වලසුන් දෙදෙනා
වසර කිහිපයකට පෙර මාත් මගේ භාර්යාව වන කැරොලයිනුත් වොෂින්ටන් ප‍්‍රාන්තයේ රේනියර් කඳු පාමුළ කඳවුරක් ගසාගෙන දින කිහිපයක් ගත කළෙමු. එක් සන්ධ්‍යාවක අප සිටි කූඩාරමට එන අතර, තණ පිට්ටනියක් මැද පිරිමි වලසුන් දෙදෙනෙක් එකිනෙකාට කණට ගසා ගනිමින් සිටියෝය. අප නැවතී බලා සිටියෙමු. අසල සිටි කඳු නගින්නෙකුගෙන් අපි "ඇයි මේ?" කියා ඇසුවෙමු. "තරුණ වැලහින්නක්" යැයි ඔහු කීවේය. "ඇය කෝ?" මම ඇසුවෙමි. "විනාඩි…
උද්‍යානයේදී
මගේ මුතුන් මිත්තන් මිචිගන් වෙත පැමිණි පුරෝගාමීන්ය. ඔව්හු වනය එළි කර, පැළ සිටුවා, ඔවුන්ගේ පවුල් වලට ආහාර සැපයීමට ගොවිපොළවල් ඇති කළෝය. මෙම කෘෂිකාර්මික නැඹුරුව පරම්පරා ගණනාවක් පුරා ඉදිරියට පැමිණ ඇත. මාගේ පියා හැදී වැඩුණේ මිචිගන්හි ගොවිපොළකය. ඔහු කෘෂිකර්මයට ප‍්‍රිය කළේය. මාද ගොවිතැනට සහ පොහොර පසට ආශා කරන්නේ ඇයි කියා එය විස්තර කරයි. ලස්සන මල් පිපෙන පඳුරු සහ තම සුවඳින් අපගේ…
මා ඔසවනසේක
මාගේ දෙමව්පියන් සමඟ පවුලේ දුර ගමන් නැවැත්වූ පසු මගේ සීයා සහ ආච්චී බැලීමට යාමට ලැබුණේ කලාතුරකිනි. ඔවුන් ජීවත්වූයේ සැතපුම් සියගණනකට එහාය. එක් වසරක දීර්ඝ සති අන්තයකදී විසකොන්සින්හි ඔවුන් සිටි කුඩා නගරය වන ලෑන්ඩ් ඔෆ් ලේක්ස්වෙත ගුවනින් යාමට මම තීරණය කළෙමි. මගේ ආපසු ඒම සඳහා ගුවන් තොටුපළට එන අතර කිසි දිනෙක ගුවන් ගමනක් නොගිය මාගේ ආච්චී මා ගැන බිය පළ කළාය.…
සුවඳක් සහ ලිපියක්
රෝස පඳුරකට හෝ මල් කළඹකට ළංවන සෑම විටම මලක් මා වෙතට ඇද එහි සුවඳ ආග‍්‍රහණය කිරීමට ඇති පරික්ෂාවෙන් බේරී සිටීමට මට නොහැකිය. එම මිහිරි සුවඳ මා සිත ප‍්‍රබෝධමත් කර, මා තුළ යහපත් හැඟීම් පුබුදුවාලන්නේය. සියවස් ගණනකට පෙර කොරින්තියේ කිතුනුවන්ට ලියමින් පාවුල් පවසන්නේ අප ක‍්‍රිස්තුස්වහන්සේට අයිති නිසා දෙවියන්වහන්සේ "උන්වහන්සේව දැනගැනීම නැමැති සුවඳ පතුරුවන්(නේය)" යනුවෙනි (2 කොරින්ති 2:14). උන්වහන්සේගේ ශක්තියෙන් අපට ජයග‍්‍රාහී…
දෙවියන්වහන්සේගේ සැලසුම්
යුද නිලධාරියෙකුට සමස්ථ සැලසුමක් තිබිය හැක. එහෙත් සෑම සටනකටම පෙර ඔහු අලුත් උපදෙස් ලැබීමටත් ලබාදීමටත් කටයුතු කළ යුතුය. ඉශ‍්‍රායෙල් නායකයෙකුවූ යෝෂුවාටද මෙම පාඩම ඉගෙන ගත යුතු විය. දෙවියන්වහන්සේගේ සෙනඟ වසර 40ක් කාන්තාරයේ කාලය ගත කළ පසු ඔවුන්ට පොරොන්දුවූ දේශයට මඟපෙන්වීමට දෙවියන්වහන්සේ යෝෂුවා තෝරාගත්සේක.
