සත්‍යයෙන්
වරස ගණනාවකට පෙර මම රටවල් දෙකක දෙදෙනෙකු විවාහ වූ මංගල්‍ය උත්සවයකට සහභාගි වීමි. සංස්කෘතික දෙකක එවැනි සංකලණයක් අලංකාර විය හැකිය. නමුත් මෙම උත්සවයට කිතුණු චාරිත‍්‍ර සහ බොහෝ දෙවිවරුන් ඇදහූ ධර්මයක සිරිත් විරිත්ද මිශ‍්‍ර විය.
අනාගතවක්තෘ ශෙපනියා සත්‍ය දෙවියන්වහන්සේ සමඟ අන් ඇදහිලි මිශ‍්‍ර කිරීම හෙලා දැක්කේය. යුදා, සත්‍ය දෙවියන්වහන්සේට නමස්කාර කළද මොලෙක්ටද (ශෙපනියා 1:15) නමස්කාර කරන සෙනගක් බවට පත්වී තිබුණි. ශෙපනියා…
උරෙන් උර දී
පුරාණ කාලයේදී කැඩුණු පවුරක් එළිදරව් කළේ පරාජය වූ භයංකාරත්වයට සහ ලැජ්ජාවට විවෘත වූ සෙනගකි. යුදෙව්වෝ යෙරුසලමේ පවුරු ගොඩ නැගුවේ ඒ නිසාය. කෙසේද? එකිනෙකා උරෙන් උර ගැටී වැඩ කිරීමෙනි. නෙහෙමියා 3 හි එය හොඳින් විස්තර වේ.
ප‍්‍රථම කියවීමේදී 3 වන පරිච්ඡේදය දැක්වෙන්නේ ගොඩනගන අය කළ ක‍්‍රියා ගැන නීරස විස්තරයක් යයි ඔබට සිතෙනු ඇත. නමුත් සමීපව බලන කල සෙනග වැඩ කළ ආකාරය…
අන්ධ මනුෂ්‍යයෙක්ගේ ආයාචනයක්
වසර ගණනාවකට පෙර මා සමඟ ගිය මිතුරෙකු දුටුවේ මා දුර තිබෙන දේවල් දැකීමට වීර්යයක් ගන්නා බවය. ඊළඟට ඔහු කළ දේ සරළය. එහෙත් ජීවිතය වෙනස් කරන සුළු විය. ඔහු තම උපැස් යුවළ ගළවා "මේක දාලා බලන්න" යයි කීවේය. මම එම උපැස් යුවළ දැමූ විට පුදුමයකි! මාගේ බොඳවූ දර්ශනය පැහැදිලි විය. පසුව මම දෘෂ්ඨි විශේෂඥයෙකු වෙත ගියෙමි. ඔහු දර්ශනය පැහැදිළි වන උපැස්…
මගේ දෑස් විවෘත කරන්න
ප‍්‍රථම වතාවට මා ඉස්තාන්බූල් හී තේජවත් කෝරා සභාවට ගිය විට සිවිලිමේ තිබූ චිත‍්‍රවලින් සමහර බයිබල් කථාවන් පහදා ගැනීමට මට තනිවම හැකි විය. නමුත් බොහෝමයක් මට මඟ හැරී ගියේය. දෙවන වර මට මඟ පෙන්වන්නෙකු විය. මට මඟ හැරුණු සියලු විස්තර ඔහු මට තේරුම් කර දුන්නේය. එවිට සියල්ලේ සම්පූර්ණ අර්ථය මට අවබෝධ විය. උදාහරණයක් ලෙස පළමු කොටසෙහි ලූක් ශුභාරංචියට අනුව යේසුස්වහන්සේගේ ජීවිතය…
ඔරලෝසු සහ දින දර්ශන
මගේ පියා 58 හැවිරිදි වයසේදී මිය ගියේය. ඔහු මිය ගිය දිනයෙහි නැවතී ඔහුව සිහිකරමින් ඔහු මාගේ ජීවිතයට දුන් ආභාෂය ගැන මම සිතා බලමි. ඔහු සමඟ සිටියාට වඩා වැඩි කාලයක් ඔහු නැතිව සිටි බව මට අවබෝධ වන විට මාගේ ජීවිතයේ ඇති කෙටි බව මට මතක් වේ.
