ප්‍රවර්ගය  |  Uncategorized

දැන් සිට වසර සියයකින්

“වසර සියයකට පසුවත් සෙනග මාව මතක් කරන්න ඕනෑ” යනුවෙන් තිර රචක රොඩ් සර්ලින් 1975 දී කීවේය. රූපවාහිණි වැඩසටහනක් වූ “ට්වයිලයිට් සෝන්” ලීවේ ඔහුය. ඔහු ලේඛකයෙක් බව සෙනග ප්‍රකාශ කිරීම ඔහුගේ ආශාව විය. උරුමයක් තබා යාමේ සර්ලින්ගේ ආශාව අප බොහෝ දෙනෙකුටද ඇත. ඒ අපගේ ජිවිත වලට අර්ථයක් සහ සදාකාලිකත්වයක් දීමටය.

යෝබ්ගේ කථාව අපට පෙන්නුම් කරන්නේ පහවී යන දින තුළ අර්ථය සෙවීමට…

රහසිගත ත්‍යාග

කිම් දොර අසළට යන විට ගම්මානයේ සීනු හැඩය ගත් ලිලීද, රෝස ටියුලිප්ද කහවර්ණ ඩැෆඩිල්ද යනාදී මල්වලින් පිරුණු මල් බඳුනක් ඇයව පිළිගන්නීය. මාස හතක් පුරා යේසුස්වහන්සේ තුළ සිටි නොදන්නා ඇදහිලිවන්තයෙක් ඇයට ප්‍රදේශයේ මල් සැළකින් මල් එවීය. මෙම මාසික තෑගි සෑම එකක්ම පැමිණියේ දේව වචනයේ දිරි ගැන්වීමක් සමග “ප්‍රේමයෙන් - යේසුස්ගෙන්” කියාය.

කිම් මුහුණු පොතෙහි මෙම රහස් ත්‍යාගවල ඡායාරූප පළ කළාය. එම…

අභිරහස් උපකාරකාරයෝ

ලුයිස්ට මාංශපේශී ආබාධයක් තිබේ. එක් දිනක් ඇය දුම්රියකින් බැසීමට උත්සාහ කරන විට උස පඩි පෙළක් ඇය දුටුවාය. එහි සෝපානයක් හෝ දුවන පඩිපෙලක් හෝ නොතිබුණි. කඳුළු කඩා හැලෙන්න ඔන්න මෙන්න තිබියදී හදිසියේම මනුෂ්‍යයෙක් එතැනට පැමිණ ඇයගේ බෑගය ඔසවා ගෙන පඩිපෙළ නගින්න මෘදු ලෙස ඇයට උපකාර කළේය. ඔහුට ස්තුති කිරීමට ඇය හැරුණ විට ඔහු ගොසිනි.

මයිකල් රැස්වීමකට යාමට ප්‍රමාද වී සිටියේය. සම්බන්ධතාවයක්…

ආලෝකය බැබළවීම

සෑමදාම කුමක් හෝ හේතුවක් නිසා තමා ඉක්මණින් පාසැල වෙත යා යුතු බව ස්ටීවන් තම දෙමාපියන්ට කීවේය. එය වැදගත් වන්නේ මන්ද කියා ඔහු කිසිවිටෙක තම දෙමාපියන්ට කීවේ නැත. එසේ වුවත් ඔවුන් සෑම උදයකම පෙ.ව. 7.15 වන විට ඔහුව පාසැලට ඇරලූහ.

ඔහු කණිෂ්ඨ වසරේ සිටින කාලයේ එක් ශීත සෘතුවේ දිනයක ඔහුගේ ජීවිතය උදුරාගත් රිය අනතුරකට මුහුණ දුන්නේය. පසුව ඔහුගේ දෙමාපියන්ට ඔහු එතරම්…

නිසි තැන පිහිටා

අපගේ පෘථිවිය හිරුගේ රශ්මිය දරා ගැනීම පිණිස සුදුසුම ස්ථානයේ පිහිටා ඇති බව විද්‍යාඥයෝ දනිති. ටිකක් ළංවුවහොත් සිකුරු ග්‍රහයාගේ මෙන් සියලු ජලය වාෂ්ප වනු ඇත. ටිකක් ඈත් වුවහෝත් අඟහරුගේ මෙන් ජලය මිදෙනු ඇත. පෘථිවියෙහි ප්‍රමාණය නිශ්චිත නිසා නියමිත ගුරුත්වාකර්ෂණය ඇත. නැතිනම් සඳ මත මෙන් සෑම දෙයක්ම බර නැතිව පාවෙනු ඇත. ගුරුත්වාකර්ෂණය වැඩි නම් බ්‍රහස්පතිගේ මෙන් විස වායුව පිරී හුස්ම ගැනීමට නොහැකි…

