කාලයේ ඉතිරි කැබලි
මිතුරෙකු නගරයට එන බව අපට පැවසීය. ඔහු කාර්ය බහුල අයෙකි. ඔහුගේ කාල සටහන පිරී තිබිණි. වැදගත් රැස්වීම් වලින් දවස ගෙවුණු පසු පැය භාගයකට අප හා ප‍්‍රමාදවූ රාත‍්‍රී භෝජනයක් ගැනීම සඳහා ඔහු ආවේය. අපි ඔහුගේ පැමිණීමේ ප‍්‍රීතිය වින්දෙමු. එහෙත් මාගේ පිඟාන දෙස බලන විට හැඟුනේ "අපට ලැබුණේ ඔහුගේ කාලයේ ඉතිරි කැබලි" කියාය.
ඉන්පසු දෙවියන්වහන්සේට මාද කොපමණ වරක් මාගේ කාලයේ ඉතිරි කැබලි…
සෞම්‍ය ආලෝකයන්
ෂාවෝ යින්ග්, චීනයේ යුනාන් ප‍්‍රාන්තයේ දුෂ්කර ගමක ජීවත්වේ. සෞඛ්‍ය ගැටළු නිසා ඇයගේ ස්වාමිපුරුෂයාට කුඹුරු වැඩ කිරීමට නොහැකි විය. එහෙයින් ඔවුන්ගේ පවුලේ ආර්ථික ගැටළු ඇති විය. ඇයගේ නැන්දම්මා දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ඇයගේ ඇදහිල්ලට බාධා පමුණුවයි. නැන්දම්මා ෂාවෝ යින්ග්ට පළමු ආගමට යන්නැයි කරදර කළාය.
එහෙත් ෂාවෝ යින්ග්ගේ ස්වාමිපුරුෂයා ඇයගේ ජීවිත වෙනස්වීම දැක ඇති නිසා ඔහු "ෂාවෝ යින්ග් විතරක් දෙවියන්වහන්සේ විශ්වාස කරලා මදි!…
පේ‍්‍රමයේ දූපත
මිචිගන්හි හුරොන් සමුද්‍රයේ, සැගිනෙව් බෝක්කේ ඇති විශාලම දිවයින පේ‍්‍රමයේ දූපතයි. වසර ගණනාවක් මෙම දූපත නැව් ගමන් වලට ප‍්‍රදීපාගාරයක් සහ සුරක්ෂිත වරායක් ලෙස ක‍්‍රියාත්මක විය. එම දූපතට නම ලැබුණේ එය එහි තිබෙන්නේ දෙවියන්වහන්සේගේ පේ‍්‍රමයෙන් බව නැවියෝ විශ්වාස කළ හෙයිනි.
සමහර විට ජීවිතයේද කරදරකාරී අවස්ථා නැමති සාගර තුළින් අපට යෑමට සිදුවේ. එම නාවිකයන්ට මෙන් අපට මඟ පෙන්වීමේ සහ රැකවරණයේ ස්ථානයක් අවශ්‍යවේ. අපටම…
මිතුරන් යේසුස්වහන්සේ වෙත ගෙන එ්ම
මා කුඩා කාලයේ සෙනඟ වැඩියෙන්ම බියවූ රෝගය වූයේ පෝලියෝය. එයට "ළදරු අංශභාගය" කියාද කියන ලදී. ඊට හේතුව අසාදනයට පත් බොහෝ අය ළදරුවන් වීමය. 1950 ගණන් වල වැළැක්වීමේ එන්නතක් සොයාගැනීමට පෙර 20,000ක් පමණ අංශභාගයෙන් පෙළුණෝය. ඇමරිකාවේ වසරකට 1000ක් පමණ මිය ගියෝය.
පුරාණ කාලයේ අංශභාගය දෙස බලන ලද්දේ බලාපොරොත්තුවක් නැති, සුව නොවන රෝගයක් ලෙසය. එහෙත් එක් කණ්ඩායමක් කල්පනා කළේ තමන්ගේ මිතුරාට උදව්…
නම කියන්න
සභා කණ්ඩායමක් ඔවුන්ගේ රැස්වීමේ කථා කිරීමට දේශකවරයෙකුට ආරාධනා කළේය. කණ්ඩායම් නායකයා ඔහුට "යේසුස්වහන්සේ නැතුව, දෙවියන්වහන්සේ ගැන කථා කරන්න” යැයි කීවේය.
මිනිසා පුදුම වී "ඇයි?" කියා ඇසුවේය. නායකයා උත්තර දුන්නේ "අපේ සමහර වැදගත් සාමාජිකයන්ට යේසුස්වහන්සේ අල්ලන්නේ නැහැ. එ් නිසා දෙවියන්වහන්සේ ගැන පමණක් කතා කරන්න" යනුවෙනි.
එවැනි උපදෙසක් පිළිපැදීම දේශකයාට ගැටළුවක් විය. පසුව ඔහු කීවේ "යේසුස්වහන්සේ නැතුව මට පණිවිඩයක් නැහැ" කියාය.
