සීමාවන් පසුකර යන අනුග්‍රහය
බොබ්ගේ සමාගමට අනුශාසනා දුන් නීති ආයතනයක ටොම් වැඩ කළේය. ටොම් ආයතනයෙන් ඩොලර් දහස් ගණනක් සොරකම් කර ගන්නා තුරු ඔවුන් මිතුරෝ වූහ. බොබ්ගේ සිත බිඳුණි. ඔහු කෝපයට පත්විය. නමුත් ඔහු කිතුණුවෙක් වූ තම උපසභාපතිගෙන් ණැනවත් උපදෙසක් ලබා ගත්තේය. ටොම් ලැජ්ජාවෙන් සහ පසුතැවිල්ලෙන් පැමිණ සිටින බව උපසභාපති දුටුවේය. ඔහු බොබ්ට උපදෙස් දුන්නේ නඩුව ඉල්ලා අස් කර ගෙන ටොම්ව නැවත වැඩට ගන්නා ලෙසටය.…
වේදනා සහිත කාලවලදී දෙවියන්වහන්සේ විශ්වාස කිරීම
පපා ජෝන් නමින් හැඳින් වූ පුද්ගලයෙක් තමාට මාරාන්තික පිළිකාවක් ඇති බව දැනගත් විට ඔහු සහ ඔහුගේ භාර්යයාව වන කැරොල්ට හැඟී ගියේ ඔවුන්ගේ රෝගය පිළිබඳ කථාන්තරය අන්තර්ජාලයට යොමු කිරීමට දෙවියන්වහන්සේ ඔවුන්ව කැඳවන බවයි. ඔවුන්ගේ ගැටළුව තුළින් දෙවියන්වහන්සේ ක්‍රියා කිරීමට යන බව දැන තම ප්‍රීතිය සහ වේදනාව වසර තුනක් පුරා ඔව්හු අන් අය සමග බෙදා ගත්තෝය.
තම ස්වාමිපුරුෂයා “යේසුස්වහන්සේගේ දිගු කළ දෑතට…
දෙවියන්වහන්සේගේ ලෝකය වගා කිරීම
“තාත්තේ ඇයි ඔයා වැඩට යන්නේ?”. මාගේ දියණිය එසේ ඇසුවේ ඇය මා සමග සෙල්ලම් කිරීමට ආශා කළ නිසාය. වැඩට නොගොස් ඇය සමග සෙල්ලම් කිරීමට මම කැමැත්තෙමි. නමුත් මාගේ අවධානය යොමු විය යුතු වැඩ ලැයිස්තුවක් රැකියා ස්ථානයෙහි තිබේ. එම ප්‍රශ්නය හොඳ එකකි. අපි වැඩ කරන්නේ ඇයි? අපට සහ අප ප්‍රේම කරන අයට සැපයීම සඳහා පමණද? එහෙත් ගෙවීමක් නැතිවත් අප වැඩ කරන්නේ ඇයි?…
පාවාදීම
2019 දී ලොව පුරා කලා ප්‍රදර්ශනයන් ලියනාඩෝ ඩා වින්සිගේ පන්සිය වසරක සැමරුම ක්‍රියාත්මක කළෝය. ඔහුගේ බොහෝ චිත්‍ර සහ විද්‍යාත්මක සොයා ගැනීම් ප්‍රදර්ශණය කළද ඩා වින්සිගේ බවට සනාථ කළ චිත්‍ර ඇත්තේ පහකි. ඉන් එකක් අන්තිම රාත්‍රී භෝජනයයි.
මෙ සංකීර්ණ චිත්‍රය තම ගෝලයන් සමග යේසුස්වහන්සේ ගත් අවසන් භෝජනය පෙන්නුම් කරයි. ඒ යොහන් ශුභාරංචියේ සඳහන් කරන පරිදිය. “නුඹලාගෙන් එක් කෙනෙක් මා පාවා දෙන්නේය”…
ඉදිරියට ගාටමින්
ලෝකයා නොසළකා හරින සෙනග පාවිච්චි කිරීමට දෙවියන්වහන්සේ කැමති වන සේක. විලියම් කේරි 1700 ගණන්වල කුඩා ගමක හැදී වැඩුණි. ඔහු විධිමත් අධ්‍යාපනයක් ලැබුවේ අල්ප වශයෙනි. ඔහු කළ රැකියාවද එතරම් සාර්ථක නොවීය. ඔහු දුගී ජීවිතයක් ගත කළ කෙනෙකි. නමුත් දෙවියන්වහන්සේ ශුභාරංචිය දේශනා කිරීමට ඔහුට බරක් දුන් සේක. ඔහුව මිෂනාරිවරයෙකු ලෙසට කැඳවූ සේක. කේරී ග්‍රීක්, හෙබ්‍රෙව් සහ ලතින් භාෂා ඉගෙන ගෙන පසුව අලුත්…
උන්වහන්සේගේ කැළැල්
ග්‍රැඩී සමග පළමු සාකච්ඡාවෙන් පසු ඔහු අතට අත දීම වෙනුවට ඇඟේ හැප්පීම කරන්න හේතුව මම දැන ගතිමි. අතට අත දෙන විට ඔහුගේ මැණික් කටුවේ තිබෙන තුවාල කැළැල් පෙනේ. ඒවා තමාට අනතුරක් කර ගැනීමට කරන ලද උත්සාහයක ප්‍රතිඵලයක් විය. අපගේ අභ්‍යන්තර හෝ පිටස්තර හෝ තුවාල සැඟවීම අසාමාන්‍ය දෙයක් නොවේ.
