ප්‍රවර්ගය  |  Uncategorized

ප්‍රේමයේ අගුල්

පොන්ට්ඩෙස් ආර්ට්ස් පාලමේ සෑමතැනකම සවි කර තිබූ දස දහස් ගණන් ඉබියතුරු දැක මම පුදුම වීමි. ඒවා බොහෝමයක තම ප්‍රියයන්ගේ නම්වල මුල් අකුරු කොට තිබුණි. සෙයින් ගංගාව හරහා යන මෙම මගී පාලම ප්‍රේමයේ සංකේත වලින් උතුරා යන්නේ “සදහටම” යනුවෙන් යුවළක් විසින් කරන ලද ප්‍රේමයේ සංකේතයක් නිසාවෙනි. 2014 දී ඒවායෙහි බර ටොන් 50 ක් බවට ගණන් බලා තිබුණි. පාලමෙන් කොටසක් කඩා වැටීමට…

කෙනෙක් කිසි දිනෙක බොහෝ පාපතරයෙක් නොවේ

“මම බයිබලයක් ඇල්ලුවොත් එය මගේ අතේම ගිනි ගනීවි” කියා සමූහන විද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරිය කීවාය. මාගේ හදවත වැටුණි. අප දෙදෙනා එදින කියවූ නවකථාවේ බයිබලීය උපුටා ගැනීමක් තිබුණි. එය බැලීම සඳහා මම බයිබලය ඇදගත් විට ඇය එය දැක ඉහත කී ප්‍රකාශය කළාය. සමාව දීමට බැරි තරම් ඇය පව් කර ඇතැයි මාගේ ආචාර්යවරිය සිතුවාය. එසේ වූවත් ඇයට දෙවියන්වහන්සේගේ ප්‍රේමය කීමට තරම් මම නිර්භිත…

දෙවියන්වහන්සේ සාදා දුන් මතකයන්

මාගේ වැඩිහිටි පුත්‍රයා අමාරුවක වැටුණ විට ඔහුගේ පියා වසරක් රැකියාවක් නැතිව සිටින කාලයේ ඔහු දෙවියන්වහන්සේගේ අඛණ්ඩ සැපයිම අත්දුටු ආකාරය මම කියා දුනිමි. මගේ මව ලියුකේමියා රෝගයට ගොදුරුව පරාජයවූ සටනක් කරන විට දෙවියන්වහන්සේ අපගේ පවුලේ අය ශක්තිමත් කර සමාදානය දුන් ආකාරය මතක් කළෙමි. දේව වචනය තුළ ඈඳා ඇති දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම මම ඉස්මතු කළ අතර දෙවියන්වහන්සේ තම වචනය පවත්වන්ට විශ්වාසවන්ත බව මම…

අවදානම් වටයක් යෑම

කෙතරම් වෙලාව නාස්ති කිරීමක්ද? හාලි සිතුවාය. ඇයගේ රක්‍ෂණ ඒජන්ත නැවත හමුවෙමු යයි ඇයට කියා තිබුණි. එය නීරස ව්‍යාපාරික කථාවක් වනු ඇති බව හාලී දැන සිටියාය. නමුත් ඇය ඉන් ප්‍රයෝජනයක් ගන්නා පිණිස ඇයගේ ඇදහිල්ල ගැන කථා කිරීමට එය අවස්ථාවක් කර ගැනීමට කල්පනා කළාය.

ඒජන්තවරියගේ ඇහි බැමි වල පච්ච කොටා තිබෙන බව දැක ඇය පැකීලෙමින් ඒ ගැන අසා දැන ගත්තේ එම කාන්තාව…

කරදර සමග සාමය ඇති කර ගැනීම

මම එය දකින විට මා නිවස අසළටම පැමිණ සිටියෙමි. මාගේ කාරයේ ඌෂ්ණ කටුව ඉහළට ගොස් තිබුණි. මම එන්ජිම නතර කර පිටතට පැන්නෙමි. වහලයෙන් දුම් පිට විය. එන්ජිම මාළු බදිනවාක් මෙන් සුරු සුරු ගෑවේය. මම මෝටර් රථය අඩි කිහිපයක් පස්සට කරද්දී එහි යට පොකුණක් මෙන් පෙණුනි. තෙල්. ක්‍ෂණයකින් මට සිදුවී ඇති දෙය වැටහුණි. හෙඩ් එක පුපුරා තිබුණි.

