ප්‍රවර්ගය  |  Uncategorized

ප්‍රේමයෙන් පෙළඹවීම ලැබ

ජිම් සහ ලැනීඩා විශ්ව විද්‍යාලයේ ප්‍රේමවන්තයෝ වූහ. ඔවුහු විවාහ වූ පසුව වසර ගණනාවක් ප්‍රීතියෙන් සිටියහ. පසුව ලැනීඩා අමතු ආකාරයකට හැසිරෙන්න පටන් ගත්තාය. ඇය නැති වෙන්න පටන් ගත්තාය. නියම කර ගන්නා ලද වෙලාවන් ඇයට අමතක වූවාය. ඇයට ඉතා ඉක්මණින් එනම් අවුරුදු හතලිස් හතේදී අමතක වීමේ රෝගය සෑදී තිබුණි. දශකයකට පසු ඇයගේ උපස්ථායකයා ලෙස සේවය කළ ජිම්ට “මම කැමතියි යනුවෙන් ඇය කිවූ…

යේසුස්වහන්සේගේ රුධීරය

අප සාදන දේවල රතු පාට ස්වභාවයෙන් ඇති නොවන්නේය. ටී ෂර්ට් එකකට හෝ තොල් ආලේපනයකට (ලිප්ස්ටික්) මෙම ප්‍රබෝධමත් වර්ණය දමන්නේ කෙසේද? පුරාණ කාලයේදී රතු වර්ණකය සාදනු ලැබුවේ මැටි හෝ රතු පාෂාණ වලිනි. 1400 ගණන් වල ඇස්ටෙක්ස් ජාතීන් රතු වර්ණය සෑදීමට රතු කෘමීන් වර්ගයක් භාවිතා කළහ. අද එම කුඩා කෘමීන් ලෝකයටම රතු සපයයි.

බයිබලයේ රතු වර්ණය රාජකීයත්වය මෙන්ම පාපය සහ ලැජ්ජාව සංකේතවත්…

අපගේ සතුරන්ට ප්‍රේම කිරීම

ඇමෙරිකානු සිවිල් යුද්ධය තිත්තකමේ බීජ ඉස්මතු කරමින් තිබුණු විටෙක දකුණ ගැන කරුණාවන්ත වචනයක් කථා කිරීම සුදුසු බව ඒබ්‍රහැම් ලින්කන්ට වැටහුණි. විමතියට පත්වූ බලා සිටින්නියක් ඔහු එසේ කරන්නේ කෙසේදැයි ඇසීය. ඔහු පිළිතුරු දුන්නේ “මහත්මිය, මම මාගේ සතුරන්ව මිතුරන් බවට පත් කර ගත් විට මම ඔවුන්ව විනාශ කරනවා නොවේද?” යනුවෙනි. එම වචන ආවර්ජනය කරමින් සියවසකට පසු කණිෂ්ඨ මාර්ටින් ලූතර් කිං ප්‍රකාශ කළේ…

මම දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම දැක ඇත්තෙමි

දෙවන එලිසබෙත් රැජින තම වසර හැත්තෑවක බි්‍රතාන්‍ය පාලනය තුළ තම අනුඅත්සන යෙදුවේ පෙරවදනක් සමග තම පුද්ගලික චරිතාපදානය වන සේවක රැජින සහ ඇය සේවය කරන රජු යන ග්‍රන්ථයට පමණි. එය ප්‍රසිද්ධ කරන ලද්දේ ඇගේ අනූවන ජන්ම දිනයේදීය. පොත පෙන්නුම් කරන්නේ ඇය රට පාලනය කරන කාලයේදී ඇගේ ඇදහිල්ල ඇයට මග පෙන්වූ ආකාරයයි. පෙරවදනේදී ඇය වෙනුවෙන් යාච්ඤා කළ සියලු දෙනාට ඇය කෘතඥතාවය පළ…

දෙවියන්වහන්සේගේ වෙනස් කරන්නාවූ වචනය

තම චීන ස්වාමි පුරුෂයා වන සියෝ හූට විශේෂ පොතක් මිළදී ගැනීමට ක්‍රිස්ටීන්ට අවශ්‍ය වූ අතර ඇයට සොයා ගත හැකිවූ එකම පොත වූයේ චීන බයිබලයක් පමණි. ඔවුන් දෙදෙනාම ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් නොවූවත් ඔහු ත්‍යාගය අගය කරනු ඇතැයි ඇය බලාපොරොත්තු වූවාය. බයිබලය දුටු සැණින් ඔහු කෝප වූවත් අවසානයේ ඔහු එය පිළිගත්තේය. ඔහු එය කියවද්දී එහි පිටු තුළ වූ සත්‍යයන් ඒත්තු ගැන්වුනි. මෙම…

දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රේම චක්‍රය

වයස තිහේදී අලුත් ඇදහිලිවතෙක් ලෙසට මම දෙවියන්වහන්සේට ජීවිතය කැප කළ පසු මට බොහෝ ප්‍රශ්න ඇසීමට තිබුණි. මම දේව වචනය කියවීමට ආරම්භ කළ පසු මට ඊටත් වඩා ප්‍රශ්න ඇති විය. මම මිතුරෙක් වෙතට යොමු වූයෙමි. “දෙවියන්වහන්සේගේ ආඥා සියල්ලටම මට කීකරු විය හැක්කේ කෙසේද? මම මගේ ස්වාමි පුරුෂයාට අද උදේ බැණ වැදුණෙමි”.

“බයිබලය දිගටම කියවා ගෙන යන්න. එසේම යේසුස්වහන්සේ ප්‍රේම කරන ලෙස…

පහතට ගෙන එනු ලැබ

නෝර්වේහි සිටි එක් පුද්ගලයෙක් සොයා ගත් ආකාරයට අහංකාරය බොහෝ විට නින්දාවට පෙර එන්නේය. ක්‍රීඩා ඇඳුමෙන් පවා නොසැරසී සිටි තැනැත්තෙක් මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරඟයේ ලෝක වාර්තාව හිමි කාර්ස්ටන් වෝහෝම්ට තරඟයකට පැමිණෙන ලෙසට අභියෝග කළේය. එළිමහන් ස්ථානයක පුහුණු වෙමින් සිටි වෝහෝම් අභියෝගය භාර ගත් අතර අභියෝගකයාව දූවිලි මත තනි කළේය. දිණුම් කණුවේදී දෙවරක් ලෝක ශූරයා සිනහසුණේ එම තැනැත්තා තමාට හොඳ…

පවුරු මත දේවදූතයෝ

වොලස් සහ මේරි බ්‍රවුන් එංගලන්තයේ බර්මිංහම්හී දුගී කොටසකට සංක්‍රමණය වූයේ මිය යමින් සිටි සභාවක් පාලනය කිරීමට වූ අතර මැර කල්ලියක් ඔවුන්ගේ සභාව අල්ලා ගෙන එය ඔවුන්ගේ මූලස්ථානය කර ගෙන සිටි බව දැන සිටියේ නැත. බ්‍රවුන්ලාගේ ජනෙල් වීදුරු තුළින් ගල් ආහ. ඔවුන්ගේ වැටවල් වලට ගිණි තබනු ලැබීය. ඔවුන්ගේ දරුවන්ට තර්ජනය කෙරුණි. එම කරදර මාස ගණනාවක් පැවතුණි. පොලිසියට එය නැවැත්විය නොහැකි විය.…

දෙවියන්වහන්සේට භාරවෙමින්

ගොවිපළක ඉපදුන ජඞ්සන් වෑන් ඩි වෙන්ටර් චිත්‍ර ඇඳීමට ඉගෙන ගෙන කලාව අධ්‍යයනය කර චිත්‍ර ගුරුවරයෙක් වූයේය. කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් වෙනස් සැළසුමක් දෙවියන්වහන්සේට තිබුණේය. සභාවේ මිතුරෝ ඔහුගේ වැඩ අගය කරමින් ශුභාරංචිය ගෙන යන කෙනෙක් වන ලෙසට ඔහුගෙන් ඉල්ලා සිටියෝය. දෙවියන්වහන්සේද තමාව කැඳවන බව ජඞ්සන්ට වැටහුණි. නමුත් කලාව ඉගැන්වීම අත් හැරීමට ඔහුට අපහසු වුනි. ඔහු දෙවියන්වහන්සේ සමග පොර බැදුවේය. නමුත් අවසානයේදී…

ගෞරවය ව්‍යාප්ත කරමින්

මැගීගේ තරුණ මිතුරිය සභාවට පැමිණියේ අමුතු ලෙස හැඳ පැළඳ ගෙනය. කිසිවෙක්ට මවිත වෙන්න හේතුවක් නොතිබුණි. මන්දයත් ඇය වෛශ්‍යාවක් වූ බැවිනි. මැගීගේ අමුත්තිය පුටුවේ ඇඹරෙමින්ද පමණට වඩා කොට වූ ඇගේ සාය අදිමින්ද තමා වටාම අත් යවමින්ද සිටියාය.

“ඔබට ශීතලද?” කියා මැගී ඇසුවේ ඇගේ ඇඳුමෙන් අවධානය වෙනතකට යොමු කිරීමටය. “මෙන්න. මගේ සළුව අරගන්න”.

මැගී දුසිම් ගණන් ජනතාවට යේසුස්වහන්සේව හඳුන්වා දුන්නේ ඔවුන්ට සභාවට…