එය නිවා දමන්න
අපගේ දරුවන් කුඩා කාලයේ අපි අපගේ සීයලාගේ උතුරු විස්කොන්සින්හි නිවසට ගියෙමු. ඔවුන්ගේ රූපවාහිනියට පැහැදිලි දර්ශන නොලැබිණ. ඔවුන් රුපවාහිනියට ප‍්‍රමුඛතාවක් දුන්නේ නැත. අපේ පුත‍්‍රයා වන ස්කොට් සෑහෙන වේලාවක් රූපවාහිනිය සමඟ පොරබදමින් සිට පසුව ඔහු මගෙන් "අහුවෙන්නේ එක චැනල් එකයි නම් එ්කේ තියෙන දේට ඔබ කැමති නැත්නම් මොකද කරන්නේ?" යනුවෙන් ඇසුවේය.
"වහලා දාන්න" මම සිනහවී පැවසුවෙමි. ඔහු බලාපොරොත්තුවූ පිළිතුර එය නොවේ. වර්තමානයේ…
එය නිවා දමන්න
2වන ලෝක යුද්ධය කාලයේ දකුණු අප‍්‍රිකාවේ 609 වන කඳුගැටය මතදී මගේ පියාට වෙඩිවැදී ඔහුට විශාල තුවාල ඇති විය. මගේ පියා නැවත කිසි දිනෙක සියයට සියයක් සාමාන්‍ය අතට නොහැරිණි. මා ඉපදුනේ එ් සිද්ධියෙන් වසර කිහිපයකට පසුය. මා යෞවන වියේදී පවා මම ඔහු තුවාල ලැබූ බව නොදත්තෙමි. පසුව කව්දෝ එය මට කීවේය. ඔහුගේ පාදයේ අඛණ්ඩ වේදනාවක් දැනුනද මගේ පියා එ් ගැන කෙඳිරුවේ…
ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ ඉදිරියට යෑම
කුඩා දරුවෙකු ලෙස ග‍්‍රීෂ්ම සෘතුවේ මා කැමතිම සතිය වූයේ කිතුනු යෞවන කඳවුර තිබූ සතියයි. සතිය අවසානයේ මම මිතුරන් සමඟ විශාල ගිනි මැළයක් වටා ගෑවෙන නොගෑවෙන තරමට ළංව හිඳගෙන බයිබලයෙන් අප ඉගෙනගත් දේ බෙදාගතිමු. ගායනා කළෙමු. මට තාම මතක්වන ගීතිකාවක තිබුණේ යේසුස්වහන්සේ අනුගමන කිරීමට අවධානය යොමුකරන්න කියාය. එහි වැදගත් වැකියක් විය: "නැවත හැරීමක් නැත".
අනාගතවක්තෘ එලිෂා, එලියා පසුපස යාමට තීරණය කළ…
මාගේ අසල්වැසියා කව්ද?
මේරි සති මැද සභා රැස්වීම් ගැන ප‍්‍රීතියෙන් සිටියාය. එ් ඇයත් තවත් මිතුරන් කිහිපදෙනෙකුත් එක්ව යාච්ඤාවට, නමස්කාරයට සහ පසුගිය සතියේ දේශනාවේ කරුණු ගැන සාකච්ඡා කිරීමටය. මේ සතියේ ඔවුන් සූදානම්ව සිටියේ සභාවට "යෑම" සහ දුක් විඳින ලෝකයක සභාව "වීම" පිළිබඳවය. ඇය තම මිතුරියන් හමුවී ජවසම්පන්න සාකච්ඡාවකට ආශාවෙන් බලා සිටියාය.
