ප්‍රවර්ගය  |  Uncategorized

අවම වශයෙන්

'අසාමාන්‍ය හා විචිත්‍රවත් පෙනුම හෝ හැසිරීම නිසා විශේෂ අවධානයක් ආකර්ශණය කරන' ඔත්තුකරුවන් හොලිවුඩය අපට ලබා දෙයි, එනම්, ඉතා දීප්තිමත් ඇස්ටන්-මාටින් සහ අනෙකුත් සුඛෝපභෝගී ක්‍රීඩා මෝටර් රථවල රියදුරන් වේ. නමුත් ඇමෙරිකාවේ සිටි මධ්‍යම බුද්ධි ඒජන්සිය නොහොත් සී.අයි.ඒ. ප්‍රධානියෙකු වන ජොනා මෙන්ඩෙස් සැබෑ දෙයෙහි ප්‍රතිවිරුද්ධ චිත්‍රයක් මවා ඇත. රහස් පරීක්ෂක නියෝජිතයෙක් "විස්තර කිරීමට නුපුළුවන්, පෙනුමක් නැති කෙනෙකු විය යුතුය" කියා ඇය පවසයි.…

ලබා දෙන්නෙකුගේ හදවත

ඇමෙරිකාවේ විස්කොන්සින්හි අපගේ අවසන් දිනයේ මගේ මිතුරිය සමුගැනීමට ඇගේ සිව් හැවිරිදි දියණිය කින්ස්ලි රැගෙන ආවාය. "ඔයා යනවාට මට කැමති නෑ" කියා කිංස්ලි කිව්වාය. මම ඇයව බදාගෙන මා ලඟ තිබු අතින් පින්තාරු කරන ලද කැන්වස් අත්-පංකා වලින් එකක් ඇයට දුන්නෙමි. "ඔබට මාව මතක් වූ විට, මෙම අත්-පංකාව භාවිතා කර, මම ඔබට ආදරය කරන බව මතක තබා ගන්න" යයි කීවෙමි. මගේ බෑගයෙන්…

ඔබේ වත්ත බලාගන්න

අපේ පසුපස ගෙවත්තේ පලතුරු සහ එලවළු වවන්න මම ආසාවෙන් සිටියෙමි. එවිට කුණු වල කුඩා සිදුරු දැකීමට මම පටන් ගතිමි. එය ඉදවීමට කාලය ලංවන්නත් පෙර, අපගේ පළමු පලතුර අභිරහස් ලෙස අතුරුදහන් විය. දවසක් අපේ විශාලම ස්ට්‍රෝබෙරි පැළය කූඩුවක පැටවුන් දමා සිටි හාවෙකු විසින් සම්පූර්ණයෙන්ම උදුරා දමා තිබූ අතර, මෙම පැළය හිරු එළියෙන් පිළිස්සී ගොස් තිබෙණු දුටු අවස්ථාවේ මම කම්පාවට පත් වීමි.…

දෙවියන්වහන්සේ ඔබේ නම කියා අමතන සේක

නටාලියා වෙනත් රටකට ගියේ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා වූ පොරොන්දුවක් මතය. නමුත් වැඩි කල් නොගොස් ඇගේ නව නිවසේ පියා ඇයට ශාරීරික හා ලිංගික අතවර කිරීමට පටන් ගත්තේය. වැටුප් නොමැතිව තම නිවස සහ දරුවන් රැකබලා ගන්නා ලෙස ඔහු ඇයට බල කළේය. ඇයට පිටතට යාමට හෝ දුරකථනය භාවිතා කිරීමට හෝ ඉඩ දීම ඔහු ප්‍රතික්ෂේප කළේය. ඇය, ඔහුගේ වහලිය බවට පත්ව සිටියාය.

හාගර්,…

පැහැදිලි හැඬිම

ළදරුවෙකු අඬන විට, එම දරුවා වෙහෙසට පත් වී හෝ බඩගිනි වී හෝ සිටින බවට සංඥාවක්, එසේ නොවේද? බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන්ට අනුව, අලුත උපන් බිළිඳෙකුගේ හැඬීමෙහි සියුම් වෙනස්කම් වෙනත් ගැටළු සඳහා වැදගත් ඉඟි ලබා දිය හැකිය. බිළිඳාගේ මධ්‍යම ස්නායු පද්ධතියේ යම්කිසි දෝෂයක් තිබේද යන්න තීරණය කිරීම සඳහා හඩේ උස් පහත් ප්‍රමාණය, පරිමාව, සහ අඬන ශබ්දය කෙතරම් පැහැදිලිද යන්න වැනි අඬන…

බියට හේතුව

මම ළමා කාලයේදී, පාසල් මිදුලේ දඩබ්බර සිසුන් විසින්, මා මෙන් අනිකුත් ළමයින්ට අධික ලෙස හිරිහැර කළේ අවම විරෝධතාවයකින්ය. අපගේ වධකයන් ඉදිරියේ අපි බියෙන් තැතිගත් විට, ඊටත් වඩා දරුණු දෙයක් වූයේ ඔවුන්ගේ උපහාසයන්ය. "ඔබ බයද? ඔයා මට බයයි නේද? ඔයාව ආරක්ෂා කරන්න මෙතන කවුරුත් නෑ" යනුවෙන් කීයා සිටීමය.

