කතාව අවසන් වී නැත
ලයින් ඔෆ් ඩියුටි නමැති බ්‍රිතාන්‍ය නාට්‍යය අවසන් වූ විට, සංවිධානාත්මක අපරාධවලට එරෙහි එහි සටන අවසන් වන්නේ කෙසේදැයි බැලීමට වාර්තාගත සංඛ්‍යාවක් බලා සිටියහ. නමුත් බොහෝ නරඹන්නන්ගේ බලාපොරොත්තු සුන් වූයේ, එය අවසන් වූයේ නපුර ජය ගන්නා ආකාරයෙනි. “මට අවශ්‍ය වුණේ නරක මිනිසුන් නීතිය ඉදිරියට ගෙන ඒමටයි,” එක් රසිකයෙක් පැවසීය. “අපට එම සදාචාරාත්මක අවසානය අවශ්‍ය විය”.
සමාජ විද්‍යාඥ පීටර් බර්ගර් වරක් සඳහන් කළේ…
මිනිසුන්ව අවශ්‍ය පුද්ගලයින්
ක්‍රීඩා ලේඛකයෙකු ලෙස ඔහුගේ වෘත්තියේ ඉහළම තලයට ගොස් සිටි අවස්ථාවේ, ඬේව් කින්ඩ්‍රඬේ ප්‍රධාන ක්‍රීඩා ඉසව් සහ ශූරතාවන් සිය ගණනක් ආවරණය කර තිබූ අතර මොහොමඩ් අලිගේ ජීවන චරිතය ලිවීය. විශ්‍රාම යාමේදී අලසකමක් ඇති වූ ඔහු ප්‍රදේශයේ පාසලක බාලිකා පැසිපන්දු ක්‍රීඩාවලට සහභාගි වීමට පටන් ගත්තේය. වැඩි කල් නොගොස් ඔහු සෑම ක්‍රීඩාවක් ගැනම විස්තර ලිවීමට සහ ඒවා අන්තර්ජාලයේ පළ කිරීමට පටන් ගත්තේය. ඬේව්ගේ…
ජීවමාන ජලය
කැපූ මල් පැමිණියේ ඉක්වදෝරයෙන්ය. මෙම මල් මගේ නිවසට ගෙනෙන විට, ඒවා නැවී, මැළ වී තිබුණි. ප්‍රබෝධමත් සිසිල් ජලයෙන් ඒවා පණ ගන්වන්නැයි උපදෙස්වලින් කියැවිණි. කෙසේ වෙතත්, ඊට පෙර, මල් කඳන්වල කොන් කපා දැමීම කළ යුතු වූයේ ඒවාට ජලය වඩාත් පහසුවෙන් උරා ගැනීමට පුළුවන් වන නිසාය. නමුත් ඒවා නොනැසී තිබේද?
පසු දා උදෑසන මම මගේ පිළිතුර සොයා ගත්තෙමි. මා මින් පෙර කිසිදා…
නොසැළකිලිමත් තීරණ
නව යොවුන් වියේදී, මම උසස් පෙළ පන්තියේ පැසිපන්දු පුහුණුවීම්වලින් පසු මගේ මිතුරාගේ නිවසට යෑමට මා ඔහුගේ පසු පසින් ඉතා වේගයෙන් රිය පදවාගෙන ගියෙමි. දැඩි වර්ෂාවක් නිසා මට ඔහුගේ මෝටර් රථය පසු පසින්ම මගේ මෝටර් රථය පැදවීම අපහසු කාර්යයක් විය. හදිසියෙන්ම, මගේ රථයේ වයිපරය ඉදිරි පස තිබෙන වීදුරුවේ තිබූ වතුර සම්පූර්ණයෙන්ම ඉවත් කළ අවස්ථාවේදී, මගේ මිතුරාගේ සෙඩාන් වර්ගයේ මෝටර් රථය මා…
මනඃකල්පිත ඇදහිල්ල
“බලන්න, සීයා! ඒ ගස් දෙවියන්වහන්සේට අත වනනවා!” එළඹෙන කුණාටුවකට පෙර සුළඟට නැමෙන බර්ච් ගස් (ඉතා විශාල ගස් වර්ගයක්) දෙස අපි බලා සිටියදී, මගේ මුනුපුරාගේ උද්යෝගිමත් නිරීක්ෂණ මට සිනහවක් ගෙනාවේය. ඒ වගේ මනඃකල්පිත ඇදහිල්ලක් මට තිබේද කියා මම මගෙන්ම ප්‍රශ්න කර ගත්තෙමි.
