ප්‍රවර්ගය  |  Uncategorized

කිසි නපුරකට බිය නොවන්නෙමි

1957 මෙල්බා පැටිල්ලෝ බීල්ස් “කුඩා පර්වත නවය” යන කණ්ඩායමට තෝරා ගන්නා ලදී . අර්කන්සාස්හි ලිට්ල් රොක් නැමැති නගරයේ ද්වීථිය පාසැලකට ඇය සමග නවයක කණ්ඩායමක් තෝරා ගැණුනි. එය ඊට ප්‍රථම සුදු ජාතික සිසුන්ට පමණක් සීමාවී තිබුණි. 2018 දී ඇගේ නිබන්ධයක ඇය ලීවේ “මම බිය නොවෙමි. මගේ කථාව නම් ජීවිත කාලයේම ගිනි යට ඇදහිල්ල ගොඩ නැගීමකි” යනුවෙනි. පහළොස් වියැති ශිෂ්‍යාවක ලෙස ඇය…

දිනන්නේ කවුද කියා අප දන්නා විට

මාගේ පරිපාලක තුමා එක්තරා විද්‍යාල පැසිපන්දු කණ්ඩායමකට විශාල ලෙස සහයෝගය දක්වන්නෙකි. මේ වසරේ ඔවුන් ජාතික කිරුළ දිනාගත්තෝය. එවිට තවත් හවුල් සේවකයෙකු ඔහුට සුභ පතා විද්‍යූත් පණිවුඩයක් යැවීය. ගැටළුව නම් මාගේ පරිපාලකතුමාට අවසන් තරඟය නැරඹිමට එතෙක් නොහැකි වීමය. ඔහු අසහනයට පත්වී සිටියේය. ඊට හේතුව ක්‍රිඩාව දැකීමට පෙර ප්‍රතිඵලය දැන ගැනීමය. නමුත් ඔහු කිවේ ක්‍රීඩාව නරඹන විට ඔහු ප්‍රතිඵලය දැන ගෙන සිටි…

නිල් ඉරි

හිම මත ලිස්සා යාමට සාදා ඇති පිට්ටනි බොහෝ විට ලකුණු කර ඇත්තේ සුදු හිම මත නිල් වර්ණයෙනි. එම සළකුණු නරඹන්නන්ගේ දෘෂ්ටියට බාධාවක් විය හැකිය. නමුත් තරඟකරුවන්ගේ සාර්ථකත්වයට සහ ආරක්‍ෂාවට එය අත්‍යවශ්‍ය වේ. වේගවත් මංතීරුවේ කන්දේ පහළ දැකීමට එම තීන්ත තරඟකරුවන්ට උපකාර වේ. ඊට අමතරව තීන්ත වල වෙනස ගැඹුර ගැන දැනුවත් කිරීමක් ක්‍රීඩකයන්ට ලබා දෙයි. එතරම් වේගයකින් යන විට ඔවුන්ගේ ආරක්‍ෂාවට…

පසුපසට ඇවිද යාම

ෆ්ලැනරි ඕ කොනර් වයස හයේදී කළ හාස්කමක් ගැන 1932 දී නිපදවනු ලැබූ චිත්‍රපටියක්, නැරඹිමට මට අවස්ථාවක් එළඹුණි. ඒ ඇයගේ ගොවිපළේ සිටි කිකිළි පැටවෙකුට පසුපසට අවිදීමට පුහුණු කිරීමය. පසුව ඇය සුප්‍රසිද්ධ ඇමෙරිකානු ලේබිකාවක් බවට පත්විය. එම කාර්යයේ නවතාවයට අමතරව මෙම ඓතිහාසික කොටස නිවැරදි රූපකායක් බව මම කල්පනා කළෙමි. ඇයගේ සාහිත්‍යමය හැකියා සහ ආත්මික අදහස් නිසා ඇය ඇත්තෙන්ම වසර 39 ක් පසුපසට…

මම කැමතියි

වෙහෙස වූ එක් දිනෙක ෂර්ලි තම හාන්සි පුටුවේ දිග ඇදුණාය. ඇය ජනේලයෙන් පිටත බැලුවාය. වයසක යුවළක් “නොමිළේ” කියා සඳහන් වන ලේබලයක් ගසා තිබූ පරණ වැටක් ගළවා ගැනීමට වීර්යය කරනවා දුටුවාය. ඇය තම ස්වාමිපුරුෂයාද ඇදගෙන ඔවුන්ට උපකාර කිරීමට පිටතට දිව්වාය. ඔවුන් සතර දෙනා වීල්බැරැක්කයකට වැටේ කොටසක් රෝල්කර දැමූහ. එය වයසක යුවළගේ නිවසට නගරය හරහා තල්ලුකර ගෙන ගියෝය. ඔවුන් සෙනගට කෙතරම් ආකර්ශණයක්…