දෙවියන්වහන්සේ බලා සිටි සේක

ඩෙනිස් ලෙවටොව් වයස දොළහෙදී එනම් ඇය කිවිඳියක් මෙන් ප්‍රසිද්ධ වීමට බොහෝ කලකට පෙර ශ්‍රේෂ්ඨ කවි ටී.එස්. එලියට්ට කවි කිහිපයක් තැපැල් කිරීමට ඇයට පෙළඹවීමක් ඇති විය. මවිතයට කාරණයක් වූයේ එලියට් විසින් අතින්ම ලියූ පිටු දෙකක දිරිමත් ලිපියක් ඇයට එවීමයි. ඇයගේ කවි පෙළක් වන නිල් මැණික සහ ගංගාව යන කවි පෙළෙහි පෙර වදනේ ඇය අඥෙයවාදයේ (දෙවි කෙනෙකු ඉන්නවාද නැද්ද නොදන්නා ධර්මය) සිට…

ඔබට හොඳය

ලොව වටා සෙනග ඩොලර් බිලියන 98.2 ක් චොකලට් සඳහා 2016 වසරේදී වියදම් කළෝය. ගණන ඉතා විශාල වූවත් එය එතරම් පුදුමයක් නොවේ. චොකලට් ඉතා මිහිරිය. අපි එය ආශාවෙන් භුක්ති විඳින්නෙමු. එහි සෞඛ්‍ය ගුණාංගද ඇති බව දැනගත් විට මුළු ලෝකයම එකා මෙන් ප්‍රීති වූහ. චොකලට් වල ශරීරය වයසට යාම අවම කරන සහ හෘද රෝගවලට විරුද්ධ ගුණාංග ඇත. සෞඛ්‍යයට යහපත් වන වෙන කිසිවක්…

යාච්ඤා කිරීමට පොළඹවන ලදී

“අවුරුදු කිහිපයකට පෙර ඔයා ගැන යාච්ඤා කරන්න මට පෙළඹවීමක් ආවා. ඇයි කියලා මම දන්නේ නැහැ”.

මාගේ පැරණි මිතුරියගේ එම විද්‍යුත් පණිවුඩය සමග ඇයගේ බයිබලය තුළ තිබූ සටහනක් ඡායාරූපයක්ද සහිතව මට ලැබුණි. එහි “ජේම්ස් ගැන යාච්ඤා කරන්න. මනස, සිතුවිලි සහ වචන ගැන” යනුවෙන් ඇය ලියා තිබුණි. එහි පසුපස මාගේ නම ඉදිරියෙන් වසර තුනක් වෙනම සඳහන් වුනි.

එම වසර ගැන කල්පනා කරන…

අනර්ඝ ඵලය

බීජයක් වත්තට වීසිකර පැලවෙන්නේ කුමක්දැයි බැලීමට දරුවන්ට හැකි විය යුතුය. එසේ කියන්නේ පුෂ්ප පුරය ආරම්භ කළ රෙබෙකා ලේමොස් ඔටෙරෝය. මෙය යහපත් වතු පාලන ක්‍රමයක් නොවූවද ඉන් පෙන්වන්නේ බීජයකට ජීවනය ඉස්මතු කළ හැකි බවයි. 2004 සිට පුෂ්ප පුරය අඩු ආදායම් පළාත්වල පාසැල් සහ ඒ අවට මල්වතු ආරම්භ කර තිබේ. දරුවෝ පෝෂණය සහ රැකියා අවස්ථා ගැන එම වතුවලින් ඉගෙන ගනිති. “නගරබද පෙදෙසක…

සැළසුම් කළ අඩුපාඩුවක්

යෙරුසලමේ නැගෙනහිරින් මතුවන ස්වාභාවික උල්පතක් තිබේ. පුරාණ කාලයේදී නගරයට ජලය සැපයුවේ එම උල්පත පමණි. එය තිබුණේ නගරයට පිටින්ය. ඒහෙයින් යෙරුසලමට තිබු විශාලම අවදානම එය විය. නගරයට ඇතුල්වීමට සතුරාට නොහැකි විය. නමුත් උල්පත වසා දැමුවහොත් හෝ හැරවූවොත් හෝ නගරවාසීන්ට යටත් වීමට සිදුවේ.

හෙසෙකියා රජු මෙම ගැටළුව විසඳීය. ඒ ගල් අතරින් අඩි 1750 ක අගලක් නගරය තුළට කැපීමෙනි. එය පහළ පොකුණ නැමති…