ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන්වහන්සේ අප මුදවන්නාය

තුන් ඉසව් තරඟයකදී, බියවුණු තරඟකරුවන් නග්ගා ගැනීමට, මිදුම්කාරිණියක් බෝට්ටුවක් මුහුදේ තබාගෙන සිටියාය. “බෝට්ටුව මැදට අත තියන්න එපා” ඇය පිහිණුම්කරුවන්ට කීවේ එවැනි ක්‍රියාවකින් බෝට්ටුව පෙරළිමට ඉඩ ඇති නිසාය. ඒ වෙනුවට, වෙහෙසටපත් පිහිණුම්කරුවන්ව ඇය බෝට්ටුවේ ඉදිරියට සහ පසුපසට යන ලෙසට මඟපෙන්වූවාය. පිහිණුම්කරුවන්ට ඒ ස්ථාන වල තිබූ වළලු අල්ලා ගැනීමෙන් බෝට්ටුව ආරක්‍ෂිතව ගොඩට ගෙන යාමට ඇයට හැකි විය.

ජීවිතය හෝ මිනිසුන් අපව ගිල්වන්නට…

දුර්වලයන් මුදාගැනීම

ඔබ තෝරාගන්නේ කුමක්ද - ස්විට්සර්ලන්තයේ හිම ක්‍රීඩාවක්ද නැතිනම් ප්‍රාග් නගරයේ සිටින දරුවන් අනතුරෙන් ගලවාගැනීමද? සාමාන්‍ය මිනිසෙක් වූ නිකොලස් වින්ටන් දෙවැනි අවස්ථාව තෝරාගත්තේය. 1938දී චෙකොස්ලොවැකියාව සහ ජර්මනිය අතර යුද්ධයක් ඇති වන ලකුණු පෙනෙන්නට තිබුණි. නිකොලස්, බොහෝ යුදෙව් පුරවැසියන් අති දුෂ්කර තත්ත්‍වයන් යටතේ ජීවත්වූ, ප්‍රාග් නගරයේ අනාථ කඳවුරු සංචාරය කිරීමෙන් පසු, ඔවුන්ට උපකාර කිරීමට සැලැස්මක් ඉදිරිපත් කරන්නට ඔහුට පෙළඹවීමක් ඇති විය. 2වන…

ආත්මික රිය පැදවීම

රියදුරු පුහුණු පන්තියේ ඉගැන්වූ දේවල් ගැන මට වැඩි මතකයක් නැත. එහෙත් කුමන හෝ හේතුවකට අප ඉගෙනගත් සංක්‍ෂිප්ත අකුරු අනුපිළිවෙල පාඩම මට හොඳින් මතකය. එනම් ඉංග්‍රීසි බසින් S-I-P-D-E යන අකුරු වලින් සෑදුන අනුපිළිවෙලයි. එනම් Scan (සියුම් පරික්‍ෂාව), Identify (හඳුනා ගැනීම), Predict (ඉදිරිය බැලීම), Decide (තීරණය කිරීම), Execute (ක්‍රියාත්මක කිරීම) යන්නයි. එම ක්‍රියාවලිය අප අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු විය. අප මාර්ගය පරික්‍ෂා…

මනහර තෑග්ගක්

ඩොනෙලාන් නම් ගුරුවරිය අතට හසුවුන ඕනෑම දෙයක් කියෙව්වාය. ඇයගේ කියවීම නිසා විශාල ත්‍යාගයක් අහඹු ලෙස ලැබිණ. ඇය ගමනක් යාමට සැලසුම් කරගෙන ඇගේ දීර්ඝ ගමන් රක්‍ෂණ ඔප්පුව කියවමින් සිටි අතර, 7වන පිටුවේ අනර්ඝ තෑග්ගක් එහි සටහන් වී තිබුණේය. ඔවුන්ගේ “කියවන අයට තෑග්ගක්” යන තරඟය යටතේ, එම ඔප්පුවේ එතරම් දුරට කියවන පළමුවන තැනැත්තාට ඩොලර් 10,000ක් ත්‍යාග කරන බව සඳහන් කර තිබුණි. එමෙන්ම…

මා මෙතැනට ආවේ කෙසේද?

ටිෆනි අඳුරුවූ එයාර් කැනඩා ජෙට් යානයක ඇහැරී වටපිට බැලුවාය. ඇයගේ ආසන පටිය එලෙසම තදවී තිබිණ. අනෙක් මගීන් බැස ගිය අතර ඇය නින්දේ සිට තිබේ. කවුරුවත් ඇයට කථානොකළේ ඇයි? ඇය මෙතැනට පැමිණියේ කෙසේද? අයගේ මනසේ අවුල ලිහාගෙන ඇය සිහිය අවදි කිරීමට තැත් කළාය.

