ප්‍රවර්ගය  |  Uncategorized

සැහැල්ලුවෙන් ගමන් කිරීම

ජේම්ස් නම් මනුෂ්‍යයෙක් වොෂිංටනයේ සියැටෙල් සිට කැලිෆෝර්නියාවේ සැන් ඩියාගෝ දක්වා එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයේ සැතපුම් 1250 ක් පා පැදියකින් ත්‍රාසජනක ගමනක් ගියේය. ඔහුගේ ආරම්භක ස්ථානයේ සිට සැතපුම් 930 ක් දුරින් පිහිටි බිග් සූර් බෑවුම අසළදී මගේ මිතුරෙක්ට මෙම අභිලාෂකාමි පාපැදි කරුවා මුණ ගැසුණි. මෑතකදී ජේම්ස්ගේ කඳවුරු බැඳීමේ ආම්පන්න කවුරුන් හෝ සොරකම් කර ඇති බව දැන ගත් පසු මගේ මිතුරා…

දෙවියන්වහන්සේ දන්නා සේක

විශාල අසම්පූර්ණ චිත්‍රයක් අගය කිරීමට නතර වූ යුවළක් ඊට යටින් තිබූ විවෘත තීන්ත කෑන් සහ බුරුසු දුටුවෝය. ඕනෑම කෙනෙකුට නිර්මාණය කිරීමට උපකාර කළ හැකි “වැඩ කෙරෙමින් පවතින” දෙයක් යයි උපකල්පනය කර ඔවුහු යම් වර්ණයකින් පාට කර පිටව ගියහ. කෙසේ වෙතත් කලාකරුවා හිතාමතාම නිමි වැඩ ප්‍රදර්ශනයේ කොටසක් ලෙස සැපයුම් එහි තබා තිබුණි. සිද්ධියේ වීඩියෝ දර්ශන දැකීමෙන් පසුව ප්‍රදර්ශන ශාලාව මෙය වැරදි…

වර්ධනය වීමට කැඳවා තිබේ

මුහුදේ ජීවත් වන වේගයෙන් දිය විදින ස්කූවර්ට් යනු අමුතුම ජීවියෙකි. පාෂාණ වලට සහ පිට කටු වලට සම්බන්ධ වී සිටින අතර ඌ රැල්ල සමග සෙලවෙන මෘදු ප්ලාස්ටික් නලයක් මෙන් පෙනේ. පසුකර ගෙන යන ජලයෙන් එහි පෝෂණය උකහා ගනිමින් ඌ කාලයක් ක්‍රියාශීලි යෞවනයෙන් ඈත්ව උදාසීන ජීවිතයක් ගත කරයි.

මෙම ජීවියා ජීවිතය ආරම්භ කරන්නේ ඉස්ගෙඩියෙක් ලෙසය. ආහාර සොයා ගැනීමට සහ හානි වළක්වා ගැනීමට…

ඔබ සුවය ලැබූවාක් මෙන් ජීවත් වන්න

ඉන්දියාවේ සහෝදරියන් දෙදෙනෙක් උපතින්ම අන්ධව සිටියහ. ඔවුන්ගේ පියා වෙහෙස මහන්සි වී වැඩ කරන සැපයුම්කරුවෙක් වූ නමුත් ඔවුන්ට පෙනීම ලබා දෙන ශල්‍යකර්මයක් සඳහා ඔහුට කිසි විටෙකත් වියදම් කිරීමට නොහැකි විය. ඉන්පසුව වෛද්‍යවරුන් කණ්ඩායමක් කෙටි කාලීන වෛද්‍ය කඳවුරක් සඳහා ඔවුන්ගේ ප්‍රදේශයට පැමිණියහ. ඔවුන්ගේ ශල්‍යකර්මයෙන් පසු දින උදෑසන හෙදිය ඔවුන්ගේ වෙළුම් පටි ඉවත් කරන විට එම ළමුන් දෙදෙනා සිනාසුණහ. “අම්මේ මට පේනවා, පේනවා!”…

දෙවියන්වහන්සේ ඔබව දකින සේක

දෙදරු මවක් වූ මගේ මිතුරිය වන ඇල්මාට හිමිදිරි උදෑසන වේදනාකාරී එකක් වුනි. ඇය පවසන්නේ “සියල්ල නිශ්ශබ්ද වූ විට කණස්සල්ල මතුවේ. මම ගෙදර දොරේ වැඩ කරන විට අපගේ මූල්‍ය ගැටළු සහ දරුවන්ගේ සෞඛ්‍යය සහ අධ්‍යාපන කටයුතු ගැන සිතමි” යනුවෙනි.

