ප්‍රවර්ගය  |  Uncategorized

රැකියා ස්ථානයේ සානුකම්පාව

මාගේ මිතුරිය වන එලන් ගිණුම් සමාගමක වැටුප් සාදන්නීය. මෙය වැඩි කරදරයක් නැති රැකියාවක් යැයි ඔබට පෙනෙනු ඇත. නමුත් සමහර විට සේවකයින් තම පෝරම භාර දෙන්නේ නියමිත දිනය පසු වීය. ඒහෙයින් එලන් ඔවුන්ගේ වැටුප් වෙලාවට ලබා දීම පිණිස වැඩිපුර පැය ගණනක් වැඩ කරන්නීය. ඇය එසේ කරන්නේ වැටුප මත යැපෙන පවුල් ගැන සිතාය. අවශ්‍ය දේවල්, බෙහෙත් සහ ගෙවල් කුලී ගෙවීම පිණිස සෙනග…

සමුගැනීම් සහ පිළිගැනීම්

මාගේ සහෝදර ඬේවිඩ් හෘදයාබාධයකින් හදිසියේ මිය ගිය විට මා ජීවිතය දෙස බැලීමේ විධිය විශාල ලෙස වෙනස් විය. දරුවන් හත් දෙනෙකුගෙන් සිව්වෙනියා ඔහුය. අප අතරින් පළමුවෙන් වෙන්වූයේද ඔහුය. බලාපොරොත්තු නොවූ එම වියෝවේ ස්වභාවය මට සිතීමට බොහෝ කාරණා දුන්නේය. අප වයස්ගත වන විට අපගේ පවුලේ ලැබීමට වඩා නැතිවීම විශාල වූ බව මට වැටහුණි. පිළිගැනීම් මෙන්ම සමු ගැනීම්ද ඇති බව මට තේරුම් ගියේය.…

මිතුරු තල්මසා

සාගර ජීව විද්‍යාඥවරියක් කුක්ස් දුපත් අසළ පිහිනමින් සිටියාය. හදිසියේම රාත්තල් 50,000 ක් පමණ බරැති මොල්ලි තල්මසෙකු ක්‍ෂණයකින් පැමිණ ඇයව තම වරල යටට ගත්තේය. තමාගේ ජීවිතය අවසාන යැයි ඇය සිතුවාය. නමුත් සෙමින් රවුම් කිහිපයක් පිහිනා තල්මසා ඇයට යන්නට හැරියාය. කොටි මෝරෙකු අසල සිට ඉවත්වෙනවා ඇය දුටුවේ එවිටය. තල්මසා අනතුරෙන් තමාව ආරක්‍ෂා කළ බව ඇය විශ්වාස කරන්නීය.

භයානක දේවල් තිබෙන ලෝකයකදී අන්…

ධෛර්යමත් කිරීමේ දිනය

ආපදා සිදුවන විට ප්‍රථම ප්‍රතිචාර දක්වන්නෝ ඉදිරි පෙළ සිටිමින් තම ධෛර්යය සහ කැපවීම පෙන්නුම් කරති. 2001 නිව්යෝර්ක් නගරයට කළ පහර දීමේදී දහස් ගණනක් මිය ගොස් සමහරු තුවාල වූ විට කාර්ය මණ්ඩලයේද හාරසියයක් පමණ ජීවිතයෙන් වන්දි ගෙව්වෝය. ප්‍රථම ප්‍රතිචාරකයන්ට ගෞරවයක් ලෙස එක්සත් ජනපද සෙනෙට් සභාව සැප්තැම්බර් මස 12 වන දින දිරිමත් කිරීමේ ජාතික දිනය ලෙස නම් කළෝය.

රජයක් විසින් දිරිමත් කිරීමේ…

කාන්තාරයේ ගින්දර

1800 අග භාගයේදී චියුහාහුආන් කාන්තාරයේ අසු පිටින් යන විට අහස දෙසට දුම් වලාවක් කැරකෙමින් යනවා ජිම් වයිට් දුටුවේය. තරුණ ගොපලු කොල්ලා ඒ ලැව්ගින්නකැයි සිතා ඒ දෙසට ගමන් කළේය. ඒ දුම ගුහාවකින් එන වව්ලන් සමූහයක් බව ඔහු දැන ගත්තේය. නිව් මැක්සිකෝවේ කැරිස්බාඩ් ගුහා සංකීර්ණය වයිට් සොයාගත්තේ එලෙසය. එය අලංකාර, සංකීර්ණ ගුහා සමූහයකි.

