දරුණු අරගලය
1896 දී කාල් ඇකේලී නම් ගවේෂකයෙක් ඉතියෝපියාවේ ඉතා දුර ප්‍රදේශයක සිටිද්දී රාත්තල් අසූවක් බර දිවියෙක් ඔහුව ලුහු බඳින බව දැන ගත්තේය. දිවියා “උගේ දත් මගේ උගුරේ හිර කරන්න” උත්සාහ කරන අයුරු ඔහුට සිහිපත් වුනි. ඌට එය කිරීමට නොහැකි වූ අතර උගේ දරුණු හකු වලින් ඌ කාල්ගේ දකුණු අත අල්ලා ගත්තේය. දෙදෙනාම වැල්ලේ පෙරළී දිගු හා දරුණු අරගලයකට මුහුණ දුනි. ඇකේලි…
විශ්වය සමග පටලවා ගැනීම
1980 ගණන්වල මුල් කාලයේදී දෙවියන්වහන්සේව විශ්වාස නොකළ ප්‍රමූඛ “ග්‍රහ තාරකා” පිළිබඳ විද්‍යාඥයෙක් මෙසේ ලිවීය. “කරුණු පිළිබඳ සාමාන්‍ය බුද්ධිමය අර්ථකථනයකින් පෙනී යන්නේ “සුපිරි බුද්ධියක් තිබෙන කෙනෙක්” භෞතික විද්‍යාව සමග මෙන්ම රසායන විද්‍යාව හා ජීව විද්‍යාවද පටලවා ගෙන (අනාගෙන) ඇති බවයි”. මෙම විද්‍යාඥයාගේ ඇසට සාක්‍ෂිවලින් පෙනී ගියේ විශ්වයේ අපි නිරීක්‍ෂණය කරන සෑම දෙයක්ම යම් දෙයක් විසින් නිර්මාණය කර ඇති බවයි. “සොබා දහම…
පසුතැවිල්ලේ ත්‍යාගය
“නැහැ! මම ඒක කළේ නැහැ” ජේන් තම නව යොවුන් වියේ පුතාගේ ප්‍රතික්‍ෂේප කිරීම ශෝකී හදවතකින් අසා සිටියේ ඔහු පවසන්නේ සත්‍යය නොවන බව ඇය දැන සිටි හෙයිනි. සිදුවූයේ කුමක්දැයි නැවත සයිමන්ගෙන් ඇසීමට පෙර ඇය දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලා යාච්ඤාවක් කළාය. ඔහු දිගින් දිගටම ඔහු බොරු කී බව ප්‍රතික්‍ෂේප කළ හෙයින් අවසානයේ ඇය දැඩි කෝපයෙන් දෑත් එසෙව්වාය. ඇයට විවේකයක් අවශ්‍ය බව පවසමින් ඇය…
ශක්තිමත්ව අවසන් කරන්න
මම මගේ විනාඩි හතළිහක ව්‍යායාමයේ අවසන් මිනිත්තු කිහිපයට අතුළු වන විට මගේ උපදේශකයා
“ශක්තිමත්ව අවසන් කරන්න” යනුවෙන් කෑ ගසන බවට මට සහතික විය හැක. මා දන්නා සෑම පුද්ගලික පුහුණුකරුවෙක්ම හෝ කණ්ඩායම් යෝග්‍යතා නායකයෙක්ම අවසානයට විනාඩි කිහිපයකට පෙර එම වාක්‍ය ඛණ්ඩය භාවිතා කරයි. ව්‍යායාමයේ අවසානය ව්‍යායාම්වලට පෙනී සිටීම තරම්ම වැදගත් බව ඔවුහු දනිති. ඒ වගේම මිනිස් සිරුර යම් කාලයක් චලනය වන…
ආශිර්වාදයක් අසළින් ඇවිදීම
1799 දී දොළොස් හැවිරිදි කොන්රඞ් රීඞ් උතුරු කැරොලයිනාවේ ඔහුගේ පවුලේ කුඩා ගොවිපළ හරහා දිවෙන ඇලේ තිබී විශාල දිලිසෙන ගලක් සොයා ගත්තේය. දුප්පත් සංක්‍රමණික ගොවියෙක් වූ තම පියාට පෙන්වීමට ඔහු එය ගෙදර ගෙන ගියේය. ඔහුගේ පියා ගලේ අධික වටිනාකම තේරුම් නොගත් අතර එය දොර රඳවනයක් ලෙස භාවිතා කළේය. පවුල වසර ගණනාවක් එය අසළින් ඇවිද ගියේය.