යේසුස්වහන්සේගේ…
මාගේ දෑත් පුරුදු කරනසේක
ඇමරිකානු පැසිපන්දු ක‍්‍රීඩකයෙක්ව සිටි ඩේවිඩ් වුඩ් "ටෝග‍්‍රස් ඩි බැස්කෝනියා" පිළට ක‍්‍රීඩා කරන අතර ස්පාඤ්ඤ පැසිපන්දු අවසන් තරඟයේ මම ද ඔහු සමඟ සිටියෙමි. ඔහු ගීතාවලිය 144:1 කියවීය. "යුද්ධයට මාගේ අත්ද සටනට මාගේ ඇඟිලිද පුරදු කරන්නාවූ මාගේ පර්වතය වූ ස්වාමීන්ට ප‍්‍රශංසාවේවා!" ඔහු මා වෙතට හැරී "මේ පදය දෙවියන්වහන්සේ මටම ලීවා වගේ, උන්වහන්සේ පන්දු අල්ලන්ටත් නැවත විසි කරන්නත් මාගේ අත් පුරුදු කරනවා" ඩේවිඩ්ට…
කෝපාවිෂ්ඨ යාච්ඤා
ශීත සෘතුවේ එක් දවසක තම ජනෙල් වලින් මා දෙස බැලූ සෙනඟ මා කුමක් කරන්නේදැයි කල්පනා කරන්න ඇති. අපගේ නිවසට එන මං පෙතෙහි මම සවලක් දැඩිව අල්ලාගෙන සිටියෙමි. කාණුවක ඝනවී තිබූ හිම කුට්ටියකට කෝපයෙන් වියරුවී පහර දුනිමි. සෑම පහරකටම වරක් එකම තේමාවක විවිධ වෙනස් කිරීම් ඇතුව යාච්ඤාවෙන් මොරගැසීමි. "මට බැහැ... මේක කරන්න. මට හයිය නැහැ" මට කී දෙනෙක් බලා ගන්න තියෙනවාද?…
අපගේ දෙවියන්වහන්සේ
2014දී කැලිෆොර්නියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු සතුන්ටද ඊර්ෂ්‍යාව ඇතැයි පෙන්වීමට පුළුන් පුරවන ලද බල්ලෙකු භාවිතා කළේය. මහාචාර්ය ක‍්‍රිස්ටීන් හැරිස් බල්ලන්ගේ අයිතිකරුවන්ට කියා සිටියේ ඔවුන්ගේ බල්ලන් ඉදිරියෙහි පුළුන් පුරවන ලද බල්ලෙකුට ආදරය පෙන්වන ලෙසය. බල්ලන්ගෙන් 4න් 3ක්ම ප‍්‍රතිචාර දැක්වූයේ කැපී පෙනෙන ඊර්ෂ්‍යාවකිනි. අනිත් බල්ලෝ අයිතිකරුට ගෑවී අවධානය ගැනීමට උත්සාහ කළෝය. තවත් බල්ලන් අයිතිකරු සහ සෙල්ලම් භාණ්ඩය අතරට රිංගා ගැනීමට උත්සාහ කළෝය. සමහර…
දෛනික වදය
වසර 4ක් ලතින් භාෂාව ඉගෙනීම මා අධ්‍යාපනය ලැබූ පාසැලේ අනිවාර්ය විය. එම විෂයෙහි වටිනාකම දැන් මට වැටහේ. එහෙත් එකල එය මහ වදයක් විය. අපගේ ගුරුවරිය විශ්වාස කළේ අභ්‍යාසය සහ නැවත නැවත කීමය. "නැවත නැවත කීම ඉගෙනීමේ මව" යැයි ඇය දිනකට කිහිප වරක් කීවාය. "නැවත නැවත කීම පිස්සුවක්" යැයි අපි මිමිණුවෙමු.
දැන් මට තේරුම්ගොස් ඇත්තේ ජීවිතයේ වැඩි කොටසක් නැවත නැවත කිරීමක්…
ණැනවතුන්ගේ වදන්
මාගේ මිණිපිරියගේ ස්වාමිපුරුෂයා මෑතකදී මෙම වචන අන්තර්ජාලයේ ප‍්‍රවෘත්ති අඩවියකට ලිවීය. "පසුපසින් සිට මට මුමුණන මෙම සිහින් හඬ නොමැති නම් මම මීට වඩා දේ අන්තර්ජාලයට ලියන්නෙමි. මා යේසුස්වහන්සේගේ අනුගාමිකයෙකු නිසා එම සිහින් හඬ ශුද්ධාත්මයාණන්ගේ යැයි ඔබ සිතනු ඇත. නමුත් එසේ නොවේ. එ් මාගේ භාර්යාව වන හෙයිඩිය."
සිනහවක් සමඟ නිසල සිතිවිල්ලක්ද පැමිණේ. ප‍්‍රවේසම් වන්න කියා මිතුරෙකු කියන වචන දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව විය හැකිය.…