ප්‍රවර්ගය  |  Uncategorized

සංක‍්‍රාන්තියේදී

ඝානාවේ සෙනඟ මරණ දැන්වීම්, පුවරුවලද තාප්පවලද සතිපතා ගසති.  "ගියා ඉක්මන් වැඩියි"  "ජීවිතය සමරමු"  ''මොන පුදුමයක්ද?"  යන මාතෘකා යටතේ මොලොව හැර ගිය පේ‍්‍රමණීය අයගේ විස්තරද අවමංගල්‍ය දිනය පිළිබඳ විස්තරද
සඳහන් කරති. මා කියවූ එක් මාතෘකාවක් නම්  "සංක‍්‍රාන්තියේදී"  ය. ඉන් පෙන්නුම් කරන්නේ සොහොනින් පසු එන ජීවිතයයි.

සමීප ඥාතියෙකු හෝ මිතුරෙකු මිය ගිය විට ලාසරුස් ගැන ඔහුගේ සහෝදරියන් වන මරියා සහ මාර්තා කළ ලෙස…

සැලසුම් උන්වහන්සේගේද මාගේද?

මගේ ස්වාමිපුරුෂයා වයස 18දී මෝටර්රථ පිරිසිඳු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඔහු ගරාජයක්ද උදව් කාරයන්ද කුළියට ගෙන ප‍්‍රචාරක පුවරු සෑදීය. ව්‍යාපාරය දියුණු විය. ඔහුගේ අදහසවූයේ එය විකුණා ඔහුගේ ඉගෙනීමේ කටයුතු වලට මුදල් යෙදීමටය. මිළට ගන්න කෙනෙකු පැමිණි විට ඔහු උද්දාමයට පත්විය. සාකච්ඡුාවලින් පසු ගනුදෙනුව සිද්ධවන බවක් පෙනිණි. එහෙත් අවසාන මොහොතේ එය බිඳවැටිනි. ඔහුගේ අදහස හරිගියේ තව මාස කිහිපයකට
පසුවය.

අපගේ බලාපොරොත්තු…

හොලිවුඞ් කඳුවැටියේ ඇති කුරුසිය

එක්සත් ජනපදයේ වඩාත් හඳුනාගන්නා ස්මාරකය නම් දකුණු කැලිෙෆා්ර්නියාවේ ඇති හොලිවුඞ් ලාංඡනයයි. ලොව වටා සෙනඟ "සින්සෙල් ටවුන්"වෙත එන්නේ තරුවල සිමෙන්ති පාසටහනක් දැකගැනීමටය. සමහර විට ගමන් කරමින් සිටින තරුවක් දැක ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබේ. කඳුපාමුල ඇති ලාංඡනය මෙම අමුත්තන්ට නොපෙනී යන්නේ නැත.

හොලිවුඩයේ එතරම් ප‍්‍රසිද්ධ නැති එහෙත් පහසුවෙන් හඳුනාගත හැකි තවත් ලාංඡනයක් ඇත. එහි සදාකාලික වැදගත්කමක් තිබේ. හොලිවුඞ් වන්දනා ස්මාරකය යැයි එයට කියනු…

අතහැර යන්න එපා

1986 විශාල සභාවක සභාපාලකවරයෙකුව සිටියදී ජොන් පයිපර් සියල්ල අත්හැර දැමීමට සිතීය. "මම සෑහෙන්න කලකිරිලා, මට හැම පැත්තෙන්ම විරුද්ධකාරයෝ ඉන්නවා වගේ දැනෙනවා" යනුවෙන් ඔහු දිනපොතේ ලිවීය. එහෙත් පයිපර් අත්හැරියේ නැත. දෙවියන්වහන්සේ වර්ධනය වන්නාවූ සේවයක් සඳහා ඔහු පාවිච්චිකළසේක. එය ඔහුගේ සභාවට වඩා බොහෝ වර්ධනය විය.

"සාර්ථකත්වය" යනු පහසුවෙන් වැරදියට වටහාගන්නා වචනයක් වුවද ජෝන් පයිපර් සාර්ථක යැයි අපට කිවහැකිය. එහෙත් ඔහුගේ සේවය කිසිදා…

ප‍්‍රඥාව සහ අනුග‍්‍රහය

1968 අප්‍රේල් 4වන දින ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් නායක ආචාර්ය මාර්ටින් ලූතර් කිං (කණිෂ්ඨ) මරා දමන ලදි. මිලියන ගණනක් ජනයා කෝපවූහ. ව්‍යාකූල වූහ. ඉන්දියානාපොලිස්හි රොබට් එෆ්. කෙනඩි කථා කරනවා ඇසීමට විශාල අප‍්‍රිකානු ඇමරිකානු ජනකායක් එදින රැස්ව සිටියෝය. බොහෝ අය ඒ වන තුරුත් එම ඛේදනීය පුවත අසා නොතිබුණේය. ඔහු සන්සුන් වන්න යැයි ඔවුන්ට කීවේය. ඔවුන්ගේ දුක ඔහු පිළිගත්තා පමණක් නොව ඔහුගේ සහෝදරයා වන…

