ප්‍රවර්ගය  |  Uncategorized

මා සිටින ආකාරයට

තරුණියට නිදා ගැනීමට නොහැකි විය. වසර ගණනාවක් ශාරීරික ආබාධයකින් පෙළුණු ඇය පසුදා දේවස්ථානය මගින් උසස් අධ්‍යාපනය සඳහා අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියේ කේන්ද්‍රස්ථානය ගනු ඇත. නමුත් “මම සුදුසු නැහැ,” කියා චාලට් එලියට් තර්ක කළාය. හැරෙමින් පෙරළෙමින්, ඇය ඇගේ අධ්‍යාත්මික ජීවිතයේ සෑම අංශයක්ම ගැන ප්‍රශ්න කරමින්, ඇගේ සුදුසුකම් ගැන සැක කළාය. ඊළඟ දවසේ තවමත් නොසන්සුන් වූ ඇය අවසානයේ පෑන සහ කඩදාසි අතට…

අපේ සියලුම ගනුදෙනුවලදී

1524දී මාර්ටින් ලූතර් මෙසේ නිරීක්ෂණය කළේය: “ඔවුන් අතර වෙළෙන්දන්ට පොදු රීතියක් ඇත, එය ඔවුන්ගේ ප්‍රධාන හැසිරීම් ක්‍රමයයි. . . . මගේ ලාභය ඇතිතාක් සහ මගේ තණ්හාව සංසිඳුවා ගන්නා තාක් කල් මම මගේ අසල්වැසියා ගැන කිසි තැකීමක් නොකරමි.” වසර දෙසීයකට වැඩි කාලයකට පසුව, උතුරු ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේහි මවුන්ට් හෝලි හි ජෝන් වුල්මන් නමැති පුද්ගලයාගේ ඇඳුම් මසන (ටේලර්) සාප්පුවල ගනුදෙනුවලට බලපෑමක්…

එකම ආකාරයට ස්පන්දනය වීම

මැවීමේ ආරම්භයේ සිටම කතාන්දර මිනිසුන්ව ආකර්ශණය කර ගත්තේය. එනම්, මෙම කථා ලිඛිත භාෂාව පැවතීමට බොහෝ කලකට පෙර දැනුම බෙදා හැරීමේ මාර්ගයක් ලෙස ක්‍රියා කළේය. කතාන්දරයක් ඇසීමෙන් හෝ කියවීමෙන් සහ “එකමත් එක රටක” වැනි ආරම්භක පේළි වලින්, වහාම ඇති වන සතුට අපි කවුරුත් දනිමු. කතාවක බලය හුදු රසවින්දනයෙන් ඔබ්බට විහිදෙන බව පෙනේ: එනම්, අපි එකට කතාවකට සවන් දෙන විට, අපගේ හද…

ඔබ බිය වනවිට

මට මෑතකාලීන සෞඛ්‍ය ගැටලු නොතිබුණද, මට නියමිතව තිබූ වෛද්‍ය පරීක්ෂණය ගැන බිය වූයෙමි. බොහෝ කලකට පෙර අනපේක්ෂිත රෝග විනිශ්චයන් ලැබූ අයුරු පිළිබඳ මතකයන් මා බියට පත් කළේය. දෙවියන්වහන්සේ මා සමඟ සිටින බව මම දැන සිටියෙමි. එසේම මා උන්වහන්සේව විශ්වාස කළ යුතු බව දැනගෙන සිටියත්, මට තවමත් බියක් දැනුණි.