ඇගේ ස්වාමිපුරුෂයා ඇයව අත්හැර ගිය විට ඇල්මා ඇගේ දරුවන් තනිවම ඇති දැඩි කිරීමේ වගකීම දරා ගත්තාය. “එය ඉතා අපහසුයි. නමුත් දෙවියන්වහන්සේ මාව…

මොනතරම් සොයා ගැනීමක්ද!

2021 දී කිමිදුම් කට්ටලයක් පැළඳ ගෙන දිය යට පිහිනමින් සිටියදී ජෙනිෆර්ගේ දෑස් ගඟක් පතුලේ තිබූ කුඩා කොළ පැහැති බෝතලයක් වෙත යොමු වුනි. ඇය “ජීවිතයේ එක් වරක් සොයා ගැනීමක්” ලෙස විස්තර කරන දෙය හාරා ගත්තාය. 1926 දී ඔහුගේ දහඅට වන උපන් දිනයේදී තරුණයෙක් විසින් ලියන ලද පණිවුඩයක් බෝතලයේ අඩංගු විය. පණිවුඩය සොයා ගත් තැනැත්තා ඔහුට එය නැවත ලබා දෙන ලෙසට එහි…

නිහතමානී සුළු ආහාර වේලක්

කෙටි කෑම පාර්සලය කුඩා වූ නමුත් එය ඇමෙරිකානු මිෂනාරිවරියෙකුට විශාල පාඩමක් ඉගැන්වීය. ඩොමිනික් ජනරජයේ එක් සන්ධ්‍යාවක වැඩ කරමින් සිටි ඇය දේවස්ථානයේ රැස්වීමකට පැමිණ ඇගේ කෑම පාර්සලය විවර කළ විට ඇය ඒ තරම් නොදන්නා කාන්තාවක් ළඟා වී බැදපු අල පෙති කිහිපයක් ගත්තාය. අනිත් අයද එසේම කළහ.

“කොපමණ නොහික්මුණු කමක්ද?” මිෂනාරිවරිය සිතුවාය. ඉන්පසු ඇය නිහතමානී පාඩමක් ඉගෙන ගත්තාය. ඇය සේවය කිරීමට එකඟ වූ…

අනවශ්‍ය අමුත්තන්

කයිල් සහ ඇලිසන් විචිත්‍රවත් ස්ථානයක මනහර මධුසමයක් ගත කළහ. කෙසේ වෙතත් ඔවුන් ආපසු නිවසට පැමිණි විට කයිල්ගේ පාදවල කැසීමත් සමග පලු දමා තිබෙන බව සොයා ගත්තේය. මෙම යුවළ බෝවෙන රෝග විශේෂඥයෙක් වෙතට යොමු කරන ලදී. කයිල්ගේ අලුත් සෙරෙප්පු නිසා ඇති වූ බිබිලි හරහා කුඩා පරපෝෂිතයන් කයිල්ගේ පාද තුළට ඇතුල් වී ඇති බව ඔහු ඔවුන්ට දන්වා සිටියේය. සිහින නිවාඩුවක් ලෙස ඇරඹුණ…

සංචාරයේ කරුණාගුණය

ඔබට ඔබේ ගමන එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඇයි යන අරුත ඇති “වයි”  නම් දූවිලි සහිත නගරයකින් ආරම්භ කළ හැකිය. රට හරහා ගමන් කරද්දී ඔබව ටෙක්සාස් ප්‍රාන්තයේ “අන්සර්ටන්” එනම් ස්ථිර නොවූ යන අරුත ඇති ප්‍රදේශය හරහා ගෙන යනු ඇත. ඊසාන දෙසින් ඔබ නෙසි ප්‍රාන්තයෙහි ඛේදජනක යන අරුත ඇති  ඩිස්මල්  හි විවේකයක් සඳහා නවතිනු ඇත. අවසානයේදී ඔබ ඔබේ ගමනේ අවසානය වන පෙන්සිල්වේනියාවේ…

ප්‍රේමය නොමැතිව නිෂ්ඵලයි

මම විශේෂයෙන් ඇණවුම් කළ මේසයට අවශ්‍ය කොටස් පෙට්ටියෙන් ඉවතට ගෙන ඒවා මා ඉදිරියේ තැබීමෙන් පසුව යම් දෙයක් නිවැරදි නොවන බව මම දුටුවෙමි. මේසයේ අලංකාර ලෑල්ල සහ අනෙකුත් කොටස් සඳහා ගණන් බලා ඇතත් එහි එක් පාදයක් අතුරුදහන් වී තිබුණි. කකුල් සියල්ලම සම්පූර්ණ නොමැති නිසා මට මේසය එකලස් කිරීමට නොහැකි වූ අතර එය නිෂ්ඵල විය.

මේසයක වැදගත් කෑල්ලක් නැති වූ විට එය…