ග්‍රැඩී හමුවීමෙන් පසු මම යේසුස්වහන්සේගේ ශාරිරික කැළැල් ගැන සිතුවෙමි. ඒ උන්වහන්සේගේ අත්…
සාගරයෙහි ආලෝක ඡායාවක්
“කටින් පිටවන පිළුණු මත්පැන් දුගඳ සහ කලකිරීම සමග මාගේ සයනයේ වැතිර සිටියෙමි” කියා පත්‍ර වාර්තාකරුවෙක් වන මැල්කම් මගරිජ් ලියයි. දෙවන ලෝක මහා යුද්ධයෙහි චර පුරුෂයෙක් ලෙස ක්‍රියා කරන කාලයේ එක් අසහනකාරී සන්ධ්‍යාවක “විශ්වයේ සහ සදාකාලයේ ආලෝකයෙන් බිඳක්වත් නොමැතිව මම තනිවීමි” කියා ඔහු පවසයි.
එවැනි අවස්ථාවක ඔහුට හරියැයි සිතුණු දෙය ඔහු කළේය. ඔහු ගිලී මැරෙන්න උත්සාහ කළේය. මැඩගස්කරයේ වෙරළට ඔහු වාහනය…
පුළුල්වූ මකා දැමිය හැකි අනුග්‍රහය
ඇලෙක්සා නම්වූ ඇමසන්හී කටහඬ පලනය කරන උපකරණයට පුදුමාකාර හැකියාවක් තිබේ. ඔබ කියන සෑම දෙයක්ම මකා දැමීමට එයට හැකිය. ඇලෙක්සාට කියන ඕනෑම දෙයක් එනම් යම් විස්තරයක් නැවත උලුප්පා ගැනීම යනාදිය එක් සරල වාක්‍යයකින් මකා දමයි. (මා අද කී සෑම දෙයක්ම මකා දමන්න) එය ඒ සියල්ල පවිත්‍ර කරයි. ඒ එය කිසිදා නොවූවාක් මෙන්ය. අපගේ ජීවිතයේ අනෙක් කොටස්වලට එම හැකියාව නැතිවීම කණගාටුවකි. සෑම…
රාජකීය භූමිකාව
රාජකීය පවුලේ යමෙක් රජ කිරුළට ළංව සිටින තරමට ඔහු/ඇය ගැන ජනයාට වැඩිපුර අසන්න ලැබේ. අන් අය අමතක වී යන්නේය. බ්‍රිතාන්‍ය රජ පවුලේ රජ කිරුළට හිමිකම් කිව හැකි හැටක පෙළක් සිටිති. ඔවුන්ගෙන් එක් අයෙක් නම් සර් ෆ්‍රෙඩ්රික් වින්සර්ය. ඔහු එම පෙළෙහි හතළිස් නව වෙනියාය. ඔහු ප්‍රසිද්ධියට පත් නොවී තම ජීවිතය ගත කරයි. ඔහු ආර්ථික විශ්ලේෂකයෙක් ලෙස ක්‍රියා කරන අතර ඔහු වැටුප්…
බලා සිටින්නේ කෙසේද
සභාව සමග කලකිරී දහහත් හැවිරිදි ට්‍රෙවෝ පිළිතුරු ලබාගැනීම පිණිස වසර ගණනාවක් ඇවිද්දේය. නමුත් ඔහු සොයා යන කිසිවක් ඔහුගේ ආශාවන් සංසිඳෙව්වේවත් ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයුවේවත් නැත.
ඔහුගේ ගමන ඔහුගේ දෙමාපියන් වෙතට ඔහුව ළං කළේය. එහෙත් තවමත් ඔහුට කිතුණු දහම ගැන ගැටළු තිබුණි. එක් සාකච්ඡාවකදී ඔහු පැවසුවේ “බයිබලය හිස් පොරොන්දුවලින් පිරී තිබේ” කියාය.
තවත් අයෙකුට කලකිරීම සහ අසීරුතා නිසා සැක ඉස්මතු විය.…