ප්‍රවර්ගය  |  Uncategorized

එසේ නොවේ

“මට අවශ්‍ය වූයේ කෙසේ හෝ එය එසේ නොවන්නටය” කියමින් මිතුරෙක් විසින් තරුණ වියේදීම මිය ගිය මිතුරෙක්ගේ ජීවිතය ගැන වර්ණනා කරමින් විලාප දුන්නේය. ඔහුගේ වදන් මනුෂ්‍ය වර්ගයාගේ ඈත කාලයේ සිටම තිබූ හදවතේ කම්පනය සිහිපත් කරයි. මරණය අප සියල්ලන් මවිතයට පත් කරන අතර බියක්ද ඇති කරයි. ආපසු හැරවිය නොහැකි දේ හැරවීමට අපි වෙහෙසෙන්නෙමු.

යේසුස්වහන්සේගේ මරණයෙන් පසු උන්වහන්සේගේ අනුගාමිකයන්ට හැඟුණු ආකාරය අනුව “එසේ…

උන්වහන්සේගේ සමාදානය් කුරුසිය

සමකාලීන ලන්දේසි චිත්‍ර ශිල්පී එග්බර්ඞ් මොඩර්මන්ගේ චිත්‍රයක් වූ “කිරේනියේ සීමොන්” නම් වූ චිත්‍රයෙන් අඳුරු ඇස් එබී බලයි. සීමොන්ගේ ඇස් ඔහුගේ වගකීමේ දැවැන්ත ශාරීරික හා චිත්තවේගී බර හෙළි කරයි. මාර්ක් 15 හි බයිබලීය වාර්තාවේ අපි දැනගන්නේ බලා සිටි සමූහයා අතරින් සීමොන්ව ඇද ගෙන ගොස් යේසුස් වහන්සේගේ කුරුසිය උසුලාගෙන යාමට බල කළ බවයි.

මාර්ක් අපට පවසන්නේ සීමොන් පැමිණියේ යේසුස්වහන්සේගේ කාලයේ විශාල යුදෙව්…

“එය රාත්‍රිය විය”

එලී වීසල්ගේ “රාත්‍රිය” නමැති පොත සමූල ඝාතනයේ බිහිසුණුකම සමග අපට තදින්ම අභියෝග කරයි. නාට්සි මරණ කඳවුරුවල ඔහුගේම අත්දැකීම් මත පදනම්ව වීසල්ගේ වාර්තාව නික්මයාම පිළිබඳ බයිබලීය කථාව පෙරළයි. මෝසෙස් සහ ඊශ්‍රායෙල්වරුන් පළමු පාස්කු මංගල්‍යයේදී වහල් භාවයෙන් “පලා ගිය” අතර (නික්මයාම 12) පාස්කුවෙන් පසු නාට්සීන් විසින් යුදෙව් පූජකයන් අත් අඩංගුවට ගැනීම ගැන වීසල් පවසයි.

අපි වීසල් සහ ඔහුගේ අඳුරු ව්‍යාංගය විවේචනය නොකිරීමට…

ප්‍රේමයෙන් ගෙන යන ලදී

මගේ හතර හැවිරිදි මුණුපුරා මගේ ඔඩොක්කුවේ වාඩි වී මගේ කෙස් රහිත හිස අතගාමින් එය හොඳින් අධ්‍යයනය කළේය. “සීයේ, ඔබේ කොණ්ඩයට මොකද වුණේ?” ඔහු ඇසීය. “හා..හා” මම සිනහ සුණෙමි. වසර ගණනාවක් තුළ එය නැති වුනා”. ඔහුගේ මුහුණ කල්පනාකාරී විය. “එය නරකයි” ඔහු පිළිතුරු දුන්නේය. “මට මගෙන් ටිකක් දෙන්න වෙනවා”.

මම ඔහුගේ අනුකම්පාව ගැන සැනසී ඔහුව තවත් මා වෙතට ළං කර තුරුල්…

අප වගේ, අප වෙනුවෙන්

තම පුත් පිහිනීමට කමිසය ගළවන්න අකමැති බව ඩෙරික් දුටුවේය. එයට හේතුව වූයේ පුතාගේ පපුවේ, බඬේ සහ වම් අතේ කොටසක් වැසෙන ලෙස පිහිටා තිබූ උපන් ලපයක් නිසා ඔහු ලැජ්ජාවී සිටි නිසා බව ඩෙරික් වටහා ගත්තේය. තම පුතාට උපකාර කිරීමට අධිෂ්ඨාන කර ගත් ඩෙරික් තමාගේ ශරීරයේද සමාන සළකුණක් නිර්මාණය කර ගැනීම සඳහා දිගු හා වේදනාකාරී පච්ච කෙටීමේ ක්‍රියාවලියකට ලක් වූයේය.

