ප්‍රවර්ගය  |  Uncategorized

අවසන් කැඳවීම

හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස වසර 20 ක් සේවය කළ පසු ජේම්ස් තම සමූහනයට සේවය කිරීම පිණිස නිවසට ආවේය. නමුත් ඔහුට හෙලිකොප්ටර් නැතුව බැරි විය. එසේ හෙයින් ඔහු ප‍්‍රාදේශීය ආරෝග්‍ය ශාලාවක ගුවන් නියමුවෙකු ලෙස සේවය කලේය. ඔහු වයසට යන තුරුම නියමු රැකියාව කළේය.

දැන් ඔහුට සමුදීමට කාලය පැමිණ තිබේ. මිතුරන්, පවුලේ අය සහ නිල ඇඳුම් ඇඳි හවුල් සේවකයන් සොහොනෙහි සීරුවෙන් සිටින අතර…

චර්මය සහිත දෙවියෝ

මාගේ සැමියා මාසයක සංචාරයකට ගියේය. නිමේෂයකින් මම මාගේ රැකියාව, නිවස සහ දරුවන්ගේ කාර්යයන් ගැන ලත වීමි. ලිපියක් ලියා අවසන් කිරීමට දින හරිය. තණ කොළ කපන යන්ත‍්‍රය ක‍්‍රියා විරහිත විය. මාගේ දරුවෝ පාසැල් නිවාඩුවේ පසුවූහ. ඔව්හු අලසකමින් සිටියෝය. මම තනිව මේ සියල්ල කරන්නේ කෙසේද?

නමුත් මම තනිවී නැති බව මට ඉක්මණින් වැටහුණී. සභාවේ මිතුරෝ උදව්වට ආවෝය. ජොෂ් තණ කොළ කපන යන්ත‍්‍රය…

කිසිිවෙක් මට කැමති නැත

කුඩා කාලයේදී මට තනිකම, ප‍්‍රතික්‍ෂේපය හෝ මා ගැනම දුක දැනුන විට මාගේ මව කුඩා කවියක් කියා මා සැනසීමට උත්සාහ කරන්නීය. "මට කවුරුත් කැමති නැහැ. සෑම කෙනාම මාත් එක්ක තරහයි. මම ගොසින් පණුවෝ කන්නෙමි". මාගේ දුක්බර මුහුණට සිනහවක් පැමිණි විට කෘතඥ වීමට බොහෝ හේතු සහ සම්බන්ධතා ඇය මට පෙන්වා දෙන්නීය. ඇත්තෙන්ම ඒවා මා වෙත තිබුණි.

තමා ගැන කිසිවෙකු සළකන්නේ නැතැයි දාවිත්ට…

අහඹු ප‍්‍රඥාව

වසර කිහිපයකට පෙර ස්ත‍්‍රියක් තම යෞවන පුත‍්‍රයා භයානක සිද්ධියක් ඇතුළත් ප‍්‍රවෘත්තියක් නරඹමින් සිටි ආකාරය ගැන මා හට කීවාය. ඇය ක්‍ෂණිකව රූපවාහිනිය වසා දැමුවාය. "ඒවා බලන්න අවශ්‍ය නැහැ" ඇය ඔහුට කීවාය. වාදයක් හට ගැණුනි. ඇය අවසානයේ ඔහුට කීවේ "යම් පමණ දේ සැබෑද යම් පමණක් දේ සාධාරණද යම් පමණක් දේ පිරිසිදුද..." (පිලිප්පි 4:8) යනාදියෙන් පමණක් ඔහු තම මනස පුරවා ගත යුතු බවය.…

නිදි කිරමින් සහ එහා මෙහා හැරෙමින්

රාත‍්‍රියෙහි ඔබට නින්ද නොයන්නේ කුමක් නිසාද? මෑතකදී මට නින්ද නොගියේය. මම නිදි කිරමින් එහා මෙහා හැරෙමින් ප‍්‍රශ්නයකට විසඳුමක් සෙවීමි. අවසානයේදී ඉන් පසු දිනයේ අභියෝගයන්ට මුහුණ දීමට අවශ්‍ය ප‍්‍රමාණයට විවේකයක් නොලැබ අපහසුතාවයට පත් වන්නෙමි.

එය හුරු පුරුදුයි නේද? වියවුල් වූ සම්බන්ධතාවයන්, අවිනිශ්චිත අනාගතයන් මේ කුමක් වූවත් එක් අවස්ථාවකදී අපි කණස්සල්ලට ඉඩ දෙමු.

