පළිගැනීම වෙනුවට
1956 දී හුවොරානි ගෝත්‍රිකයන් විසින් ජිම් එලියට් සහ තවත් මිෂනාරිවරු සතර දෙනෙකු මරා දැමුවත් ඊළඟට සිදුවූ දෙය කිසිවෙක් බලාපොරොත්තු නොවූහ. ජිම්ගේ භාර්්‍යයාව වන එලිසබෙත්ද ඔවුන්ගේ තරුණ දියණියද තවත් මිෂනාරි සහෝදරියක්ද තම ප්‍රියයන් මරා දැමූ අය අතරට ගොස් ජීවත්වීමට තීරණය කළෝය. ඔවුහු වසර ගණනක් හුවෝරානි ජනයා අතර ජීවත් වෙමින් ඔවුන්ගේ භාෂාව ඉගෙන ගෙන බයිබලය ඔවුන්ගේ භාෂාවට පරිවර්තනය කළහ. මෙම ස්ත්‍රීන්ගේ සමාව…
කුණාටු හඹායන්නෝ
වොරන් ෆයිඞ්ලීට අනුව කුණාටු හඹා යෑම වර්ඝ සැතපුම් දහස් ගණනක ක්‍රීයා කරන 3ඩී චෙස් ක්‍රීඩාවක් මෙනි. ඡායාරූප මාධ්‍යවේදී සහ කුණාටු හඹායන්නෙකු වන වොරන් පවසන්නේ “හරි ස්ථානයේ හරි වෙලාවට සිටීම, අනාවැකි කීම, මාර්ගය සෙවීම, සහ බෝලයක් තරමේ ගල්, වැලි කුණාටු සහ පාවෙන පොඩි උපකරණ වලින් බේරීම” ඊට අයත්වන බවය.
ෆයිඞ්ලිගේ වචන මාගේ ශරීරය දහඩියෙන් තෙත් කරයි. හදවත තදින් ස්පන්දනය කරයි. කුණාටු…
ඔබට ඇති දෙය ගෙනෙන්න
“ගල් හොද්ද” නමැති පැරණි කථාව විවිධ ලෙස බොහෝ රටවල කියැවේ. එහි දැක්වෙන්නේ සාගින්නේ පෙළුණු එක් මනුෂ්‍යයෙක් ගමකට පැමිණියත් එහි සිටි කිසි කෙනෙකුට ඔහුට ආහාර ස්වල්පයක් වත් දීමට නොහැකි වු බවයි. මෙම මනුෂ්‍යයා හැලියකට ගලක් සහ වතුර දමා ලිපක් අවුලුවා එම හැළිය ලිප මත තබයි. ඔහු තම හොද්ද හැඳි ගානවා දකින සෙනග එහි රැස්වෙති. අවසානයේ අයෙකු අල ගෙඩි කිහිපයක් ගෙන එම…
ආත්මයාණන් සමග ගමන් කිරීම
පැය දස දහසක්! ඕනෑම දෙයක නිපුණත්වයට පැමිණිමට පැය දස දහසක් ගත වන බව කර්තෘ මැල්කම් ග්ලැඞ්වෙල් පවසයි. ශ්‍රේෂ්ඨතම කලාකරුවන්, සංගිතඥයින් අවසානයේ ලබාගත් නිපුණත්වය ලැබීමට ඔවුන් තුළ පිහිටි සහජ හැකියාව ප්‍රමාණවත් නොවීය. දිනක් දිනක් පාසා තම කාර්්‍යයේ යෙදීමට ඔවුන්ට සිදුවිය.