අපගේ ජීවිතය ගැන නැවත සිතා බලන විට අපගේ ජීවිතයේ සිදුවීමක් සහ එය අප තුළ ඉස්මතු…
"සපන" වර්ෂයන්
මාගේ භාර්යාව මෑතකදී මා හට ලැබ‍්‍රඩෝර් රිට්රීව් වර්ගයේ බලු පැටියෙකු දුන්නාය. අපි මැක්ස් යන නම ඌට තැබීමු. එක් දිනක් මැක්ස් මාත් සමඟ මාගේ කාමරයේ කාලය ගත කරද්දී මා පසුපසින් කොල ඉරන ශබ්දයක් ඇසුණි. මම පසුපස හැරුණෙමි. මා දුටුවේ විවෘත වූ පොතකි. පොතේ පිටුවක් බලු පැටියාගේ කටෙහි එල්ලෙමින් තිබුණි. බලු පැටියාගේ මුහුණ වරදක් කළ බවක් පෙන්නුම් කළේය.
අපගේ පශු වෛද්‍ය පවසන්නේ…
නවතින්න
නොනවතින රිද්මයක් සහිත මුහුද අසල මාත් මාගේ මිතුරියත් වැල්ලේ වාඩිවී සිටියෙමු. ඈත අහසේ හිරු බැස යමින් තිබේ. රැල්ලෙන් රැල්ල වෙරළට ගසයි. රැල්ල නැවතී අප දිගු කර ගෙන ඇති පාදයන් දෙසට ඇදී එයි. අප අසළටම අවුත් එය නවතී. "මම මුහුදට ආදරෙයි" ඇය කියයි. "නමුත් එය යන්නට යනවා. ඒ නිිසා රැල්ලට ආදරේ කරන්න මට අවශ්‍ය නැහැ".
කෙතරම් අනර්ඝ සිතුවිල්ලක්ද! අප බොහෝ දෙනෙකුට…
අතරමග නවතන ලද සහභාගීත්වය
දුක්බරවූ මහත් මොර ගැසීම අඳුරු සන්ධ්‍යාවේ වායුව සිසාරා ගියේය. යේසුස්වහන්සේගේ මිතුරන් සහ ප‍්‍රියයන් උන්වහන්සේගේ පාමුළ හඬා වැළපෙන ශබ්දයද ඒ හඬින් යටපත් වන්න ඇති. යේසුස්වහන්සේගේ දෙපැත්තෙහි විලාප හඬද ඒ ශබ්දය යටපත් කරන්න ඇති. එය අසා සිටි සියල්ලෝම අනිවාර්යයෙන්ම ඒ හඬින් බියපත් වෙන්න ඇති.
"ඒලී, ඒලී, ලාමා සබක්තානි" යයි යේසුස්වහන්සේ වේදනාවෙන් මහත් දුකකින් හඬ ගැසීය. ඒ උන්වහන්සේ ගොල්ගොතා කන්දෙහි ලැජ්ජාවෙන් සිටින අතරය (මතෙව්…
වචන අපොහොසත් වූ විට
මෑතකදී මගේ භාර්යාව වන කෙරීට කටහඬ තාක්‍ෂණය භාවිතා කර කෙටි පණිවුඩයක් යැව්වෙමි. ඇය වැඩ කරන ස්ථානයේ සිට නිවසට ඇය ගෙන ඒම පිණිස මම නිවසින් පිටවෙමින් සිටියෙමි. "ඔබව මම හමුවිය යුත්තේ කොහේද? වයසක කෙල්ල" යයි මම පණිවුඩයක් තැබීමි. "වයසක කෙල්ල" කියනවාට කෙරීට ප‍්‍රශ්නයක් නැත. එය අපි ගෙදරදී ආදරයට භාවිතා කළ වචනයකි. නමුත් මගේ ජංගම දුරකථනයට එම වැකි කඩ තේරුණේ නැත. ඒ…
ක්‍ෂිතිජය දෙස බලා සිටීම
බෝට්ටුව ගමන් ආරම්භ කළ විටම මාගේ කුඩා දියණිය තමාට අසනීප බව කීවාය. මුහුදු අසනීපය දැනටම ඇයට බලපාන්නට ආරම්භ වී තිබුණී. ඉක්මණින් මටත් එය බලපෑම් කළේය. "ක්‍ෂිතිජය දෙස බලන්න". මම මතක් කර ගතිමි. නැවියෝ මෙය කියන්නේ අලුත් දැක්මක් ලබා ගැනීමටය.
ක්‍ෂිතිජයේ මැවුම්කරුවාණෝ (යෝබ් 26:10) ජීවිතයේ සමහර අවස්ථාවලදී අපි බියවන බවත් අසහනයට පත්වන බවත් දන්නා සේක. දුර එනම් අපගේ ගමනාන්තය දෙස අවධානය…