ඔවුන් මුහුණ දුන් පළමු බළකොටුව වූයේ යෙරිකෝ නගරයයි. සටනට පෙර යෝෂුවා "ස්වාමීන්වහන්සේගේ සේනාවේ අධිපතියා" (සමහර විට යේසුස්වහන්සේම…
බලාපොරොත්තුවේ රැළ
එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකුවූ රොබට් කෙනඩි 1966දී දකුණු අප‍්‍රිකාවට වැදගත් සංචාරයක් කළේය. කේප්ටවුන් විශ්ව විද්‍යාලයේ ඔහු කළ සුප‍්‍රසිද්ධ "බලාපොරොත්තුවේ රැළි" නැමැති දේශනයේදී ඔහු වර්ණ වාදයට විරුද්ධවූවන්ට බලාපොරොත්තුවේ වචනයක් දුන්නේය. එම කථාවේදී ඔහු මෙසේ ප‍්‍රකාශ කළේය, "සෑම මතවාදයක් වෙනුවෙන් මිනිසෙකු නැගී සිටින, නැත්නම් අන් අයගේ තත්ත්වය දියුණු කිරීමේ ක‍්‍රියාවකට හෝ අසාධාරණත්වයට පහර දෙන සෑම විටම ඔහු බලාපොරොත්තුවේ කුඩා රැල්ලක් නික්මවයි. ශක්තියේ සහ…
මතු සම්බන්ධයි . . .
1950 ගණන් වල මා හැදී වැඩෙන කාලයේ බොහෝ විට මම ගමේ චිත‍්‍රපට ශාලාවේ සෙනසුරාදා සවස චිත‍්‍රපටිය නැරඹුවෙමි. කාටූන් සහ පවුලේ චිත‍්‍රපට සමඟ අවසානයේ වීරයා හෝ වීරවරිය ගැළවිය නොහැකි තත්ත්වයට පත්වීමෙන් සැමදා අවසන් වන මාළා චිත‍්‍රපටයක්ද එහි දැක්විණ. ගැළවීමේ මාර්ගයක් පෙණෙන්නේ නැත. එහෙත් සෑම කතාවක්ම අවසන් වූයේ "මතු සම්බන්ධයි" යන වැකිය සමඟය.
පාවුල් අපොස්තුළුවරයා ජීවිත තර්ජන වලට අමුත්තෙකු නොවේ. ඔහු සිරගත…
පෙම් අගුලු
"පෙම් අගුලු" ව්‍යාප්තවී යන මෝස්තරයකි. පේ‍්‍රමයෙන් වෙලී සිටින දහස් ගණන් සෙනඟ මෙම අගුලු ප‍්‍රංශය, චීනය, ඔස්ටි‍්‍රයාව, චෙක් ජනරජය, සර්බියාව, ස්පාඤ්ඤය, මෙක්සිකෝව සහ උතුරු අයර්ලන්තය යන රටවල් ඇතුලුව ලොව වටා ඇති පාලම්, ගේට්ටු සහ වැටල් යනාදියෙහි සවිකර ඇත. ප්‍රේමවන්තයින් අගුලු මත තම නම් කොටා එ්වා තමන්ගේ සදාතනික ප්‍රේමයේ සංකේත ලෙස පොදු ස්ථාන වල සවිකරති. සමහර ප‍්‍රසිද්ධ ස්ථාන වල සිටින නිලධාරින් මේවා…
ජන බලය
ඕස්ටේ‍්‍රලියාවේ පර්ත්හි දුම්රිකට නැගීමට උත්සාහ කළ මිනිසෙකු ලිස්සා ගොස් වේදිකාව සහ දුම්රිය අතර ඇති හිඩසේ ඔහුගේ පාද සිරවිණ. මගීන් දුසිම් ගණනක් ඔහුගේ උපකාරයට ආවේය. ඔවුන් තම ශක්තිය පමණක් යොදාගෙන දුම්රිය ඇළකළෝය. සිරවී සිටි මිනිසා නිදහස් විය. දුම්රිය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශක වන ඩේවිඩ් හයිනස් සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ "සැම කෙනාම එකතු වුනා. බරපතල අනතුරකින් කෙනෙකුගේ ජීවිතය බේරුනේ ජන බලය නිසා" කියාය.
උන්වහන්සේගේ…
පරිපූර්ණත්වයට වහල්වීම
වෛද්‍ය බ‍්‍රයන් ගෝල්ඩ්මන් තම රෝගීන්ට ප‍්‍රතිකාර කරන විට පරිපූර්ණ වීමට වියරු උත්සාහයක් දැරීය. එහෙත් ජාතික රූපවාහිනී වැඩසටහනක දී ඔහු තමා කළ වැරදි පිළිගත්තේය. හදිසි අනතුරු කාමරයේදී ඔහු ස්ත‍්‍රියකට ප‍්‍රතිකාර කළ සිද්ධියක් ඔහු අනාවරණය කළේය. පසුව ඇයව ගෙදර යැවීමට ඔහු තීරණය කළේය. සවස "ඔබ ගෙදර යැවූ ස්ත‍්‍රිය මතකද? ඇය නැවත ඇවිල්ලා" යනුවෙන් හෙදියක පැවසුවාය. රෝගියා නැවත ඇතුලත් කරනු ලැබ මිය ගියාය.…