ඩෙරික් තම…

සෑම මොහොතක්ම වැදගත්

ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පිහිටි විශ්ව විද්‍යාලයේ පුස්තකාලයක නැවතී ඇති සාක්කු ඔරලෝසුවේ කටු දෙක ඛේදජනක කථාවක් කියයි. ඔරලෝසුවේ හිමිකරු එලිෂා මිචෙල් 1857 ජූනි 27 වන දින උදෑසන අපලවියන් කඳුකරයේ දිය ඇල්ලකදී ලිස්සා වැටී මිය ගිය නියම මොහොත (එනම් පෙරවරු 8.19 සහ තත්පර 56) එය සටහන් කරයි.

විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් වන මිචෙල් ඔහු සිටි කන්ද මුදුන පිළිබඳව නිවැරදි ප්‍රකාශය…

බූරුවෙකු පිට රජෙක්

එදා ඉරිදා දිනකි. අපි දැන් එය හඳුන්වන්නේ ගොක් (තල් අතු) ඉරිදා ලෙසය. යේසුස්වහන්සේ යෙරුසලමට ගිය පළමු අවස්ථාව මෙය නොවන බවට සැකයක් නැත. භක්තිමත් යුදෙව්වෙක් ලෙසට උන්වහන්සේ සෑම වසරකම මහා මංගල්‍යයන් තුන සඳහා නගරයට යන්න ඇති (ලූක් 2:41-42; යොහන් 2:13; 5:1). පසුගිය වසර තුන තුළ ක්‍රිස්තුස්වහන්සේ යෙරුසලමෙහිදී සේවය කළ අතර ඉගැන්වූ සේක. නමුත් මෙම ඉරිදා උන්වහන්සේ නගරයට පැමිණීම සහමුලින්ම වෙනස් වූ…

අල්ලාප සල්ලාපයට කැමති (චැට්) බස් රථය

2019 දී ඔක්ස්ෆර්ඞ් බස් සමාගම ක්‍ෂණිකව ජනප්‍රිය වූ “චැට් බසය” දියත් කරන ලදී. මෙම බස් රථයට උනන්දුවක් දක්වන මගීන් සමග කථා කිරීමට යම් පුද්ගලයින් පත් කරන ලදී. බ්‍රිතාන්‍යන්ගෙන් සියයට 30 ක් පමණ පුද්ගලයින් සතියකට අවම වශයෙන් එක් දිනක්වත් අර්ථවත් සංවාදයකින් තොරව යන බව සොයා ගත් රජයේ පර්යේෂණවලට ප්‍රතිචාර වශයෙන් මෙම මාර්ගය ආරම්භ කරන ලදී.

අවශ්‍ය වෙලාවට කථා කිරීමට කෙනෙකු නොමැති…

ස්ථිර ලිපිනය

වැඩිකල් නොගොස් අපි අපේ පැරණි නිවසට මදක් දුරින් නව නිවසකට ගියෙමු. නිවෙස් දෙක ආසන්නව තිබියදීත් මූල්‍ය ගනුදෙනුවල වේලාව නිසා අපට අපගේ සියලු බඩු බාහිරාදිය ගමන් කරන ට්‍රක් රථයකට පැටවීමට අවශ්‍ය වුනි. විකිණීම සහ මිළදී ගැනීම අතර අපගේ ගෘහ භාණ්ඩ ට්‍රක් රථයේ තිබුණු අතර අපගේ පවුලේ අයට තාවකාලික නවාතැන් ලැබුණි. එම කාලය තුළ අපගේ කායික නිවසින් පිටත් වීම නොතකා එය
“නිවස”…

සැබෑ ආගන්තුක සත්කාරය

“කුමයින් කා නා බා?” (ඔයා කාලද ඉන්නේ?)

මා සිටින පිලිපීන රටේ බොහෝ නිවෙස් වල අමුත්තෙක් ලෙසට ඔබට සෑම විටම අසන්න ලැබෙනු ඇත්තේ මෙයයි. එය අපගේ අමුත්තන්ට සැළකිල්ල සහ කරුණාව ප්‍රකාශ කිරීමේ පිලිපීන ක්‍රමයයි. ඔබේ පිළිතුර කුමක් වූවත් ඔබේ සත්කාරකයා ඔබට කෑමට යමක් සුදානම් කරයි. පිලිපීන ජාතිකයන් විශ්වාස කරන්නේ සැබෑ කරුණාව යනු සම්මත ආචාරය පමණක් නොව සැබෑ ආගන්තුක සත්කාරය පෙන්වීමට වචන…