නව ජීවනයේ මෝඩ මාර්ගය
සමහර දේවල් අත්දකින තුරුම ඒවා ඔබට වැටහෙන්නේ නැත. මට පළමු දරුවා ලැබීමට ඉන්නා කාලයේ දරු උපත් ගැන බොහෝ පොත් කියවීමි. එසේම දුසිමක් පමණ ස්ත්‍රීන්ගෙන් ප්‍රසූත වේදනා සහ ප්‍රසූතියන් ගැන කථාන්දර ඇසීමි. නමුත් එම අත්දැකීම කෙසේද කියා මට හරියාකාරව දැණුනේ නැත. මගේ ශරීරය කරන්න යන දෙය මට සිතා ගත නොහැකි වුනි.
පාවුල් 1 කොරින්තියෙන් ලියන්නේ දේව රාජ්‍යයට උත්පාදනය වීමද දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ…
වැරදි කළ මිත්‍රයෙක්
1939 නොවැම්බර් 27 වන දින වස්තු සොයන්නන් තුන් දෙනෙක් වීඩියෝ ශිල්පීන් වීඩියෝ කරන අතර තුර දකුණු කැලිෆෝර්නියාවේ හොලිවුඩ් බෝල් රඟහල අසළ කැණීම් කළහ. වසර හැත්තෑ පහකට පෙර රන්, රිදී සහ මුතු සහිතව කැහුන්ගා නිධානය එහි වළලා ඇතැයි කටකථා පැතිර තිබුණි.
ඔවුන්ට එය හමුවුයේ නැත. දවස් විසි හතරක් හෑරූ පසුව ඔවුන්ට කළුගල් පර්වතයක් හමුවිය. අවසානයේ ඉතිරි වූයේ අඩි නවයක් පළල අඩි…
යාච්ඤා බිත්තර
මාගේ මුළුතැන්ගෙයි ජනේලය අසල අවිච්චියෙක් වහලසේ සිවිලිමේ හිඩැසක කූඩුවක් සාදනවා මම ආශාවෙන් බලා සිටියෙමි. ඇය වියළි කොළ එක තැනක ගොඩ ගසා එය තුළට ගොස් බිත්තර රකිනවා මම දුටුවෙමි. සෑම දිනකම ඒවා වල ප්‍රගතිය මම පරීක්‍ෂා කළෙමි. නමුත් සැම දිනකම කිසිවක් සිදු නොවීය. පැටවුන් බිහි වීමට සති දෙකක් ගතවේ.
එවැනි නොඉවසිලිවන්තකමක් මට අලුත් දෙයක් නොවේ. මම සෑම විටම බලා සිටීමට විරුද්ධව…
ඵල දරණ ගසක්
මට සෑම විටම තිබුණේ දේවල් එකතු කිරීමේ ආශාවකි. කුඩා අවදියේ මම මුද්දර, බේස්බෝල් චිත්‍ර සහ රූප කථා පොත් එකතු කළෙමි. පියෙක් ලෙස මා මාගේ දරුවන් තුළද දැන් එවැනි ආශාවන් දකිමි. සමහර විට මම කල්පනා කරන්නේ “ඔබට එවැනි තවත් බෝනික්කෙක් අවශ්‍යද?” කියාය.
අනිවාර්යයෙන් එය අවශ්‍යතාවය ගැන නොවේ. එය අලුත් දෙයකට ආශාව හෝ පැරණි දෙයකට ඇති ආකර්ශණය හෝ වන්නේය. නැත්නම් දුලභ දෙයකට…
නැවුම්වන ශක්තිය
මනෝවෛද්‍ය රොබර්ට් කෝල්ස් විසින් අන් අයට සේවය කර ජීවිතය එපාවී දැවී යන අය ගැන එක්තරා චක්‍රයක් සොයා ගත්තේය. එහි පළමු සළකුණ තෙහෙට්ටුවයි. ඊළඟට දියුණු නොවන දේවල් ගැන තිත්තකම, අසහනය, ආතතිය සහ අවසාන සළකුණ වන්නේ එපාවී දැවී යාමයි.
