අපගේ රක්‍ෂස්ථානය
මගේ පළමු රැකියාව ක්‍ෂණික ආහාර සපයන ආපන ශාලාවකය. එක් සන්ධ්‍යාවක පිරිමි ළමයෙක් මා වටා කැරකෙමින් මා නිවසට යන්නේ කීයටදැයි අසමින් සිටියේය. එය මාව අපහසුතාවයකට පත් කළේය. රාත‍්‍රිය වන විට කළමණාකරු ඔහුව එළියට දමනු ඇතැයි බියෙන් කෑම සහ බීම ඔහු ඇනවුම් කළේය. මා ජීවත් වූයේ එතරම් දුරක නොවේ. නමුත් අඳුරු ස්ථාන කිහිපයක්ද වැලි සහිත පාළු පෙදෙසක්ද පසු කිරීමට තිබුණි. මධ්‍යම රාත‍්‍රිය…
දැන්වීමේ ඇති පරිදි
නිවාඩු කාලයේදී මාගේ ස්වමිපුරුෂයාත් මාත් ජෝර්ජියාවේ චැටහූකි ගඟේ පාරු සංචාරයක් සඳහා නම් දුනිමු. මා ගෙන ගියේ අව් රශ්මියට ඔරොත්තු දෙන ඇඳුමක්, සෙරෙප්පු සහ විශාල වාටි ඇති තොප්පියක් පමණි. නමුත් දැන්වීමේ තිබුණේ නැති කැළඹිලි සහිත ගඟක රබර් බෝට්ටුවක යාමටද අපට තිබුණි. ඔව්හු මාගේ ස්වාමි පුරුෂයාට බෝට්ටුව පදින ආකාරය ඉගැන්වීය. අපව ආරක්‍ෂා කරන බව පැවසීය. මාගේ ආරක්‍ෂිත කබායට මම ස්තුතිවන්ත වීමි. ගඟේ…
"පේ‍්‍රම කරන්න සිතේ!"
"පේ‍්‍රම කරන්න සිතේ!"
එම ප‍්‍රකාශය මාගේ දියණියගෙන් පැමිණියේය. ඒ ඇය උදෑසනක සුදානම් වන විටය. ඇය කියන දෙය මට තේරුණේ් නැත . ඇය තම කමිසයට තට්ටුකර පෙන්වුවාය. එය ඥාතියෙකුගෙන් ඇයට ලැබුණු එකකි. එහි ඉදිරිපිට ලියා තිබණේ "පේ‍්‍රම කරන්න සිතේ" යන්නයි. මම ඇයව වැළඳ ගත්තෙමි. ඇය අවංක සිනහාවක් පෑවාය. "ඔබට පේ‍්‍රම කරන්න සිතෙනවා" මම කීවෙමි. ඇගේ සිනහාව තවත් වැඩි විය. ඇය පැන…
විවේචකයා නිශ්චල කිරීම
වාර්ෂික සමූහන වැඩ සටහනක් සුදානම් කිරීමට අපට කණ්ඩායමක් ඇත. එම වැඩ සටහන සාර්ථක කර ගැනීම පිණිස අපි මාස 11 ක් වැඩ කරන්නෙමු. දිනය සහ ස්ථානය තෝරා ගන්නෙමු. ප‍්‍රවේශ පත‍්‍ර මිළ තීරණය කරන්නෙමු. ආපන ශාලා සහා තාක්‍ෂණික කාර්මිකයන් සොයා ගන්නෙමු. වැඩ සටහන සමීප වන විට පොදු ප‍්‍රශ්න වලට පිළිතුරු දෙන්නෙමු. මග පෙන්වීම් ලබා දෙන්නෙමු. පසුව අපි යෝජනා එකතු කර ගන්නෙමු. සමහරක්…
යටහත් පේ‍්‍රමය
බෙන්ජමින් ෆ‍්‍රෑන්ක්ලීන් තරුණ කාලයේදී ඔහුගේ ජීවිතයේදී ඔහු ළඟ විය යුතු ගුණාංග 12 ක් සටහන් කර ගත්තේය. ඔහු එය මිතුරෙකුට පෙන්වීය. මිතුරා ඔහුට යටහත්කමද ඇතුළත් කරන්න යයි කීවේය. ෆ‍්‍රෑන්ක්ලීන් එයට කැමති විය. ඔහුගේ ලැයිස්තුවේ ඇති කාරණා වලට උපකාර වන නිර්දේශයන් ඔහු ලිවීය. යටහත්කම ගැන අනුගමණය කළ යුතු ආදර්ශය ලෙස ඔහු යේසුස්වහන්සේ යොදා ගත්තේය.
