ප්‍රවර්ගය  |  Uncategorized

නොවතින ප්‍රේමය

හෙයිඩී සහ ජෙෆ් උණුසුම් කාලගුණයක් ඇති පිටරටක ව්‍යාපෘතියකට ගොස් නැවත පැමිණ මිචිගන් ප්‍රාන්තයේ තම පවුලේ මහ ගෙදර අසල මාස කිහිපයකට පදිංචි වූහ. ඒ ශීත සෘතුව ආසන්න කාලයකදීය. ඔවුන්ගේ දරුවන් දස දෙනාගෙන් බොහෝ අය ප්‍රථමවරට හිම පතනයේ ස්වාභාවික සෞන්දර්යය දකිනු ඇත.

නුමුත් මිචිගන්හී ශීත සෘතුවට කබා, කලිසම්, සපත්තු යනාදි බොහෝ උණුසුම් ඇඳුම් අවශ්‍ය වේ. විශාල පවුලකට ඉදිරි ශීත මාසවලට ඇඳුම් මිළදී…

යාච්ඤාව නමැති වරප්‍රසාදය

ශාස්ත්‍රීය ගීත රචක ක්‍රිස් ස්ටෙප්ලේටන්ගේ ගැඹුරු පුද්ගලික ගීතයක් වන “තාත්තා තවත් යාච්ඤා කරන්නේ නැහැ” යන්නට ආනුභාවය ලැබුණේ ඔහුගේ පියා ඔහු වෙනුවෙන් කළ යාච්ඤා නිසාය. එම තියුණු පදමාලාව පෙන්නූම් කරන්නේ ඔහුගේ පියාගේ යාච්ඤා නැවතීමට හේතුව හිත වෙනස් වීමක් හෝ වෙහෙස වීමක් නිසා හෝ නොව ඔහුගේ මරණය නිසාවෙන් බවයි. ස්ටෙප්ලේටන් පරිකල්පනය කරන්නේ දැන් ඔහු යාච්ඤාවෙන් යේසුස්වහන්සේ සමග කථා නොකර උන්වහන්සේ සමග මුහුණට…

නත්තලේ අභිමුඛය

“උන්වහන්සේගේ පැමිණීම කිසි කණක් නොඅසනු ඇත. නමුත් මෙම පව්කාර ලෝකයේ මෘදු හදවත් ඇති අය නිසලව උන්වහන්සේව පිළිගනු ඇත. ආදරණීය ක්‍රිස්තුස්වහන්සේ ඇතුල්වන සේක”. ඒ වචන පිලිප් බෲක්ස්ගේ බොහෝ දෙනෙක් ආදරය කරන “ඕ කුඩා බෙත්ලෙහෙම” යන ගීතිකාවෙනි. එය නත්තලේ හදවත පෙන්වන්නේය. යේසුස්වහන්සේ අපගේ කැඩුණාවූ බිඳුණාවූ ලෝකයට පැමිණියේ අප පාපයෙන් ගළවා උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සෑම දෙනෙක්ටම දෙවියන්වහන්සේ සමග අලුත් සහ වැදගත් සම්බන්ධතාවයක්…

එහි සිටීම

රැල්ෆ් කඳුළු සළමින් බිමට වැටෙනවා උද්‍යාන සේවිකාවක් වන ජේන් දැක උදව් කිරීමට එහි දිව ගියාය. රැල්ෆ් ඕටිසම් රෝගයෙන් පෙළුණු තරුණයෙකි. ඔහු දවස පුරා බලා සිටි කතුරු ඔංචිල්ලාව කැඩුණ නිසා ඔහු හඬමින් සිටියේය. ඔහුව ඉක්මණින් කෙළින් සිටගැනීමට සළස්වන්නේ හෝ ඔහුව සැනසීමට කිසිවක් හෝ කියන්නේ නැතුව ජේන්ද ඔහු සමග බිම වාඩිවී ඔහුගේ හැඟීම්වලට වලංගුතාවයක් දෙමින් ඔහුට හැඬීමට ඉඩ හැරියාය.

ජේන්ගේ ක්‍රියාව දුක්…

අපගේ උපරිමය දීම

නිවාස නැති අයගේ නිවහනකට අප ඇතුල් වූ විට එහි තිබූ පරිත්‍යාග කරන ලද සපත්තු ගොඩවල් දෙස අපේ නෙත් ඇදී ගියේය. එහි අධ්‍යක්‍ෂතුමා අපගේ තරුණ කණ්ඩායමට ආරාධනා කර තිබුණේ පාවිච්චි කරන ලද සපත්තු ගොඩවල් තෝරා වෙන් කිරීමට උපකාර කරන ලෙසටයි. අපි මුළු උදය වරුවම ගත කළේ සපත්තු ජෝඩු සොයන්නට සහ කොන්ක්‍රීට් පොළොවේ ඒවා පේළියට රැස්කර තැබීමටයි. දවස අවසානයේ අපිට ඒ සපත්තු…