මෝසෙස්ගේ කතාව සහ දැවෙන පඳුර ගැන මෙනෙහි කරමින් එලිසබෙත් බැරට් බ්‍රව්නිං නමැති කිවිඳිය ලිවේ “පෘථිවිය ස්වර්ගයෙන් පිරී ඇත. /…
ඉගෙනීම සහ ආදරය
ස්කොට්ලන්තයේ ග්‍රීනොක්හි ප්‍රාථමික පාසලක, ප්‍රසූත නිවාඩු මත සිටින ගුරුවරියන් තිදෙනෙක් තම ළදරුවන් සති දෙකකට වරක් පාසල් ළමුන් සමඟ එකතුවීම සඳහා පාසලට ගෙන එන ලදී. ළදරුවන් සමඟ සෙල්ලම් කරන කාලය දරුවන්ට සංවේදී වීම, නැතහොත් අන් අය කෙරෙහි සැළකිල්ල සහ හැඟීමක් දැක්වීම උගන්වයි. බොහෝ විට, එක් ගුරුවරියක් පවසන පරිදි වඩාත් ප්‍රතිචාර දක්වන්නේ “ටිකක් අභියෝගාත්මක” සිසුන් ය. “ඒ බොහෝ විට පාසැල් ළමුන් එක…
ගැඹුරු ජලයෙන් ගැළවීම
වර්ෂ 2021 අගෝස්තු මාසයේදී ටෙනසි ප්‍රාන්තයෙහි වේවර්ලි ප්‍රදේශයේ පුරෝකථනය කළ වර්ෂාපතනයට වඩා වාර්තාගත වර්ෂාපතනයක් ඇති විය. බලගතු කුණාටුවෙන් පසු විසි දෙනෙකුට ජීවිත අහිමි වූ අතර නිවාස සිය ගණනක් විනාශ විය. හෙලිකොප්ටර් නියමුවෙකු වූ ජොයෙල් බෝයර්ස්ගේ අනුකම්පාව සහ දක්ෂතාවය නොතිබුණේ නම්, මිනිස් ජීවිත විනාශය මීට වඩා විශාල වන්නට ඉඩ තිබුණි.
තම ආදරණීයයන් ගැන කනස්සල්ලෙන් සිටි කාන්තාවකගේ දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දක්වමින් ගුවන් නියමුවා…
හලෙලූයා!
පුදුමයට කරුණක් නම්, මෙසියස් කථා වස්තුව සඳහා වූ තනුව ලිවීමට හැන්ඩෙල් නමැති තැනැත්තාට ගත වූයේ දින විසිහතරක් පමණි - එය අද ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ සංගීත තනුව වන අතර එය ලොව වටා සෑම වසරකම දහස් වාරයක් සංදර්ශනාත්මකව පවත්වන ලදී. මෙම විශිෂ්ට කෘතිය එහි උච්චතම අවස්ථාවට පැමිණෙන්නේ ආරම්භ වී පැය දෙකකට පමණ පසුව කථා වස්තුවේ වඩාත් ප්‍රසිද්ධ කොටස වන “හලෙලූයා ගායනයෙන්” ය.…
මා අයිති තැන
දෙවියන්වහන්සේගේ ගැළවීමේ කාර්යයේ ශ්‍රේෂ්ඨත්වය සමරන සහ සිහිපත් කරන සාම්ප්‍රදායික යුදෙව් නිවාඩු දිනයක් වන පාස්කු මංගල්‍යය සනිටුහන් කිරීම සඳහා වූ භෝජන සංග්‍රහය අවසානයේ දේවස්ථානයේ සාමාජිකයන් රවුමක සිටිමින් එකට නටමින් ඔවුන්ගේ ප්‍රීතිය ප්‍රකාශ කළහ. බැරී නම් වූ අයෙක් ඉතා ප්‍රීතිමත් සිනාවක් සමඟින් බලාගෙන සිටියේය. ඔහු මෙම අවස්ථාවන්ට කොතරම් ආදරය කරනවාදැයි සඳහන් කරමින්, “දැන්, මෙයයි මගේ පවුල. මේ මගේ ප්‍රජාවයි. මට ආදරය කළ…
නොබෙදුණු නිවසක්
1858 ජූනි 16 වන දින, ඉලිනොයිස් හි එක්සත් ජනපද සෙනෙට් සභාව සඳහා අලුතින් නම් කරන ලද රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස, ඒබ්‍රහම් ලින්කන් ඔහුගේ සුප්‍රසිද්ධ “හවුස් ඩිවයිඩඞ්” නොහොත් “බෙදුණු නිවස” කතාව ඉදිරිපත් කළේය. මෙම කථාවෙන් අවධාරණය වූයේ වහල්භාවය සම්බන්ධයෙන් ඇමරිකාවේ විවිධ කොටස් අතර පැවති ආතතිය ගැනයි. එය ලින්කන්ගේ මිතුරන් සහ සතුරන් අතර කැළඹීමක් ඇති කළේය. මතෙව් 12:25 හි යේසුස්වහන්සේ භාවිතා කළ “බෙදුණු…