අවසානයේ කොන්රඞ්ගේ ගල, ඇත්ත වශයෙන්ම පවුම්…
බෙදා ගැනීම සැමවිටම වටින්නේය
මම යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයෙක් වූ පසුව මම මගේ මව සමග ශුභාරංචිය බෙදා ගත්තෙමි. මම බලාපොරොත්තු වූ පරිදි යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට තීරණයක් ගැනීම වෙනුවට ඇය වසරකට මා සමග කථා කිරීම නැවැත්වූවාය. යේසුස්වහන්සේ අනුගමනය කරන බව කියන මිනිසුන් සමග ඇයගේ නරක අත්දැකීම් නිසා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන් විශ්වාස කිරීමට ඇයට අපහසු විය. මම ඇය වෙනුවෙන් යාච්ඤා කරමින් සතිපතා ඇය වෙත ළඟා…
කැටයම් කරන ලද ශෝකය
දුර්ලභ සහ සුව කළ නොහැකි වූ මොළයේ පිළිකාවක් පිළිබඳව විනාශකාරී රෝග විනිශ්චයක් ගැන දැන ගැනීමෙන් පසුව කැරොලයින් අද්වීථිය සේවාවක් තුළින් නව බලාපොරොත්තුවක් සහ අරමුණක් සොයා ගත්තාය. එනම් බරපතල ලෙස රෝගාතුර වූ දරුවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා ස්වෙච්ඡා ඡායාරූප සේවාවක් පටන් ගැනීමෙනි. මෙම සේවාව මගින් පවුල් වලට ඔවුන්ගේ දරුවන් සමග ගත කළ අගනා අවස්ථාවන්ද ශෝකයේ මෙන්ම “එවැනි ස්ථානවල පවතී යැයි අපි…
සූරියකාන්ත මල් සටන
අපේ අසල්වැසි මුව රංචුවටයි මටයි සූරියකාන්ත මල් ගැන තිබෙන්නේ වෙනස් මත දෙකකි. සෑම වසන්තයකම මම සූරියකාන්ත මල් සිටුවන විට ඒවායේ මල් පිපෙන සුන්දරත්වය පැමිණෙන තුරු බලා සිටින්නෙමි. කෙසේ වෙතත් මගේ මුව මිතුරන් මල්වල වර්ධනය ගැන තැකීමක් නොකරති. උන්ට අවශ්‍ය වන්නේ කිසිවක් ඉතිරි නොවන තෙක් නටුව සහ කොළ හපන්නටය. මගේ කුර හතරක් ඇති අසල්වැසියන් ඒවා ගිල දමනු ලැබීමට පෙර සූරියකාන්ත මල්…
අපේ දෙවියන්වහන්සේ කොතරම් උතුම්ද!
මිනිසුන් හඳුනා ගැනීම සඳහා දිගු කලක් තිස්සේ ඇඟිලි සළකුණු භාවිතා කළත් පිටපත් නිර්මානය කිරීමෙන් ඒවා ව්‍යාජ ලෙස සකස් කළ හැකිය. ඒ හා සමානව ඇසේ ඇති කළු ඉංගිරියාවේ රටාව හැඳුනුම්පත සඳහා විශ්වාසදායක මූලාශ්‍රයකි. ඒ ප්‍රතිඵල විකෘති කිරීම සඳහා යමෙකු අක්‍ෂි කාචයකින් රටාව වෙනස් කරන තුරුය. පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා “ජෛවමතික භාවිතය” (ඇඟිලි සළකුණු සහ ඇසේ කළු ඉංගිරියාව භාවිතය) පරාජය කළ හැකිය.…
අම්මා මෙන් ආදරෙයි
මහා ආර්ථික බිඳ වැටීම අතරතුර හැදී වැඩීම ගැන ජුවනීටා තම ඥාති පුත්‍රයාට පැවසුවාය. ඇගේ දුප්පත් පවුලට කෑමට තිබුණේ ඇපල් පමණක් සහ ඇගේ පියාට සැපයිය හැකිවූ ඕනෑම දඩ මස් වර්ගයකි. ඔහු රාත්‍රී ආහාරය සඳහා ලේනෙකු රැගෙන එන විට ඇගේ මව පවසන්නේ “මට ඔය ලේන් ඔළුව දෙන්න. මට කන්න ඕනැ එපමණයි. ඒක තමයි හොඳම මස් කෑල්ල” යනුවෙනි. ඇගේ මව එය කෑවේ නැත.…