ප්‍රවර්ගය  |  Uncategorized

ප‍්‍රීතියේ හදවත

මගේ ගුවන්යානයට ගොඩ වීම සඳහා සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළේ අවසන් දොරටුව අසල සිටින අතර මම තරුණ පවුලක් දුටුවෙමි. පියා, මව සහ පුත‍්‍රයා එහි විය. සෙනඟ වැඩි බැවින් ඔව්හු වාඩි වීමට ස්ථානයක් සෙව්වෝය. එක්වරම කුඩා පිරිමි දරුවා නත්තල් ගීතිකාවක් ගැයීමට පටන්ගත්තේය. ඔහුට වයස 6ක් පමණ විය. ඔහු සියලු වචන දැනගෙන සිටීම ගැන මම පුදුම වීමි.

මාගේ අවධානය වඩාත් යොමුවූයේ ඔහුගේ මුහුණේ…

හොඳම විවාහ මංගල්‍යය

වසර 800ක පමණ කාලයක සිට යුදෙව් විවාහ මංගල්‍ය උත්සවයන්ට අලුත් චාරිත‍්‍රයක් එක් කර තිබේ. සියල්ල අවසන්වූ පසු මනාලයා තම පාදයෙන් මිදි යුෂ වීදුරුවක් පාගා කුඩු කරයි. මේ සඳහා එක් පැහැදිලි කිරීමක් නම් වීදුරු කුඩු කිරීම ක‍්‍රි.ව. 70 දී දේව මාළිගාව විනාශ කිරීම සංකේතවත් කරන බවයි. ඔවුන්ගේ නිවාස ගොඩ නගන විට දෙවියන්වහන්සේගේ ගෘහය විනාශවූ බව මතක් කර ගන්නා ලෙස එය තරුණ…

සේවය කරන්නා

"මම කාගෙවත් වැඩකාරයෙක් නොවේ"! මම මොරගැසුවෙමි. අඬන දරුවාට කවන අතර මගේ ස්වාමිපුරුෂයාගේ නිල් කරපටිය සොයා දීමට සහ දෙහැවිරිදි දරුවාගේ නැතිවූ සෙල්ලම් බඩුව ඇඳ යටින් සොයා දීමට සිදුවීම නිසා එ් උදෑසන ගෙදර අය මාගෙන් බලාපොරොත්තු වන දේවල් ඉතා අධික සේ පෙනිණි.

ටික වේලාවකට පසු මා බයිබලය කියවන අතර මෙම පදය මට හමුවිය: "වඩා උතුම් කව්ද? කෑමට හිඳින තැනැත්තාද? නොහොත් උපස්ථාන කරන්නාද?…

සැම පරම්පරාවක් තුළම

දරුවන් තම දෙමව්පියන් දෙවියන්වහන්සේ කෙරෙහි තබා ඇති ඇදහිල්ල අනුගමනය නොකිරීම පුදුමයක් සේ පෙණිය හැකිය. එසේම ඇදහිල්ල නොතිබූ පවුලකින් ක‍්‍රිස්තුස්වහන්සේ වෙත ගැඹුරු කැපවීමක් ඇතිව මතුව එන පුද්ගලයාද ඊට සමාන මවිතයක්ඇ ති කරයි. සැම පරම්පරාවකම එක් එක් පුද්ගලයාට තෝරාගැනීමක් තිබේ.

සාමුවෙල් දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් වූ අතර ඔහු ඉශ‍්‍රායෙලය කෙරෙහි තම පුතුන් දෙදෙනා වන යෝවෙල් සහ අබියා නායකයන් ලෙස පත් කළේය (1 සාමුවෙල්…

මෘදු ලෙස නිවැරදි කරන්න

කෙන්යාවේ නයිරෝබිහී සමුළුවක් අවසන්වී ඊළඟ උදෑසන නිවෙස් බලා ගුවනින් යන ගමනට සූදානම් වීමට අප කණ්ඩායම සමුළු ශාලාවේ සිට අප සිටි හෝටලයට ගියෙමු. අප එහි ගිය විට තම බඩු බෑගය සමුළු ශාලාවේ අමතකවී පැමිණි බව කණ්ඩායමෙහි එක් අයෙකු පැවසුවාය.
ඇය එය ගැනීමට ආපසු ගිය අතර අප කණ්ඩායම් නායකයා (සැම විට සියල්ල මනාව සැලසුම් කරන අයෙකි) ඇය නැති තැන ඇයව තදින් විවේචනය…