අවසන් වදන්

ඇයගේ නම සැරලින්ය. අපගේ පාසැල් කාලයේදී මට ඇය ගැන සිතක් විය. ඇයට ඉතාම පියකරු සිනහවක් තිබුණි. මාගේ කැමැත්ත ඇය දැන සිටියාදැයි මම නොදනිමි. නමුත් එහෙම වෙන්නට ඇතැයි මම සැක කරමි. උපාධියෙන් පසු මට ඇය මග හැරුණි. සාමාන්‍යයෙන් සිදුවන පරිදි අපගේ ජීවිත දෙ අතකට ගියෝය.

මා අපගේ පංතියේ අය සමග අන්තර් ජාලයෙන් සම්බන්ධ වෙමි. සැරලින් මිය ගිය බව ආරංචි වී මට…

මග පෙන්වන ආලෝකය

ආපණ ශාලාව පියකරුය. නමුත් අඳුරු විය. සැම මේසයකම තිබුණේ එක් ඉටිපහනක් පමණී. කෑම වට්ටෝරු කියවීමටද මේසයේ වාඩිවී ඉන්න අය දෙස බැලීමටද කන්නේ කුමක්දැයි බැලීමටද සෙනග තම ජංගම දුරකථන වල එළිය භාවිතා කළහ. අවසානයේ එක් පාරිභෝගිකයෙකු නැගී සිටියේය. වේටර් කෙනෙකු වෙත ගොස් පහසු ප්‍රශ්නයක් ඇසුවේය. “ලයිට් දානවාද?”. වැඩි වේලාවක් යාමට පෙර සීලිමේ බල්බයක් දැල්වුණි. ශාලාවේ සිටි අය අත්පුඩි ගැසුවෝය. සිනහව සහ…

එය ලිස්සන සුළුය

මා ලිස්සා යාමේ ක්‍රීඩාව පුහුණුවන කාලයේ බැරැරුම් බව නොපෙණුන පල්ලමක මාගේ පුතාට පිටුපසින් රූටා ගියෙමි. ඔහු දෙසම මම බලා සිටි හෙයින් එම කන්දෙහි තිබෙන දරුණුම පල්ලම එය බව නොදුටුවෙමි. මා ඉක්මණින් රූටා යනවා මට දැණුනි. පාලනය ගිලිහී ගියේය. මම හැප්පී වැටුණෙමි.

ගීතාවලිය 141 පෙන්වන්නේ පාපය නැමැති පල්ලමේ අපි පහසුවෙන් හසුවන ක්‍රමයයි. එම පල්ලම් වලදී අවදිව සිටීමට එක් ක්‍රමයක් නම් යාච්ඤාව…

කල්පවතින උරුමයක්

තෝමස් එඩිසන් පළමු ප්‍රායෝගික විදුලි බල්බය සොයා ගත්තේය. ජෝනාස් සල්ක් ක්‍රියාකාරී පෝලියෝ එන්නත සොයා ගත්තාය. ඇමී කාර්මයිකල් අප නමස්කාරයේදී ගායනා කරන බොහෝ ගීතිකා ලීවාය. ඔබ ගැන කෙසේද? මේ ලෝකයේ ඔබව තබා ඇත්තේ ඇයි? ඔබගේ ජීවිතය ඔබ ආයෝජනය කරන්නේ කෙසේද?

උත්පත්ති 4 අපට පවසන්නේ “ඒව ගර්භණීව කායින් ඉපදවූ” බවය. කායින් ප්‍රථම වරට තම දෑතට ගෙන ඒව ප්‍රකාශ කළේ “ස්වාමින්වහන්සේගෙන් මනුෂ්‍යයෙකු ලබාගතිමියි”…

වෙනස් නොවේ

මාත් මාගේ භාර්යාවත් කැලිෆෝර්නියාවේ සාන්ත බාබරා වෙත ගියෙමි. ඒ වසර 35 කට පෙර අප හමුවී ප්‍රේමයෙන් වෙළි සිටි නගරයයි. අප ගියේ අපගේ විදුහලේ ආදි සිසු එකමුතුවකටය. අපගේ තරුණ කාලයේ එකට සිටි ස්ථාන බැලීමට යාමට අපි තීරණය කළෙමු. අප එකල කැමතිව සිටි මැක්සිකානු ආපන ශාලාව වෙත පැමිණි විට එහි තිබුණේ ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන ආයතනයකි. ආපන ශාලාව සහ එහි දශක 4 ක…