ගීතාවලිය 4 ලියන විට දාවිත් රජු කණස්සල්ලෙන් සිටියේය. බොරු…

බබුෂ්කා කාන්තාව

1963 දී ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිතුමා ඝාතන සිද්ධියේ සැඟවුණු අභිරහසක් නම් "බබුෂ්කා කාන්තාවය". ඇය එම සිද්ධියේ දර්ශන කැමරාගත කළාය. නමුත් ඇය කවුද කියා අවිනිශ්චිත විය. මෙම අභිරහස් කාන්තාව කබායක් සහ හිස් ආවරණයක් පැළඳ (රුසියානු බබුෂ්කාවක් මෙන්) සිටියාය. ඇයව කෙදිනකවත් හඳුනා ගැනීමට නොහැකි වූ අතර ඇය ගත් ඡායාරූප කිසිවෙකු දුටුවේද නැත. එම අඳුරු නොවැම්බර් දිනයේ කථාව බියකරු නිසා "බබුෂ්කා කාන්තාව" එය…

ගසක් උඩට වී

කුස්සියේ මේසය උඩ මාගේ පූස් පැටියා බනිස් සොරෙන් කනවා මාගේ මව දුටුවාය. කේන්ති ගොස් ඇය පූස් පැටියාව එළවා දැමුවාය. පැය ගණනකට පසු අපි වත්ත පුරා පූස් පැටියාව සෙවීමු. ඌ පෙනෙන්ට නොසිටියේය. ඤාව් ශබ්දයක් යාම්තමින් ඇසුණී. පුළුන් ගසක උඩ අත්තක කුඩා කළු ගුලියක් මම දිටීමි.

තම හැසිරීම නිසා කෝපවූ මගේ මවගෙන් බේරීමට "වෙල්වට්" ඊට වඩා අසීරු ඉලක්කයක් සොයා ගත්තාය. අපිත් සමහර…

සමාව දීමේ යාච්ඤාවක්

1960 එවකට වසර හයක් වූ රූබී බි‍්‍රජස් ඇමෙරිකාවේ දකුණේ සුදු ජාතීන්ට පමණක් සීමාවූ සියලුම ප‍්‍රාථමික පාසැල්වලට මුලින්ම ඇතුල්වූ ඇමෙරිකානු අප‍්‍රිකානු දරුවා වූවාය. මාස ගණනාවක් දිනපතාම රූබීව පාසැල් රැගෙන ගියේ පොලිසියෙනි. කෝපවූ දෙමාපියන් රැස්වී ඇය වෙත ශාප තර්ජන සහ අපහාස යොමු කළහ. පාසැලට ඇතුල්වූ පසු ආරක්‍ෂිතව ඇයට ඉගැන්වීමට කැමති වූ එකම ගුරුවරිය වන බාබරා හෙන්රිගෙන් ඇය ඉගෙන ගත්තාය. දෙමව්පියෝ රූබීගෙන් තම…

අලුත් සමාජයක්

මාගේ මිතුරිය වන කැරීගේ පස් හැවිරිදි දියණිය මයිජායි සෙල්ලම් කරන විට විවිධ වර්ගයේ බෝනික්කන් එකතු කර අලුත් සමාජයක් සාදන්නීය. ඇ කල්පනා කරන ලෙස සිල්ලෝ එක්ව සිටිය යුතුය. මේ ඇයගේ සෙනගයි. ඔවුන් ප‍්‍රීතියෙන්ම සිටින්නේ එක්ව සිටින විට යයි ඇය කල්පනා කරයි. ඒ ඔවුන් කුමණ ප‍්‍රමාණයෙන් හෝ හැඩතලයෙන් සිටියත්ය.

ඇයගේ නිර්මාණශීලීත්වය දෙවියන්වහන්සේ සභාවට තබා ඇති පරමාර්ථය මට සිහි ගන්වයි. ලූක් කියන අන්දමට…

එසේ නොකළත්

සමහර විට ජීවිතය අපට විශාල පහරක් දෙයි. තවත් සමහර විට හාස්කම් සිදුවේ.

බබිලෝනි වහලුන්ව සිටි තරුණයින් තුන් දෙනෙකු දරුණු රජු ඉදිරියෙහි සිටියෝය. ඔවුන් ඉදිරියෙහි තිබූ යෝධ රූපයට කිසි හේතුවක් නිසා හෝ නොවඳින බව ඔව්හු පැවසූහ. ඔවුන් සියල්ලෝ එක හඬින් කීවේ "ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවය කරන අපේ දෙවියන්වහන්සේට පුළුවන. රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවන සේක. එසේ නොකළත්…