යටහත්කම ගැන පරම ආදර්ශය යේසුස්වහන්සේය. දෙවියන්වහන්සේගේ වචනය අපට…
නම කියා කථා කර
වෙළඳ ප‍්‍රචාරකයන් පැමිණ ඇති නිගමණය නම් පේ‍්‍රක්‍ෂකයන් ප‍්‍රතිචාර දක්වන හොඳම වචනය ඔවුන්ගේ නම බවය. ඒ හෙයින් රූපවාහිණී නාළිකාවක් අන්තර් ජාලයෙන් පුද්ගලික නාමය අමතන දැන්වීම් සේවයක් ආරම්භ කර ඇත.
රූපවාහිණීයෙන් අපගේ නම කියනවා අපට ප‍්‍රීතිය දෙනු ඇත. නමුත් අපට පේ‍්‍රම කරන කෙනෙකු තුළින් අපගේ නම ඇසෙන විට එහි වැඩි රසයක් ඇත්තේය.
මග්දලාහි මරියාගේ අවධානය ඇදී ගියේ කුරුසිගත කිරීමෙන් පසු යේසුස්වහන්සේගේ සොහොන…
මගේ පියාගෙන් උපදෙසක්
සංස්කාරක රැකියාවක් අවසන් වූ පසු අලුත් එකක් සෙවීමට උදව් කරන්න යයි මම දෙවියන්වහන්සේට යාච්ඤා කළෙමි. නමුත් සති කිහිපයක් නිමාවූ පසුත් කිසිදෙයක් නොලැබුණි. බොහෝ ඉල්ලුම්පත් පිරෙව්වද අන්තර් ජාලයෙන් රැකියා සෙව්වද ඵලක් නොවීය. මම සසල වී "ස්වාමිනී රැකියාවක වැදගත්කම ඔබට තේරෙන්නේ නැද්ද?" කියා දෙවියන්වහන්සේගෙන් ඇසීමි. පිළිතුරු නොලැබුණාක් මෙන් පෙණුනු යාච්ඤාව නිසා මම දෑත් බැඳගෙන සිටියෙමි.
මාගේ රැකියා තත්ත්වය ගැන මාගේ පියාට කථා…
උණුසුම් පිළිගැනීමක්
"සෑම කෙනාවම වැළඳ ගන්නේ කවුද?"
අපගේ මිතුරු ස්ටීව්ට පිළිකාවක් සෑදී ඇති නිසා තමාට සභාවෙන් ටික කාලයකට ඈත්වී සිටීමට සිදුවන බව දන්නා බැවින් ඔහු ඇසූ ප‍්‍රශ්නය එයයි. ස්ටීව් සෑම කෙනාවම පිළිගන්නා කෙනෙකි. ඔහු මිත‍්‍රශීලී ලෙස පිළිගනී. අතට අත දෙයි. සමහර විට ශුද්ධ සිප ගැනීමක් කරයි. එය රෝම 16:16 අදාල කිරීමකි. එහි ඇත්තේ "ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න" කියාය.
දැන් අපි ස්ටීව්ව…
පරිපූර්ණ පියාණෝ
සුපිරි වෙළඳ සැළක සිට පියවරුන්ගේ දිනයට සුදුසු කාඩ් පතක් සොයා ගැනීමට බොහෝ උත්සහ කළෙමි. කඩතොළුවූ සම්බන්ධතාවයකින් පසුව දැන් අප සම්බන්ධව සිටියද මාගේ පියාට මා සමීප වූයේ යයි මට කිසිදාක සිතී නැත.
"තමන්ගේ තාත්තලා සමඟ හරි සම්බන්ධතාවයක් නැති වුනත් හරි දේ කරන්න උත්සාහ කරන අයට කාඩ් හදන්නේ නැත්තේ ඇයි" කියා මා අසළ සිටි කාන්තාව මිමිණුවාය. ඇය අතෙහි තිබූ කාඩ් පත නැවත…
මුහුණු
අපගේ මිණිපිරිය වන සාරා අප මිය ගිය විට සිදුවන දෙය ඉතා කුඩා කාලයෙහි විස්තර කළාය. "ඔබගේ මුහුණු පමණක් ස්වර්ගයට යනවා. ඔබගේ ශරීරය යන්නේ නැහැ. ඔබට අලුත් ශරීරයක් ලැබෙනවා. නමුත් ඔබගේම මුහුණ තිබෙනවා".
සාරා සදාකාලික ජීවනය ගැන තේරුම් ගත් විදිහ කුඩා දරුවෙක්ගේ අදහසකි. නමුත් ඇය සදාකාලික සත්‍යය තේරුම් ගත්තාය. එක් අතකින් අපගේ මුහුණු නොපෙනෙන ආත්මයේ දෘශ්‍යමාන පැත්තයි.
කෝපයේ බැල්මක් මගේ මුහුණේ…