ඔබ බලාපොරොත්තු නොවූ ස්ථානයක සිට තිබෙනවාද? මෙම රෝගය වැළදෙන්නට ඔබ තරුණ වැඩියි, මෙයට බෙහෙතක් නැත. ගියවර ඔබගේ තත්ත්‍වය…

මාළු බෑම තහනම්

සමාව දීමේ ඇති වැදගත්කම සමූල ඝාතනයෙන් දිවි ගලවාගත් කොරී ටෙන් බූම් දැන සිටියාය. Tramp for the Lord  (ස්වාමින්වහන්සේ වෙනුවෙන් බරට අඩි තබා ඇවිදීම) නමැති පොතෙහි තමාගේ මනසේ තිබූ ඇගේ ප්‍රියතම චිත්‍රයක් ගැන පැහැදිලි කරන්නීය. එනම් සමාව ලැබූ පාප මුහුදට විසිකරනු ලැබීමයි.
“අපි අපගේ පාප කියා දුන් විට දෙවියන්වහන්සේ ඒවා ගැඹුරු මුහුදට හෙළා දමන සේක. ඒවා සදහටම නැතිවේ.... මා විශ්වාස කරන්නේ…

අස්වැන්න නෙළන තුරු විශ්වාසවන්තව

මා හඳුනන කාන්තාවක් අසල පිට්ටනියක විශේෂ වැඩසටහනක් සංවිධානය කර අසල්වැසි දරුවන් සියලු දෙනාටම එයට සහභාගි වන ලෙසට ආරාධනා කළාය. තමන්ගේ අසල්වැසියන් සමඟ ඇගේ ඇදහිල්ල බෙදාගැනීමට ලැබීම ගැන ඇය ආශාවෙන් බලා සිටියාය.

තම මිණිබිරියන් තිදෙනාද තවත් උසස් පාසැල් සිසුන් දෙදෙනෙකුද ඇයට උපකාර කරන පිණිස සහභාගි කරවාගෙන ඔවුන්ට වගකීම් භාරදී, ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් කීපයක් සැළසුම් කර, ආහාර සකසා, දරුවන්ට ඉදිරිපත් කරන්නට යේසුස්වහන්සේ…

අඳුරු ස්ථානවල දීප්තිමත් තැන්

වයෝමිං ප්‍රාන්තයේ කුඩා රළු ස්ථානයක් මාත් මාගේ ස්වාමිපුරුෂයාත් නිරීක්‍ෂණය කරන අතරතුර සාමාන්‍යයෙන් අක්කපාන, කහඹිලියා, සහ පතොක් වැනි පැලෑටි වැවෙන ස්ථානයක කුඩා සූරියකාන්ත මලක් මම දුටුවෙමි. එය සාමාන්‍ය සූරියකාන්ත මෙන් උස නැති නමුත් එයද එලෙසම දීප්තිමත් වීම හේතුවෙන් මට සතුටක් දැණින.

එවැනි රළු ස්ථානයක දකින්නට බලාපොරොත්තු නොවන අලංකාර මල මට මතක් කළේ ජීවිතය, සමහර විට යේසුස්වහන්සේ තුළ සිටින අයෙකුගේ පවා, වියළිව,…

දෙවියන්වහන්සේ සමඟ වැඩ කිරීම

1962 මෙක්සිකෝවට ගිය සංචාරයකදී බිල් ඈෂ් අනාථ නිවාසයක සුළඟින් ක්‍රියාකරන වතුර පොම්පයක් අළුත්වැඩියා කිරීමට උදව් කළේය. වසර 15කට පසු, දෙවියන්වහන්සේට සේවය කිරීම පිණිස ඔහු තුළ තිබූ ගැඹුරු ආශාව නිසා, ලොවපුරා අවශ්‍යතා ඇති ගම්වලට පිරිසිදු පානීය ජලය සැපයීම පිණිස ඔහු ලාභ නොලබන ආයතනයක් ඇති කළේය. ඔහු කීවේ, “දුප්පත් ගැමි ජනතාවට ආරක්‍ෂිත ජලය ලබාදීමට ආශාවක් ඇති වෙනත් අය සොයන්නට ‘කාලයෙන් උපරිම ප්‍රයෝජන…

විශ්වාසය පමණක් තබාගන්න

දරුවන් 300ක් ඇඳ පැළඳ උදෑසන ආහාර සඳහා වාඩිවී සිටි අතර එම ආහාර ගැන ස්තුති දීමේ යාච්ඤාවක් පුද කරන ලැබුවේය. නමුත් ආහාර තිබුනේ නැත! එම අනාථ නිවාසයේ අධ්‍යක්‍ෂ ජෝර්ජ් මුලර් (1805-1898) හට මෙවැනි අවස්ථා සාමාන්‍ය දෙයක් විය. දෙවියන්වහන්සේ සපයන ආකාරය දැක ගැනීමට මෙය තවත් අවස්ථාවකි. මුලර්ගේ යාච්ඤාව අවසන් වී විනාඩි කීපයකින් පෙර රාත්‍රියෙහි නින්ද නොගිය බේකරි අයිතිකරුවෙක් දොර අසලට පැමිණියේය. අනාථ…