නැවතත් මිහිරිවේ

රුසියානු විවාහ චාරිත්‍ර වාරිත්‍ර අලංකාරයෙන් සහ වැදගත්කමින් පිරී ඇත. ඒවායින් එක් චාරිත්‍රයක් සිදුවෙන්නේ විවාහ උත්සවයෙන් පසු යුවළ පිළිගැනීමේ සාදයේදී එහි නායකයා රැස්ව සිටින සියලු දෙනා වෙනුවෙන් යුවලට සුභපැතුම් ප්‍රකාශයක් කිරීමෙණි. එවිට සෑමදෙනාම ඔසවා ගත් වයින් වීදුරුවෙන් උගුරක් බොමින් “ගොර්කෝ! ගොර්කෝ!” කියා කෑගසයි. එහි අර්ථය නම් “තිත්තයි! තිත්තයි! ” යන්නය. අමුත්තන් එම වචනය කියා කෑගැසූ විට, නව යුවල නැඟිට එකිනෙකා සිපගනියි.…

හුස්ම සහ සංක්‍ෂිප්තය

මාගේ මවත්, සහෝදරියනුත් සමඟ මමද මාගේ පියාගේ ඇඳ ලඟ සිටගෙන ඔහුගේ හුස්ම ගැනීම ටිකෙන් ටික අඩුව ගොස් අවසානයේ එය නැවතෙනවා බලා සිටියෙමු. මගේ පියා වයස 89ට පා තබන්නට තව දවස් කීපයක් තිබියදී දෙවියන්වහන්සේ වෙතට නිහඬවම ගියේය. ඔහුගේ වියෝව හේතුවෙන් අප තුළ හිස්බවක් ඉතිරිව තිබුණි. දැන් අපට ඉතිරිව තිබුණේ මතකයන් සහ සිහිවටන පමණි. එහෙත් කවදාහෝ අපි නැවත එක්වන බවට අපට බලාපොරොත්තුවක්…

සටනට මුහුණ දීම

මෑතකදී මම මිතුරන් කණ්ඩායමක් සමඟ එකතුවුනෙමි. මම කථාබහට සවන් දෙමින් සිටියදී එම කාමරය තුළ සිටි සෑම කෙනෙක්ම සැළකිය යුතු අරගලයකට මුහුණ දෙමින් සිටින බව මට දැණුනා. අප දෙදෙනෙකුගේ දෙමව්පියන් පිළිකාව සමඟ සටන්කරමින් සිටියා, එක්කෙනෙකුගේ දරුවාට ආහාර ගැනීමේ අක්‍රමිකතාවත් තිබුණා, තවත් මිතුරෙක් දැඩි වේදනාවකින් පෙලුනා, තවත් කෙනෙකුට දරුණු සැත්කමකට මුහුණ දීමට තිබුණා. වයස අවුරුදු තිහ සහ හතලිස් ගණන්වල සිටි කණ්ඩායමකට මෙය…

සෑමවිටම ස්තුතිදීම

17වෙනි සියවසෙහි මාටින් රින්කාර්ට්, ජර්මනියේ සැක්සොනි නගරයේ යුද්ධ සහ වසංගත කාළයේ වසර 30කට වඩා වැඩි කාලයක් දේවගැතිවරයෙකු ලෙස සේවය කළේය. එක් වසරක එතුමා අවමංගල්‍ය උත්සව 4000කට වඩා වැඩි ප්‍රමාණයක්, තම භාර්‍ය්‍යාවගේ ඇතුලුව, පැවැත්වුයේය. සමහර අවස්ථාවල ආහාර හිඟකම හේතුවෙන් එතුමාගේ පවුලට බඩගින්නේ සිටින්නට සිදුවිය. කළකිරීමට පත්විමට ඉඩතිබුණද, එතුමා දෙවියන්වහන්සේ තුළ තිබූ ඇදහිල්ල ස්ථිරව තබාගනිමින් නොකඩවා ස්තුති කළේය. ඇත්තෙන්ම එතුමාගේ කෘතඥතාවය “නුන්…

ඕනෑම කෙනෙකු සහ සෑම කෙනෙක්ම

එල් සැල්වදෝර් දේශය යේසුස්වහන්සේට ගෞරව පිණිස එහි අගනුවර මධ්‍යයේ උන්වහන්සේගේ මූර්තියක් තබා ඇත. මෙම මූර්තිය ගමනාගමනය කාර්යබහුල වටරවුමක පිහිටා තිබුණත්, එහි උස හේතුවෙන් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. එයට දී තිබුණු නම - ලෝකයේ දිව්‍ය ගැළවුම්කරුවාණන් - උන්වහන්සේගේ අධිස්වාභාවික තත්ත්‍වයට ගෞරවයක් සංනිචේදනය කළේය.

මෙම මූර්තියේ නම, බයිබලයේ යේසුස්වහන්සේ පිළිබඳ පවසන දේ ස්ථිර කරයි (1 යොහන් 4:14). සියල්ලන්ටම ගැළවීම දෙන්නේ උන්වහන්සේ යි. යේසුස්වහන්සේ…