දෙවියන්වහන්සේ වෙත ප‍්‍රවේශය

බොහෝ ආකාරයෙන් තාක්ෂණය ආශිර්වාදයකි. සෞඛ්‍ය ගැටළුවක් පිළිබඳ විස්තර අවශ්‍යද? ඔබට අන්තර්ජාලයට අවතීර්ණවූ විට ඔබගේ නිරීක්ෂණයට මඟ පෙන්වීමට විකල්ප ලැයිස්තුවක් ලැබේ. මිතුරෙකු සමඟ සම්බන්ධ වීමට අවශ්‍යද? කෙටිපවිඩයක්, විද්‍යූත් පණිවුඩයක් හෝ ෆේස්බුක් පණිවුඩයක් දමන්න. එහෙත් සමහර විට තාක්ෂණය අප කලකිරවිය හැක. පෙර දින මගේ බැංකු ගිණුම පිළිබඳ විස්තර කිහිපයක් මට අවශ්‍ය වී තිබූ අවස්ථාවේ ආරක්ෂාවට සම්බන්ධ බොහෝ ප‍්‍රශ්න මගෙන් අසනු ලැබීය. සියලූම…

එකම බෝට්ටුවේ

සුඛෝපභෝගී නෞකාව වරායට සේන්දුවූ වහාම මගීහු හැකි ඉක්මනින් බැසගත්තෝය. පසුගිය දවස් කිහිපය තුළ වෛරසයකින් ඔවුන් පීඩා වින්දෝය. සියගණනක් සෙනඟ අසනීප වූහ. බැස යන මගියෙකුගෙන් ප‍්‍රශ්න ඇසූ වාර්තාකරුවෙකුට ඔහු කීවේ "මම මැසිවිලි කියන්නේ නැහැ. ඊට හේතුව සැම දෙනාම සිටියේ එකම බෝට්ටුවේ කියා මම දන්නවා" ඔහු නොසිතා මතුකළ උත්ප‍්‍රාසය නිසා වාර්තාකරුට සිනහ ආවේය.

මතෙව් 8හි ජලයේ සිදුවූ තවත් ගමනක් ගැන සඳහන්වේ (23-27…

සියල්ල දීම

එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු ලෙස ජෝන් එෆ් කෙනඩි කළ එකම ජාතිය ඇමතීමේ කථාවේදී ඇමරිකානුවන්ට ඔහු මෙම අභියෝගය දුන්නේය. "ඔබගේ රටට ඔබ වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි නොඅසන්න. රට වෙනුවෙන් ඔබට කළ හැක්කේ කුමක්දැයි අසන්න". එය පුරවැසියන්ට තම ජීවිත පූජා කිරීමට සහ අන් අය වෙනුවෙන් සේවය කිරීමට කළ අලූත් කැඳවීමක් විය. විශේෂයෙන් ඔහුගේ වචන යුද්ධයේදී රට වෙනුවෙන් සේවය කළ අයගේ දූදරුවරුන්ට දිරියක් විය.

ඔහුගේ අදහස…

කළ නොහැකි දේවලට මුහුණ දීම

2008දී එක්සත් රාජධානියේ නිවාස මිළ ගණන් පහත වැටෙමින් තිබිණ. එහෙත් මාත් මගේ සැමියාත් අපගේ වසර 40ක් පැරණි නිවස විකිණීමට දමා සති දෙකක් ඇතුලත ගැනුම්කරුවෙකු හොඳ මිළක් අපට පොරොන්දු විය. අපිද ඊට කැමති වීමු. වහා කොන්ත‍්‍රාත්කරුවෝ මට උරුමවී තිබූ අනිත් නිවසේ වැඩ ආරම්භ කළෝය. එය අපගේ අලූත් නිවස වනු ඇත. එහෙත් අපගේ පැරණි නිවස විකිණීමට නියමිතවූ දිනට දින කිහිපයකට පෙර ගැනුම්කරුවා…

චීටාවන් පැරැද්දවීම

තේජාන්විත අප‍්‍රිකානු චීටා පැයට කිලෝමීටර් 112 ක වේගයෙන් කෙටි ධාවනයේ යෙදෙන බව ප‍්‍රසිද්ධය. එහෙත් ඔවුන් දුර දිවීමේදී එතරම් හැකියාවක් දක්වන්නේ නැත. බී බී සී ප‍්‍රවෘත්තියකට අනුව ඊසාන දිග කෙන්යාවේ ගමක 4 දෙනෙකු සැතපුම් 4ක ධාවන තරඟයකදී චිටාවන් දෙදෙනකු පැරදෙව්වෝය.

එම ප‍්‍රවෘත්තියට අනුව විශාල චීටාවන් දෙදෙනෙකු ගමේ එළුළුවන් කමින් සිටියෝය. එහෙයින් මිනිසුන් 4දෙනා උන් නැවැත්වීමට සැලසුමක් යෙදූහ. ඔව්හු දවසේ හිරු රශ්මිය…