බිඳී ගිය සිහිනවලින් ගොඩ යෑම පිළිබඳ පොතක් ලිවීමෙන් පසු මම සම්මේලනවල දේශනා කිරීමේ කාර්ය බහුල කාලයක් ගත කළෙමි. බලාපොරොත්තු සුන්වූ පසු නැවත බලාපොරොත්තුව…
කරුණාවන්ත මිනිසා
වියවුල්ව වඩා අර්ථවත් ජීවිතයක් අවශ්‍ය වී ලියොන් මූල්‍ය ආයතනයක කරමින් සිටි තම රැකියාවෙන් ඉවත් විය. එක් දිනක් යාචකයෙකු පාරක් අයිනක “කරුණාවන්තකම හොඳම ඖෂධයකි” යනුවෙන් සඳහන් ඵලකයක් අල්ලා ගෙන සිටිනු ඔහු දුටුවේය. “එම වචන මා තුළට කිඳා බැස්සා. ඒවා දිව්‍ය ප්‍රකාශවීමක් මෙන් වූවා” කියා ඔහු පවසයි.
ලියොන් තම ජීවිතය අලුතෙන් ආරම්භ කිරීමට තීරණය කළේය. ඔහු කරුණාව ප්‍රචලිත කිරීමට ජාත්‍යන්තර සංවිධානයක් ආරම්භ…
කුඩා ගිනි පුපුරක්
අපි පුස්තකාලයේ සිටින විට ගිනිදැල් නගිනවා අපි දුටුවෙමු. ඇය බියවී සිටියාය. ඇගේ කටහඬ බිය ඉස්මතු කරයි. ඇගේ කටහඬ අපි හඳුනමු. ඒ අපගේ දියණියගේය. එසේම ඇයටත් ඇගේ විශ්ව විද්‍යාල සිසුන් 3000 ටත් ආරක්‍ෂිතම ස්ථානය එය බව අපි දනිමු. කිසිවෙක් බලාපොරොත්තු නොවූ ලෙස 2018 දී වුල්සි ගින්න පැතුරුණි. ගිනි නිවන භටයන්ද එසේ බලාපොරොත්තු නොවුනි. අක්කර 97000 ක් සහ ගොඩනැගිලි 1600 ක්ද මරණ…
කථාකරන කෙසෙල් ගෙඩි
“අත හරින්න එපා”, “කෙනෙක්ට සිනහවක් ගෙනෙන්න හේතුවක් වෙන්න”, “ඔබ විශ්මිතයි”, “ඔබ පැමිණී තැන නොව ඔබ යන තැන වැදගත් වේ”. වර්ජිනායා වෙරළෙහි සමහර සිසුන්ගේ කෑම ශාලාවේ තිබූ කෙසෙල් ගෙඩිවල එසේ ලියා තිබුණි. ආපන ශාලා කළමණාකාරිනිය වන ස්ටේසි ටෲමන් එම සටහන් පළතුරු වල ලිවීමට කාලය ගත්තාය. දරුවෝ ඒවාට “කථාකරන කෙසෙල්” යයි නම් තැබුවෝය.
සැළකීමේ එම සේවය ආත්මික යෞවනයන් හට බාර්නබස් තුළ තිබූ…
වැඩි ආදරයක්
මාගේ ස්වාමිපුරුෂයාගේ සහෝදරයා ජීවත් වන්නේ සැතපුම් 1200 ක් පමණ එහායින් කොලරාඩෝ කඳු වැටියේය. දුර ප්‍රමාණය කෙසේ වෙතත් ජෙරිට්ස් සෑම විටම අපගේ පවුලේ ප්‍රේමණීය සාමාජිකයා වූයේ ඔහුගේ හාස්‍යය සහ දයාවන්ත හදවත නිසාය. මට මතක ඇති කාලයක සිට ඔහුගේ සහෝදරයෝ ඔහු මවගේ ප්‍රේමණිය පුත්‍රයා වීම ගැන සතුටින් විහිළු කරති. වසර කිහිපයකට පෙර “අම්මාගේ කැමතිම පුතා” කියා ටී ෂර්ට් එකක්ද තෑගි දුන්නෝය. අපගේ…
ජීවිතයේ ජල ප්‍රහාර පාලනය කර ගැනීම
“වමේ සිටින ඔක්කෝම ඉස්සරහට හබල් පාරවල් තුනක් තදින් ගසන්න”. අපගේ ක්‍රීඩා ඔරුවේ නායකයා අපට කීවේය. වමේ සිටි අය තදින් හබල් ගැසුවෝය. කැරකෙන ජල සුලියෙන් ඔරුව ඉවතට ගියේය. පැය කිහිපයකට පසු නායකයාගේ හඬට කීකරු වීමේ වැදගත්කම අපට වැටහුණි. ඔහුගේ ස්ථීර හඬ නිසා අත්දැකීම් නැති හය දෙනෙකු බුර බුරා ගලන නදිය තුළින් ආරක්‍ෂිතව ගමන අවසන් කළෝය.
ජීවිතයේද බුර බුරා එන ජල ප්‍රහාරවලට…