හිංසාවට අපහාස කිරීම
ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේදී ෆ්‍රෙඞ් ඇලන් (1894-1956) ආර්ථික අවපාතයේ සහ යුද්ධයක් පවතින ලෝකයක ජීවත් වූ පරම්පරාවකට සිනහවක් ගෙන ඒම සඳහා විකට කථා භාවිතා කළේය. ඔහුගේ හාස්‍යය පිළිබඳ හැඟීම උපත ලැබුවේ පෞද්ගලික වේදනාවන්ගෙනි. වයස අවුරුදු තුනට පෙර මව අහිමි වූ ඔහු පසුව ඇබ්බැහිවීම සමග පොර බදිමින් සිටි පියාගෙන් දුරස් කරන ලදී. ඔහු වරක් නිව්යෝර්ක් නගරයේ වීදියක රථ වාහන තදබදයකින් දරුවෙක් බේරා…
එඩිතර විශ්වාසය
දෙවන ලෝක සංග්‍රාමයේදී ප්‍රේම් ප්‍රදන්ගේ (1924-1998) ගුවන් යානය වෙඩි තබා බිම හෙළීමත් සමග ඔහු ආරක්‍ෂාව සඳහා පැරෂූටයකින් පොළොවට බසින අවස්ථාවේදී තුවාල ලැබීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ජීවිත කාලය පුරාවටම නොන්ඩි ගසමින් ගමන් කළේය. ඔහු වරක් සඳහන් කළේ “මට කොරවූ පාදයක් තිබේ. හිමාල කඳුකරයේ ශුභාරංචිය දේශනා කිරීමට දෙවියන්වහන්සේ මාව කැඳවීම පුදුමයක් නොවේද” කියාය. නමුත් නේපාලයේද ඔහු දේශනා කළේය. ඒ විරුද්ධවාදීන් නැතුව…
බලවත් රණශූරයෙක්
1940 දී ජර්මානුවන් විසින් නෙදර්ලන්තය ආක්‍රමණය කළ අවස්ථාව වන විට ඩීට් ඒමන් ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණු, රැකියාවක් කරමින් පවුලේ අය සහ මිතුරන් සමග විනෝද වෙමින් නෙදර්ලන්තයේ විසූ සාමාන්‍ය ලැජ්ජාශීලි තරුණියක් වූවාය. පසුව ඩීට් ලීවේ “ඔබගේ දොරකඩ අසළ අනතුරක් තිබෙන විට වැලි යට හිස සඟවා ගන්නා පැස්බරෙකු මෙන් ක්‍රියා කරන්න ඔබට අවශ්‍ය වනු ඇත” කියාය. කෙසේ වෙතත් ජර්මානු පීඩාකරුවන්ට එරෙහි වන්න දෙවියන්වහන්සේ…
ස්තූතිවන්ත හදවතක්
පුරාණ රෝමයේ (ක්‍රි:පූ: 4-ක්‍රි:ව: 65) ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වු සෙනෙකාට මෙසාලිනා අධිරාජ්‍යයා විසින් කාමමිථ්‍යාචාරය සම්බන්ධයෙන් චෝදනා කරන ලදී. සෙනෙට් සභාව ඔහුට මරණ දණ්ඩනය නියම කිරීමෙන් පසුව ක්ලෝඩියස් අධිරාජ්‍යයා ඔහුව කෝර්සිකා වෙතට පිටුවහල් කළේ සමහර විට චෝදනාව අසත්‍ය යැයි ඔහු සැක කළ නිසා විය හැකිය. මෙම සහනය සෙනෙකාගේ කෘතඥතාවය පිළිබඳ දැක්ම හැඩ ගස්වන්න ඇති. එම නිසා ඔහු මෙසේ ලියන්න ඇති. “මිනී මැරුම්,…
දෙවියන්වහන්සේගේ කැමැත්ත
දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුගමනය කිරීම සමහර විට දුෂ්කරය. උන්වහන්සේ අපට කියන්නේ නිවැරදි දේ කරන්න කියාය. පැමිණිලි නොකර දුෂ්කරතාවයන් දරා ගන්න උන්වහන්සේ අපට කියන සේක. නුසුදුසු මිනිසුන්ට ප්‍රේම කිරීමට, මෙසේ නොකරන්න කියා අප තුළින් ඇසෙන හඬට සවන් දීමට, අප කිසිවිටෙක නොගන්නා පියවරයන් ගැනීමට යනාදී වශයෙනි. එම නිසා අප මුළු දවස පුරා අපගේ ආත්මයට පැවසිය යුත්තේ “මාගේ ආත්මය සවන් දෙන්න. නිශ්චල වන්න. යේසුස්වහන්සේ…