මම කෙඳිරි ගෑවෙමි. මෝටර්…

ඕපාදුප නැවැත්වීම

චාර්ල්ස් සිමියොන් (1759-1836 දක්වා) එංගලන්තයේ කේම්බ්‍රිජ් හි හෝලි ට්‍රිනිටි (ශුද්ධවූ ත්‍රිත්වය) සභාවේ වැඩ භාර ගත් පසු ඔහුට වසර ගණනාවක් බොහෝ විරුද්ධතා පැමිණියේය. සමූහනයේ බොහෝ අය සිමියොන් වෙනුවට සහායක දේවගැති පත් කිරීමට උත්සාහ කළෝය. ඔව්හු සිමියොන් ගැන බොරු ප්‍රචාර කළෝය. ඔහුගේ සේවය ප්‍රතික්‍ෂේප කළෝය. සමහර විට ඔහුව සභාවෙන් පිටත දමා දොර වැසුවෝය. නමුත් සිමියොන් දෙවියන්වහන්සේගේ ආත්මයෙන් පූර්ණ වීමට ආශා කළේය. ජීවත්වීමේ…

අවධානය ඇතුව

කර්තෘ මාර්ක් ට්වේන් යෝජනා කරන්නේ අපගේ ජීවිතයේ අප බලන දේවල් සහ බලන විධිය අපගේ ඊළඟ පියවරයන්ට අපගේ අනාගතයට පවා බලපෑම් කරන බවය. ට්වේන් කීවාක් මෙන් “ඔබගේ පරිකල්පනය වෙනතක නම් ඔබගේ දෑස් මත යැපීමට ඔබට බැරිය”.

පේත්‍රෑස්ද ඇවිදීමට බැරි යාචකයෙක්ට කථා කරන විට දර්ශනය ගැන කථා කළේය. සුදර්ශණ නැමැති කාර්ය බහුල මාළිගා දොරටුව අසලදී මේ මිනිසා ඔවුන්ට මුණ ගැසුණි (ක්‍රියා 3:2).…

සෝපාන අලුත්වැඩියාව

සාරාගේ අමුතු රෝග තත්ත්වය නිසා ඇයගේ සන්ධි විසන්ධි වේ. ඒ හෙයින් ඇය ගමන් කරන්නේ විදුලි රෝද පුටුවකිනි. ටික දවසකට පෙර රැස්වීමකට යන පිණිස ඇය දුම්රිය පොළට ගිය විට සෝපානය කැඩී ඇති බව දැන ගත්තාය. ඉන්පසු වේදිකාවට යාමට කිසිම ක්‍රමයක් නොමැතිව කෙනෙක් ඇයට උපදෙස් දුන්නේ කුලී රථයකින් විනාඩි හතළිහක් පමණ දුරින් ඇති වෙනත් දුම්රිය පොළකට යන ලෙසටය. කුලී රථයකට කථා කළත්…

නොරැවටෙන්න

රතු තිත් කුරුමිණියා අලංකාර කෘමියෙකි. අත්තටු පිටත තිත්ද අත්තටු ඇතුළත දීප්තිමත් රතු වර්ණයක්ද ඌට ඇත. පියාඹන විට ඌ දිළිසෙන්නේය. නමුත් උගේ ලස්සන රැවටිලිකාරය. මේ කෘමියා පළමුවෙන් දැක ඇත්තේ 2014 දීය. ඌ උතුරු ඇමෙරිකාවේ ආක්‍රමණික කෘමියෙකි. පාරිසරිකව සහ ආර්ථිකව රටකට පහරදීමට ඌට හැකියාව තිබේ. රතු තිත් කුරුමිණියා ඕනෑම ගසක අරටුවක් කා දමන්නේය. ඊට චෙරි ගස් සහ අනිකුත් පලතුරු ගස්ද ඇතුළත්ය. ඌ…

ඔබට ඇති සියල්ල දෙන්න

(ස්කේලින්) අඩු වැඩි කිරීම් ව්‍යායාම ක්‍ෂේත්‍රයේ නිතර භාවිතා වන වචනයකි. එය සෑම කෙනෙකුටම සහභාගී වීමට ඉඩ සළස්වයි. උදාහරණයක් වශයෙන් ව්‍යායාමයක් වන අත් සහ පාද පොළොවේ තබා ඉහළට එසවීම ඔබට දහවරක් කරන්න පුලුවන් වූවත් මට එය කළ හැක්කේ හතරවරක් පමණී. නමුත් මගේ උපදේශක මට කියා සිටියේ මගේ ශක්ති ප්‍රමාණය ලෙස ගණන අඩු වැඩි කරන ලෙසය. අපි සියල්ලෝම එකම මට්ටමේ නැති වූවත්…