පුදුමයක් ලෙසට පෙනෙන්නේ ශුද්ධාත්මයාණන්ගේ බලය තුළ ජීවත්වීමට ඉගෙන ගැනීමටද අපට එවැනි මානසිකත්වයක් අවශ්‍ය වේ. ගලාති පොතෙහි දෙවියන්වහන්සේ වෙනුවෙන් වෙන් වන්න කියා…
කාලයේ වේගය අඩු කිරීම
1840 දී ඉලෙක්ටි්‍රක් ඔරලෝසුව සොයා ගත් දිනයේ සිට බොහෝ දේවල් වෙනස් වී ඇත. ස්මාර්ට් ඔරලෝසු, ස්මාර්ට් දුරකථන සහ ලැප්ටොප් වල අපි අද වේලාව තබමු. ජීවිතයේ මුළු අවකාශයම වේගවත් වී ඇත. විනෝදයට ඇවිදීම පවා වේගවත්වී ඇත. මෙය නගරවල විශේෂයෙන් සිදුවන අතර එය සෞඛ්‍යයට අහිතකරය. විද්වතුන් පවසන්නේ අපි වඩා වේගයකින් එහේ මෙහේ යන බවත් සෙනග වෙත හැකි ඉක්මණින් ළඟා වෙන බවත්ය. මහාචාර්ය…
සැමට අනුකම්පාව අවශ්‍ය වේ
ජෙෆ් අලුත් ඇදහිලි වන්තයෙක් වූ කාලයේ ඔහු ප්‍රධාන තෙල් සමාගමක රැකියාවේ නිරතව සිටියේය. ඔහුගේ රැකියාව වෙළඳ නියෝජිතයෙක් වීම නිසා ඔහුට ගමන් කිරීමට සිදුවිය. එවැනි ගමන් වලදී ඔහුට බොහෝ සෙනගගේ ජීවිත කථා ඇසිමට සිදුවිය. ඉන් බොහෝමයක් සිත් කලඹන සුළු විය. තම පාරිභෝගිකයන් හට අවශ්‍ය මූලික දෙය තෙල් නොව සානුකම්පාව බව ඔහුට වැටහුණි. ඔවුන්ට දෙවියන්වහන්සේ අවශ්‍ය විය. ඒ හෙයින් දෙවියන්වහන්සේගේ හදවත ගැන…
ප්‍රශංසාවේ ජීවිත රටාවක්
වයස අවුරුදු පනහේදී වොලස් ස්ටෙග්නර්ගේ මව මිය ගියාය. ඔහුට වසර අසූවක් වූ විට ඔහු ඇයට සටහනක් ලීවේය. එහි මාතෘකාව වූයේ “බොහෝ ප්‍රමාද ලිපිය” කියාය. ඔහු එහිදී ඇය හැදී වැඩී විවාහ වී බටහිර එක්සත් ජනපදයේ එකල තිබූ කටුක පරිසරය මැද දරුවන් දෙදෙනෙකු හදා වැඩූ ස්ත්‍රියක් ලෙස ඇයව හඳුන්වා දුන්නේය. ඇය ආශාවක් ඇති නොවන පුද්ගලයින් පවා දිරිමත්කළ භාර්යාවක් සහ මවක් වූවාය. තම…
එකම රජු
පස් හැවිරිදි එල්ඩන් යේසුස්වහන්සේ සවර්ගය අත්හැර පොළොවට පැමිණි බව කියනවා අසා සිටියේය. උන්වහන්සේ අපගේ පාප වෙනුවෙන් මියගිය නිසා ස්තුතියි කියා සභා පාලක කියන විට එල්ඩන් පුදුම විය.
“අයියෝ නැහැ! උන්වහන්සේ මිය ගියාද?” කියා ඔහු විශ්මයෙන් මොර ගැසීය.
ක්‍රිස්තුස්වහන්සේ මෙලොව ජීවිතය ආරම්භ කළ දවසේ සිට උන්වහන්සේ මැරෙනවා දැකීමට ආශා කළ අය සිටියෝය. හෙරොද්ගේ කාලයේදී නැණවත්තු “යුදෙව්වන්ට රජව උපන් තැනන්වහන්සේ කොතැන්හිද? මක්නිසාද…
මෙහි මකරුන් සිටිති
මිථ්‍යා කථාවලට අනුව මධ්‍යතන යුගයේ සිතියම්වල සීමාවන් ලකුණු කරද්දී “මෙහි මකරු සිටිති” යන වචන ලීවෝය. සමහර විට එහි සිටිය හැකි මකරුන්ගේ චිත්‍රද ඇඳ තිබුණි.
මධ්‍යතන සිතියම් අඳින්නෝ ඇත්තෙන්ම එලෙස ලීවා කියා වැඩි සාක්‍ෂි නැත. නමුත් එසේ තියෙන්න ඇතැයි මම සිතමි. ඒ කාලයේ මා ලීවා නම් මමද “මෙහි මකරුන් සිටිති” කියා ලියනු ඇත. ඒ මා නොදන්නා ස්ථාන වලට පය තැබුවහොත් භයංකාරත්වයන්…
ඇලවෙන කුළුණ
ඉතාලියේ පීසා හි පිහිටි සුප්‍රසිද්ධ ඇලවෙන කුළුණ ගැන ඔබ සමහර විට අසා ඇත. නමුත් සැන් ෆ්‍රැන්සිස්කෝහි ඇලවෙන කුළුණ ගැන ඔබ අසා තිබේද? එයට සහස්‍ර කුළුණ කියාද කියනු ලැබේ. එය සාදන ලද්දේ 2008 දීය. මෙම තට්ටු 58 ක කුළුණ අහංකාරවත්ව නැගී සිටින නමුත් එය මදක් ඇලව තිබේ. එය ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගර මධ්‍යයේය.
ගැටළුවක් තිබේ. ඉංජිනේරුවරුන් අත්තිවාරම නියමිත ගැඹුරට නොදැම්මෝය. දැන්…