ඒ බොහෝ අවස්ථාවලදී මම සත්‍යයෙන්ම බියට පත් වූයේ හොඳ හේතුවක් ඇතුවයි. අතීතයේ පහර…

අනුකම්පාවේ ක්‍රියාකාරිත්වය තුළ

බංකු තැනීම ජේම්ස් වොරන්ගේ රැකියාව නොවීය. කෙසේ වෙතත්, ඔහු ඒවා තැනීමට පටන් ගත්තේ, දිනක් ඇමෙරිකාවේ ඩෙන්වර් නගරයේ හි කාන්තාවක් බස් රථයක් එනතුරු කසල ගොඩක වාඩි වී සිටිනු දුටුවාට පසුවයි. එය "අපකීර්තිමත්," වොරන් කනස්සල්ලට පත් විය. පසුව, විසිඅට හැවිරිදි ශ්‍රම බළකා උපදේශකවරයා පරණ ලී ස්වල්පයක් සොයාගෙන බංකුවක් සාදා බස් නැවතුම් පළේ තැබුවේය. එය ඉක්මනින් භාවිතා විය. ඔහුගේ නගරයේ බස් නැවතුම් ස්ථාන…

සියලුම පිළිතුරු

තරුණ ඩේල් අර්න්හාඞ්ට් තම පියා නැති වූ බව තේරුම් ගත් අවස්ථාවේ ඇතිවූ භයානක මොහොත විස්තර කරයි. තරුණ ඬේල් ද සහභාගී වූ තරඟයක් වූ ඩේටෝනා 500 අවසානයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මෝටර් රථ ධාවන ශුරී මෙන්ම ජනප්‍රිය ඩේල් අර්න්හාර්ඞ් (ජ්‍යෙෂ්ඨ) මිය ගොස් තිබුණි. "මට ප්‍රතිනිර්මාණය කළ නොහැකි මේ ඝෝෂාව මගෙන් පිට වෙනවා," තරුණ අර්න්හාඞ්ට් පැවසීය. "මෙය කම්පනයේ, ශෝකයේ, සහ බියේ සීනුවකි." ඉන්පසු…

අලංකාර ප්‍රතිසංස්කරණය

චිත්‍ර කලාව සහ ඇදහිල්ල මිශ්‍ර කරමින් “අ තිඔලොජි ඔෆ් මේකින්”, නොහොත් ”සෑදීමේ දේවධර්මයක්” නම්වූ ඔහුගේ අපූරු පොතේ, කීර්තිමත් චිත්‍ර ශිල්පී මකෝටෝ ෆුජිමුරා විසින් පැරණි ජපන් කලා ආකෘතියක් වන කින්ට්සුගි ගැන විස්තර කරයි. එහි දී, කලාකරුවා කැඩුණු පිඟන් භාණ්ඩ (මුලින් තේ භාණ්ඩ) ගෙන කැබලි ලැකර් සමඟ එකතු කර, එම භාණ්ඩය නැවතත් සාදනු ලබන්නේ ඉරිතැලීම් වලට රන් නූල් දමමිනි. චිත්‍ර ශිල්පී ෆුජිමුරා…

දෙවියන්වහන්සේ අපගේ පාපය වසන සේක

1950 ගණන්වල එක් තනිකඩ මවකට තම පවුල රැකබලා ගැනීම සඳහා රැකියාවක් සොයා ගැනීමට සිදු වූ විට, ඇය යතුරු ලියන (ටයිප් කිරීමේ) රැකියාවකට ගියාය. එකම ප්‍රශ්නය වූයේ ඇය එතරම් හොඳ යතුරු ලියන්නියක නොවීම සහ දිගින් දිගටම වැරදි සිදු කිරීමයි. ඇය ඇගේ වැරදි වසන් කිරීමට ක්‍රම සෙවූ අතර අවසානයේ යතුරු ලියනයේ දෝෂ වැසීමට භාවිතා කරන සුදු නිවැරදි කිරීමේ තරලයක් වන දියර කඩදාසි…