයේදී, ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ මධ්‍යම උද්‍යානයේ තමාගේ බල්ලා සමග ඇවිදිමින් සිටියදී, විශ්‍රාමික මූල්‍ය විශේෂඥයෙකු වන විට්නි කලින් අසා නොතිබුණු පුණ්‍යායතනයක නමක් සහිත ට්‍රක් රථ, තාර ශීට් මිටි සහ සුදු කූඩාරම්, දුටුවේය. ඒ සෑම එකකම කුරුසියක් සටහන් කර තිබුණි. කණ්ඩායම කෝවිඞ්-19 වයිරසයෙන් පෙළුණු ඔහුගේ සෙසු නිව්යෝර්ක් වැසියන් සඳහා තාවකාලික රෝහලක් ඉදිකරන බව ඔහු සොයාගත් විට, තමාටත් උදව් කළ…
දෙවියන්වහන්සේ තුළ බලාපොරොත්තුව
නිවාඩු සමය ළං වන විට, පෙර නොවූ විරූ ලෙස අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් ගලා ඒම හේතුවෙන් භාන්ඩ බෙදාහැරීම ප්‍රමාද විය. තැපැල් භාන්ඩ බෙදා හැරීමේ වේගය සම්බන්ධයෙන් අපට ඉතා අඩු පාලනයක් ඇති බව අපි දැන සිටි නිසා මගේ පවුලේ අය සාප්පුවට ගොස් භාණ්ඩ මිළදී ගත් කාලයක් මට මතකයි. කෙසේ වෙතත්, මගේ මව කඩිනම් බෙදාහැරීමේ සේවාවක් සඳහා ලියාපදිංචි වූ විට, මෙම අපේක්ෂාව වෙනස්…
දුර්වලකම ශක්තිය වූ විට
යේසුස්වහන්සේට සේවය කළ නිසා ඩෲ නැමැත්තාව, වසර දෙකක් සිරගත කර තිබුණේය. සිරගත කර සිටි කාලය පුරාම නිරන්තර ප්‍රීතියක් අත්විඳින මිෂනාරිවරුන්ගේ කථා ඔහු කියවා තිබූ නමුත් මෙය ඔහුගේ අත්දැකීම නොවන බව ඔහු පාපොච්චාරණය කළේය. ඔහු තම බිරිඳට පැවසුවේ දෙවියන්වහන්සේ තමන්වහන්සේ වෙනුවෙන් දුක් විඳීමට වැරදි මිනිසා තෝරා ගෙන ඇති බවයි. ඇය පිළිතුරු දුන්නේ, “නැහැ. මම හිතන්නේ සමහර විට දෙවියන්වහන්සේ නිවැරදි පුද්ගලයා තෝරා…
ශුභාරංචිය වෙනුවෙන්
එය වසර 1916 වන අතර නෙල්සන් ඔහුගේ උපන් ගම වන (ඇමෙරිකාවේ පිහිටි) වර්ජිනියාවේ වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා තිබුණි. එම වසරේ අගභාගයේදී ඔහු ඔහුගේ විවාහයෙන් මාස හයක් ගතවූ මනාලිය සමඟ චීනයට පැමිණියේය. වයස අවුරුදු විසි දෙකේදී ඔහු අවම වශයෙන් මිලියන දෙකක චීන වැසියන් සිටින ප්‍රදේශයක ඇති එකම රෝහල වන ප්‍රේමය සහ දයාවේ රෝහලේ (Love and Mercy Hospital) - ශල්‍ය වෛද්‍යවරයකු බවට…
සහෝදරියගෙන් සහෝදරයා වෙතට
මට ඇය සමඟ පෞද්ගලිකව කතා කළ හැකිද කියා නායකයෙකු මගෙන් අසන විට, කැරන් නමැති කාන්තාව උපවාස හෝ ඥානකාන්ති මධ්‍යස්ථානයේ උපදේශන කාමරයේ, දෑස් රතුවී කම්මුල් තෙත්වී හඬමින් සිටි බව මම දුටුවෙමි. හතළිස් දෙහැවිරිදි, කැරන් විවාහ වීමට ආශාවෙන් සිටි අතර, මේ වන විට කෙනෙක් ඇය කෙරෙහි උනන්දුවක් දක්වමින් සිටින බව දැන ගතිමි. නමුත් මේ තැනැත්තා ඇගේ කාර්යාලයේ ප්‍රධානියා වූ අතර ඔහුට දැනටමත්…
දිගටම ගමන් කරන්න (වෝක් ඔන්)
වෝක් ඔන් යනු 2007 දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ රෝස් බෝල් ශූර කණ්ඩායම සඳහා බඳවා නොගත් ක්‍රීඩකයෙකු බවට පත් වූ පාපන්දු අත්දැකීමක් නොමැති ශිෂ්‍යයෙකු වන බෙන් මැල්කම්සන්ගේ සිත් ඇදගන්නා මතක සටහන් ය. විශ්ව විද්‍යාල මාධ්‍යවේදියෙකු වන මැල්කම්සන් දුෂ්කර අත්හදා බැලීමේ ක්‍රියාවලිය පිළිබඳ පළමු පුද්ගල වාර්තාවක් ලිවීමට තීරණය කළේය. මෙය හේතුවෙන්, ඔහු කණ්ඩායමේ ගෞරවනීය ස්ථානයක් දිනා ගත්තේය. මෙම විශේෂ පිළිගැනීම, ඔහුට විශ්වාස…
දෙවියන්වහන්සේගේ දූරදර්ශීභාවය විශ්වාස කිරීම
නුහුරු නුපුරුදු ස්ථානයකට අපව රැගෙන යද්දී, GPS නොහොත් ගෝලීය ස්ථානගත පද්ධතියේ දිශාවන් පෙන්වීම වැරදි බව හදිසියේම මගේ සැමියා දුටුවේය. විශ්වාසනීය මංතීරු හතරක අධිවේගී මාර්ගයකට ඇතුළු වූ පසු, පිටවී සමාන්තරව දිවෙන එක් මංතීරුවක “ඉදිරිපස” මාර්ගය ඔස්සේ ගමන් කරන ලෙස අපට උපදෙස් දෙන ලදී. කිසිදු ප්‍රමාදයක් නොදැක්කත්, “මම එය විශ්වාස කරමි,” කියා මගේ සැමියා වන ඩෑන් පැවසීය. කෙසේ වෙතත්, සැතපුම් දහයක් පමණ…
කළුකුන්ගෙන් පලා යාම
වල් කළුකුන් දෙදෙනෙක් ගමේ මංතීරුවේ සිටගෙන සිටියහ. මට කෙතරම් සමීප විය හැකිද? මම කල්පනා කළෙමි. දුවමින් සිටි මා, මගේ වේගය අඩු කර පසුව ඇවිදින්නට පටන් ගෙන ඉන්පසුව ගමන නතර කළෙමි. එය සාර්ථක විය. කළුකුන් දෙදෙනා මා දෙසට හැරී දිගටම පැමිණියහ. තත්පර කිහිපයකින්, මගේ ඉණ දෙසින්ද, පසුව මගේ පිටුපසින්ද ඔවුන්ගේ හිස් වනන්නට විය. එම හොට කෙතරම් තියුණුද? මම එයින් පැන දිව්වෙමි.…