බලාපොරොත්තුව බෙදා ගැනීිම
තම ආදරණීය දරුවා ලෙස තම අනන්‍යතාවය වැළඳ ගැනීමට දෙවියන්වහන්සේ ඇයට උපකාර කළ ආකාරය එමා බෙදා ගත් විට ඇය අපගේ සංවාදයට දේව වචනය එකතු කළාය. උසස් පාසැල් සිසුවිය ඇගේ වචන කථා කිරීම නවතා දෙවියන්වහන්සේගේ වචන උපුටා දැක්වීමට පටන් ගත්තේ කොහෙන්දැයි මට සිතා ගත නොහැකි වුනි. ඇය ඇවිදින බයිබලයක් මෙන් වීම ගැන මම ඇයට ප්‍රශංසා කළ විට ඇගේ ඇහි බැමි රැළි ගැසුණි.…
සැබෑ නමස්කාරකරන්නෝ
අවසානයේ ඇයට දේවස්ථානයට යෑමට අවස්ථාවක් ලැබුණි. පහළ මාලයේ ගැඹුරුම කොටසේ කුඩා ගුහාව හෝ ලෙන වෙතට ඇය ළඟා වූවාය. පටු අවකාශය පුරා ඉටි පන්දම් දල්වා තිබූ අතර එල්ලෙන ලාම්පු මෙම ගුහාවේ කොණක් ආලෝකමත් කළේය. කිරි ගරුඬ තට්ටුවේ ඉහළට ඔසවා තැබූ තුඩු දහහතරකින් යුත් රිදී තාරකාවක් එහි තිබුණි. ඇය සිටියේ බෙත්ලෙහෙමේ “ද ග්‍රොටෝ ඔෆ් නැටිවිටි” යනුවෙන් සම්ප්‍රදායට අනුව හැඳින්වෙන ක්‍රිස්තුස්වහන්සේ ඉපදුන ස්ථානය…
ලැබ්‍රඩෝ ඒන්ජල්
2019 දී කැප් ඩෑෂ්වුඞ් සහ ඔහුගේ හුරුබුහුටි කළු ලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයෙක් වන චේලා (මිය ගිය ඔහුගේ ලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයා සිහිපත් වීම පිණිස “චේ” සහ “ලා” එනම් ලැබ්‍රඩෝ ඒන්ජල් සඳහා ඩෑෂ්වුඞ්ගේ කෙටි යෙදුම) කැපීි පෙනෙන දෙයක් සිදු කළේය. ඔව්හූ සෑම දිනකම අඛණ්ඩව දින 365 ක්ම කඳු මුදුනකට නැග්ගෝය.
ඩෑෂ්වුඞ්ට කියන්නට හැඟීම්බර කථාවක් තිබුණි. “නරක පවුල් ජීවිතයක්” යයි සරලව පැහැදිළි කරමින් වයස…
උන්වහන්සේ හිස් තැන් පුරවන සේක
මනෝ විද්‍යඥයෙක් වන මැඞ්ලින් ලෙවින් “කටර් වෙස් වළා ගැනීමක්” වන අතෙන් අඩක් ඇද තිබුණු දිගු අත් සහිත ටී ෂර්ට් එකක් ඇඳගෙන සිටින පහළොස් හැවිරිදි දැරියක් දුටුවේය. මෙසේ අඳින්නේ සාමාන්‍යයෙන් තමන්ගේ ශරීරයට ස්වයං හානියක් කර ගන්නා පුද්ගලයන් විසින්ය. තරුණිය තම අත පිටුපසට ඇද ගත් පසුව ලෙවීන් පුදුමයට පත් වූයේ දැරිය තම අතේ “හිස්” කියා කැටයම් කිරීමට රේසර් තලයක් යොදා ගෙන ඇති…
ඔබට ඉදිරියට යා නොහැකි විට
2006 දී මගේ පියාට ස්නායු රෝගයක් ඇති බව හඳුනාගත් අතර එයින් ඔහුගේ මතකය, කථනය සහ ශරීර චලනය ඔහුට නැති වුනි. ඔහු 2011 දී ඔත්පල වූ අතර මගේ මව ඔහුව නිවසේදීම රැක බලා ගත්තාය. ඔහුගේ අසනීපයේ ආරම්භය අඳුරු කාලයක් වුනි. අසනීපයෙන් පෙළෙන පුද්ගලයෙක් රැක බලා ගැනීම ගැන මම කිසිවක් නොදැන සිටීයෙමි. එසේ හෙයින් මුදල් සහ මගේ මවගේ සෞඛ්‍යය ගැන මම කණස්සල්ලට…