ඈ මෝටර් රථයේ යතුර අතට ගත්තා පමණි. දොරේ සීනුව නාදවිය. "මම කැමති නැහැ…
දෙවියන්වහන්සේගේ මහිමය
12 වන සියවසේ චීන චිත‍්‍ර ශිල්පී ලී ටෑන්ග් සෙනඟ, කුරුල්ලන්, සහ මීහරකුන්ගෙන් සජීවීවූ භූමිතලයන් චිත‍්‍රයට නැගීය. සිල්ක් රෙදිමත සියුම් රේකා යොදා කරන ලද ඔහුගේ අනගි චිත‍්‍ර නිසා ලී ටෑන්ග් චීන භූමිතල සිතුවම් කලාවේ නිපුණයෙකු ලෙස ගණන් ගැනේ. සියවස් ගණනාවක සිට ලොව වටා කලාකරුවන්, දෙවියන්වහන්සේගේ මැවිල්ල නැමති කලාගාරයේ ඔවුන් දකින දේ චිත‍්‍රයට නගති. "අහස දෙවියන්වහන්සේගේ මහිමය ප‍්‍රකාශ කරයි. ගුවන් තලයද උන්වහන්සේගේ…
වටවී සිටින විට
බොස්නියානු (1992-1996) යුද්ධය කාලයේදී සිවිල් වැසියන් සහ සොල්දාදුවන් 10,000කට වඩා සර්ජේවෝ නගරයේදී මළෝය. එ් වෙඩි උණ්ඩ සහ බෝම්බ අවට කඳුවලට වැසි මෙන් වැටෙන විටය. ස්ටීවන් ගැලෝවේ ගේ සිත්කාවදින නවකථාව වන "සර්ජේවෝහි වීණා වාදකයා" නූතන යුද්ධයකදී ප‍්‍රධාන නගරයක් වැඩිම කාලයක් කොටුවී සිටි ආකාරය අනාවරණය කරයි. පොතෙහි මනඃකල්පිත චරිත තුනක් ගැන සඳහන්වේ. තමන් ගැළවීමට කරන උත්සාහයේ පමණක් සිරවී සිටිනවාද නැතිනම් කෙසේ හෝ…
ජෙස් සමඟ පාන් ටෝස් කිරීම
එක් උදෑසනක ලිලියා රැකියාවට යාමට සූදානම් වන විට ඇයගේ 4 හැවිරිදි දියණිය ජෙස්ද වැඩ ආරම්භ කළාය. ඔවුන්ගේ පවුලේ අය ටෝස්ටරයක් මිළදී ගෙන තිබිණි. විවරය ඉහළ පිහිටි මෙම ටොස්ටරය ජෙස්ගේ සිත් ගත්තේය. විනාඩි කිහිපයකට පසු ටොස්ට් පාන් රාත්තල් එකහමාරක් මේසය මත තිබෙනවා ලිලියා දුටුවාය. "මම හොඳ ටෝස්ට් කරන්නියක්" ජෙස් කීවාය.
කුතුහලය ඇති කුඩා ගැහැණු ළමයෙකු පාන්, ටෝස්ට් බවට පත් කිරීම ආශ්චර්යයක්…
නිහඬ උපකාරකරුවාණෝ
පෙනිසිලින් සොයාගැනීම සෞඛ්‍ය ක්ෂේ්ත‍්‍රය විප්ලවයකට ලක් කළේය. 1940ට පෙර බැක්ටීරියා ආසාදන බොහෝ විට මරණයෙන් කෙළවර විය. එදින සිට හානිකර බැක්ටීරියා විනාශ කරමින් ගණන් කළ නොහැකි තරම් ජීවිත පෙනිසිල් ආරක්ෂා කර ඇත. එහි හැකියාවන් තේරුම් ගෙන එය භාවිතයේ ව්‍යාප්තිය සිදු කළ අයට 1945දී නොබෙල් ත්‍යාගය හිමි විය.
පෙනිසිලින් සොයා ගැනීමට බොහෝ කලකට පෙර වෙනත් නිශ්චල මරුවෝ කොටසක් ක‍්‍රියාත්මක වී බැක්ටීරියා විනාශ…
අත වනන ගැහැණු ළමයා
18වන සියවසේ අගභාගයේත් 19වන සියවසේ මුල් කාලයේත් ජෝර්ජියාවේ සැවන්නා වරායට පැමිණි නැව්වලට සුපුරුදු දර්ශනයක්වූයේ ෆොලොරන්ස් මාර්ටස්, "අත වනන ගැහැණු ළමයා"ය. වසර 44ක් දහවල් කාලයේ ලේන්සුවක් වනමින්ද රාත‍්‍රි කාලයෙහි ලම්පුවක ආධාරයෙන්ද ඇය ලොව වටා සිට එන සියලු නැව් පිළිගත්තාය. අද ෆොලොරන්ස් සහ ඇයගේ විශ්වාසවන්ත බල්ලාගේ පිළිරුවක් සැවන්නාහි මොරල් උද්‍යානයේ ස්ථීරව සිට එන්නාවූ නැව් පිළිගනී.
උණුසුම් පිළිගැනීමක යම් පිළිගන්නා සුළු ස්වභාවයක් තිබේ.…
අයින්ස්ටයින් සහ යේසුස්වහන්සේ
ඇල්බට් අයින්ස්ටයින් අපට මතක තිබෙන්නේ ඔහුගේ අවුල්වූ හිසකෙස්, විශාල ඇස් සහ සිත් ඇදගන්නා පෙනුමට වඩා යමක් නිසාය. අප ලෝකය දකින ආකාරය වෙනස් කළ ප‍්‍රාඥයා සහ භෞතික විද්‍යාඥයා ලෙස අපි ඔහු දනිමු. ඔහුගේ සුප‍්‍රසිද්ධ E=mc2 සූත‍්‍රය විද්‍යාත්මක දැනුම විප්ලවයකට ඇද දමා අපව න්‍යාෂ්ටික යුගයකට ගෙන ආවේය. ඔහුගේ සුවිශේෂී සාපේක්ෂතා සිද්ධාන්තය තුළින් ඔහු තර්ක කළේ විශ්වයේ සෑම දෙයක්ම සසල වන නිසා සියලු දැනුම…