කම්මල්කරුවා සහ රජ

1878දී ස්කොට් ජාතික ඇලෙක්සැන්ඩර් මැකේ උගන්ඩාවේ ධර්මදුත සේවයකට පැමිණි  විට ඔහු ගෝත‍්‍රයක් මධ්‍යයෙහි කම්මලක් ආරම්භ කළේය. එම ගෝත‍්‍රයේ රජ වූයේ මුටෙසාය. ගම්මු  දෑත්වලින් වැඩ කළ මේ අමුත්තා වටා රොක්වූහ. ඊට හේතුව කම්මල් වැඩ ගැහැණුන්ට අයත් බව ඔවුන් සිතා සිටි නිසාය. එ් කාලයේ උගන්ඩාවේ පිරිමි තම දෑත්වලින් වැඩ නොකළෝය. ඔවුන් කළේ අනිත් ගම් ආක‍්‍රමණය කර වහලුන් අල්ලා විදේශිකයන්ට විකිණීමය. එහෙත් දැන්…

සමීප වැඩියි

මම ඔක්ලොහෝමාහි හැදී වැඩුනෙමි. එහි වසන්ත සෘතුවේ මුල සිට ග‍්‍රීෂ්ම සෘතුව අවසන් වන තෙක් දරුණු කාලගුණයක් පවතී. එක් සන්ධ්‍යාවක අහස කළුකරගෙන පැමිණියා මට මතකය. රූපවාහිනී නිවේදකයා ටොර්නේඩෝ කුණාටුවක් එන බව පැවසීය. විදුලි බලය විසන්ධි විය. මමත් මාගේ දෙමව්පියෝ සහ සොයුරියත් අප නිවස පිටුපසවූ කුණාටු වලට ඔරොත්තු දෙන කාමරයට ඇතුල්වුණෙමු. කුණාටුව අවසන් වනතෙක් එහි සිටියෙමු.

අද "කුණාටු පසුපස යෑම" සමහරුන්ට විනෝදාංශයකි. තවත්…

දෙවියන්වහන්සේගේ කලාගාරය

ගීතාවලිය 100 අපගේ නොපෙනෙන දෙවියන්වහන්සේ සැමරීමට අපට උපකාර වන කළා කෘතියක් වැනිය. අපගේ නමස්කාරයේ අරමුණ දෑසට නොපෙණුනද උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ දැකීමට සලස්වයි. තම පින්සලත් වර්ණ තැටියත් ගෙන මෙම ගීතාවලියේ අනර්ඝ වචන චිත‍්‍රයට නගන චිත‍්‍ර ශිල්පියා සිතෙහි මවා ගන්න. අපගේ ඇස් හමුවට එන්නේ අපගේ පෘථවියයි. "පොළොවේ සියල්ලෙනි ස්වාමින්ට ප‍්‍රීතිනාද පවත්වව්" (1 පදය). ප‍්‍රීතිය - අප මරණින් ගැළවීම දෙවියන්වහන්සේගේ ආශාව නිසාය. "උන්වහන්සේ…

මා අනුගමනය කරන්න

සුව සංගම්, බර අඩුරකගෙන සුවයෙන් සිටීමට කැමති අයට බොහෝ ව්‍යාපෘති යෝජනා කරති. එක් සුව සංගමයක් සේවය කරන්නේ අඩුතරමින් රාත්තල් 50ක්වත් අඩුකර ගැනීමට කැමති අයට පමණි. එක් සමාජිකාවක් කියා සිටියේ අනිත් අය ඇයගේ ශරීර හැඩය දෙස බලා ඇය විනිශ්චය කරන නිසා ඇය කලින් සහභාගිවූ සංගමයෙන් අස්වුණ බවය. ඇය දැන් ධනාත්මක පරිසරයක සතියකට දින 5ක් ව්‍යායාම කරමින් ඇයගේ බර අඩුකර ගනී.

වසර…

වචන තුනේ මරණ දැන්වීම

ස්ටිග් කර්නල් මියයෑමට පෙර ඔහු මල් ශාලාවට කියා තිබුණේ සාමාන්‍ය මරණ දැන්වීමක් වෙනුවට "මම මිය ගියා" කියා පළකරන ලෙසය. වයස 92දී කර්නල් මහතා මිය ගිය විට එය පළවූයේ එලෙසය. එහි ඇති නිර්භීතකම සහ සරල බව නිසා ලොව වටා ප‍්‍රවෘත්ති පත‍්‍රවල අවධානයට එය ලක්විය. ඔහු බලාපොරොත්තුවූවාට වඩා ඔහුගේ වචන තුනේ මරණ දැන්වීම ජාත්‍යන්තර කුතුහලයට භාජනය විය.

යේසුස්වහන්සේ කුරුසිපත්වූ විට ස්වාමීන්වහන්සේගේ මරණ…