Archives: නොවැම්බර් 2017

පිටස්තර උපකාරය

ව්‍යාපාරික ගමනක් තුළදී මාගේ ස්වාමිපුරුෂයා හෝටල් කාමරයට ඇතුල්වූ විගස ඔහුට අසාමාන්‍ය හඬක් ඇසින. ඔහු පිටත ශාලාවට පැමිණි විට අසල කාමරයක යමෙකු කෑගසනවා ඇසී ඇත. හෝටල් සේවකයෙකුගේ උපකාරයෙන් ඔහුට වැටහුණේ මිනිසෙකු නාන කාමරයේ සිරවී ඇති බවය. නාන කාමරයේ දොර ක‍්‍රියාවිරහිත වීම නිසා පිටතට එ්මට බැරිව ඔහු බියට පත්වී සිටියේය. ඔහුට හුස්ම ගැනීමට නොහැකි යැයි හැඟී ඔහු කෑගැසීය.

සමහර විට ජීවිතයේද අප…

කඩල එපා

අපගේ දරුවන් කුඩා කාලයේදී රාත‍්‍රී ආහාරයට කඩල දුන් වේලාවක අපගේ එක දරුවෙක් "එපා" කියා කීවේය. "මොනවද එපා?" අපි ඇසුවෙමු. ඔහු "ස්තූතියි, එපා" යනුවෙන් කියනු ඇතැයි බලාපොරොත්තු වීමු. එහෙත් ඔහු "කඩල එපා" යැයි කීවේය. හොඳ සිරිත් වල වැදගත්කම ගැන සාකච්ඡාවක් එ් නිසා ඇරඹින. ඇත්තෙන්ම කිවහොත් එවැනි සාකච්ඡා බොහෝමයක් පසුව පැවැත්විණ.

පිටස්තර හොඳ සිරිත් වලට වඩා අප ස්වාමීන්වහන්සේ අපට පෙන්වන්නේ කෘතඥතාවේ හදවත් අපට…

අප සමඟ සහ අප තුළ

මාගේ පුත‍්‍රයා ළදරු පාසැල් ගමන ආරම්භ කළා පමණි. පළමු දවසේම ඔහු කිවේ "මම මොන්ටිසෝරියට කැමති නැහැ" කියාය. මමත්, මගේ ස්වාමිපුරුෂයාත් ඔහු සමඟ කථා කළෙමු. "අපි එතැන නැති වුනත් අපි ඔයා ගැන යාච්ඤා කරනවා, එ් වගේම යේසුස්වහන්සේ එතැන ඉන්නවා."

"එහෙත් මට උන්වහන්සේ පෙනෙන්නේ නැහැ" ඔහු හේතු දැක්වීය. මාගේ ස්වාමිපුරුෂයා ඔහු වැළඳගෙන ප‍්‍රකාශ කළේ "උන්වහන්සේ ඔබ තුළ ඉන්නවා, ඔබව අත්හරින්නේ නැහැ" යනුවෙනි.…

බලාපොරොත්තු කඩවීමෙන් එහා

තමාට තවත් නැගණියක ලැබෙන්න යන්නේ යැයි දැගන්නා කුඩා දරුවාගේ වීඩියෝව ඔබ සමහර විට දැක ඇත. ඔහු අඬමින් විලාප දෙන්නේ "ඔක්කොම කෙල්ලෝ, කෙල්ලෝ, කෙල්ලෝ"! කියාය. එය මිනිස් බලාපොරොත්තු වලට මනහර ලෙස එබී බැලීමකි. එහෙත් බලාපොරොත්තු කඩවීම් වල කිසි විනෝදයක් නැත. අපගේ ලෝකය එ්වායින් පිරී ඇත. බයිබලයෙහි එක් කථාවක් බලාපොරොත්තු කඩවීම් වලින් පිරී ඇත. තම ස්වාමියාගේ දියණිය වන රාඛෙල් සමඟ විවාහ වීම…

නිශ්චලතාවේ හඬ

මසුන් අල්ලන මාගේ මිතුරෙකු කීවේ "නොගැඹුරු ගංගා වැඩිම ශබ්දයක් නිකුත්කරන්නේය" කියාය. "නිසල දිය ගැඹුරුය" යන පැරණි කියමනට එය අනගි අලුත් අර්ථකථනයකි. ඔහු අර්ථවත් කළේ වැඩියෙන් ශබ්ද කරන සෙනඟට කීමට ඇත්තේ ඉතා ටිකක් බවය.

එහි අනිත් පැත්ත නම් අප හරියාකාරව ඇහුම්කන් නොදෙන බවය. සයිමන් සහ ගාර්ෆන්කල් ලියූ "නිශ්චලතාවේ හඬ" යන ගීතය මට මතක්වේ. එය කථාකරන්නේ ඇහුම්කන් නොදී අසාගෙන සිටින්නන් ගැනය. ඔවුන් වචන…