මැද පෙරදිග කාන්තාරයක මෝසෙස් බැටළුවන් බලාගෙන සිටින විට ඔහුද…

උන්වහන්සේගේ සංගීතය නිපදවීම

සංගීත අධ්‍යක්ෂිකා ආරියන් ආබෙලා තමාගේ අත් සඟවා ගැනීම සඳහා කුඩා කාලයේ ගත කළේ තම අත් දෙක උඩ වාඩි වීය. ඇය ඉපදුනේ සමහර ඇඟිලි නැතුවය. සමහර ඇඟිලි එකට ගෙතී තිබුණි. ඇයට වම් පාදයක් නොවීය. එසේම දකුණු පාදයේ ඇඟිලි සමහරක් නොතිබුණි. ඇය සංගීතයට ආශා කළ ගායිකාවක් වූවාය. ඇය ස්මිත් විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට සැළසුම් කළාය. එක් දිනක් ඇගේ සංගීත ගුරුවරිය සංගීත…

අපගේ සිත්වල කොටා තිබේ

1450 දී ජොහැන්ස් ගුටන්බර්ග් මුද්‍රණ යන්ත්‍රයට එහා මෙහා ගෙන ගිය හැකි අකුරු යෙදු පසු ඔහු බටහිර දැවැන්ත සංනිවේදන යුගය ආරම්භ කළේය. ඉගෙනීම අලුත් සමාජ ක්‍ෂේත්‍රයනට ව්‍යාප්ත කළේය. සාක්‍ෂරතාව ලොව වටා ව්‍යාප්ත විය. අමුතු අදහස් නිසා සමාජීය සහ ආගමික සන්දර්භ තුළ අලුත් අදහස් නිපදවුනි. ගූටන්බර්ග් බයිබලයේ පළමු මුද්‍රණ පිටපත නිපදවීය. ඊට පෙර ලියන්නන් විසින් බයිබල් අතින් ලියන ලදී. එසේ ලිවීමට සමහර…

අපගේ යාච්ඤාවලින් අන් අයට ප්‍රේම කිරීම

“තාම මා වෙනුවෙන් සෙනග යාච්ඤා කරනවාද?” සිර ගෙදර සිටි මිෂනාරිවරයෙක් ඉඩ ලැබුණු සෑම විටම තමාව බැලීමට පැමිණි තම භාර්යයාවගෙන් ඇසූ පළමු ප්‍රශ්නය එයයි. ඔහුව බොරු චෝදනාවකට වසර දෙකකට සිරගත කර තිබුණි. සිරගෙදර වටා පිටාව සහ විරුද්ධවාදීකම් නිසා ඔහුගේ ජීවිතය අනතුරු දායක විය. ලොව වටා ඇදහිලිවතුන් ඔහු ගැන යාච්ඤා කළහ. ඔවුන් නොනවත්වා එසේ කිරීම ඔහුට අවශ්‍ය වූයේ බලවත් අන්දමට දෙවියන්වහන්සේ ඔවුන්ගේ…

දැන්, ඉන්පසු ඊළඟට

මෑතකදී මම උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීමි. ඩිප්ලෝමා ලබා ගැනීමට උනන්දුවෙන් සිටි අයට කථිකයා නිසි අභියෝගය දුන්නේය. “ඊළඟට මොකද වෙන්නේ?”, “ඔවුන් ඊළඟට කරන්න යන්නේ කුමක්ද?”, ඔවුන් පාසැලට යන්නේ කොහාටද? නැත්නම් ඊළඟට රැකියාව කරන්නේ කොහේද?” යනාදි වශයෙන් ඔබගෙන් සියලු දෙනා අසන වේලාව යැයි ඔහු කීිවේය. ඉන්පසු ඔහු කීවේ ඔබ දැන් කරන්නේ කුමක්ද කියන දෙය වඩාත් වැදගත් බවයි.

ඔවුන්ගේ ඇදහිල්ලේ ගමනේ සන්දර්භයේදී ඔවුන්…

නැවතත් පරාජය වී

දේශනා සෑදීම ආරම්භ කළ කාලයේ සමහර ඉරිදා උදෑසන දේශනා වලට මම මුහුණ දුන්නේ අසරණ පණුවෙක් මෙනි. ඊට පෙර සතියේ මම හොඳ ස්වාමිපුරුෂයෙක්, පියෙක් හෝ හොඳ මිතුරෙක් නොවීමි. දෙවියන්වහන්සේ මාව භාවිතා කිරීමට පෙර නිවැරදි ජීවිතයේ හොඳ වාර්තාවක් මා තැබිය යුතු යයි මම කල්පනා කළෙමි. දේශනාව උපරිමයෙන් කර ඊළඟ සතියේදී හොඳටම ජීවත් වන්නේ යයි මම තීරණය කළෙමි.

එය හරි මාර්ගය නොවේ. ගලාති…