මගේ බිය සහ ඇදහිල්ල නොමැතිකම ගැන මා කලකිරුණෙමි. දෙවියන්වහන්සේ මා සමඟ සැමවිටම…

නත්තල් කාඩ්පත පරිපූර්ණයි

බාර්කර් පවුලේ නත්තල් සුබ පැතුම් වීඩියෝව පරිපූර්ණ විය. ලෝගුවලින් සැරසුණු එඬේරුන් තිදෙනෙක් (පවුලේ පුංචි පුතුන්) තණකොළ පිට්ටනියක ගින්නක් වටා රොක් වූහ. හදිසියේම දේවදූතයෙක් කඳු මුදුනෙන් බැස ආවේය - එනම්, ඔවුන්ගේ වැඩිමහල් සොහොයුරියයි, රෝස පැහැති උස සපත්තු හැර, ඈ දීප්තිමත් පෙනුමකින් සිටියාය. හඬ පටයේ ශබ්දය වැඩි වීමෙන් එහි සිටි එඬේරුන් පුදුමයෙන් අහස දෙස බලා සිටියහ. පිට්ටනියක් හරහා ගිය විටදී ඔවුන්ට සැබෑ…

දෙවියන්වහන්සේගේ වචනයේ බලය

1968 වසරේ නත්තලට පෙර දිනයේදී, ඇපලෝ 8 යානයේ ගගනගාමීන් වන - ෆ්‍රෑන්ක් බෝමන්, ජිම් ලවෙල් සහ බිල් ඇන්ඩර්ස් - චන්ද්‍ර කක්ෂයට ඇතුළු වූ පළමු මිනිසුන් බවට පත් වූහ. ඔවුන් සඳ වටා දස වතාවක් ගමන් කළ අවස්ථාවේදී, ඔවුන් චන්ද්‍රයාගේ සහ පෘථිවියේ පින්තූර ලබා ගත්හ. සජීවී විකාශනය අතරතුර, ඔවුන් උත්පත්ති 1 වැනි පරිච්ඡේදය මාරුවෙන් මාරුවට කියවන ලදී. එම සිදුවීමේ හතළිස් වැනි සංවත්සර…

තල්මහ ආච්චි අම්මා

පර්යේෂකයන් විසින් “ග්‍රැනී” එනම් ආච්චි අම්මා ලෙස නම් කර ඇති ඕර්කා වර්ගයේ තල්මසෙකු, පෙනෙන ආකාරයට, ඇගේ මුණුපුරාගේ පුත්‍රයා වූ තල්මස් පැටවාගේ ජීවිතය තුළ ඇයගේ භූමිකාවේ වැදගත්කම දැන සිටියේය. තල්මස් පැටියාගේ මව මෑතකදී මිය ගොස් ඇති අතර, අනාථ වූ තල්මස් පැටියාට ආරක්ෂාව සහ උපකාර නොමැතිව වර්ධනය වීමට තරම් වයසක් තවම නොවීය. නමුත් තල්මස් ආච්චි, වයස අවුරුදු අසූවක් (හෝ ඊට වැඩි) වුවද,…

පහතට නැමීම

කුඩා පාපැදිය තම කුඩා පාද වලින් හැකි තරම් වේගයෙන් පැදවූ තම දියණිය පිටුපසින් තරුණ මවක් දිව ගියාය. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වේගයක් ලබා ගත් කුඩා දැරිය එක්වරම පාපැදියෙන් බිමට පෙරළී තම වළලුකර රිදෙන බව පවසමින් හැඬුවාය. ඇගේ අම්මා නිහඬව දණින් වැටී, පහතට නැමී, “වේදනාව නැති කිරීමට” එතැන සිප ගත්තාය. එය වැඩ කළේය! කුඩා දියණිය නැගිට ආපසු පාපැදියට නැග පැද ගියාය.…

නිධානයක් සේ රැකගත් යාච්ඤාව

ක්ලාක්ස් නට්ක්‍රැක(ර්) යනු පුදුමාකාර පක්ෂියෙකි. සෑම වසරකම මෙම පක්ෂියා  සුදු පොතු පයින් ගසේ බීජ හතරක් හෝ පහක් බැගින් - පැයකට බීජ පන්සියයක් පමණ - කුඩා රහස් කාමරවල සඟවා ශීත ඍතුව සඳහා සූදානම් වෙයි. ඉන්පසුව, මාස කිහිපයකට පසු, එය අධික හිමවලින් වැසී තිබුණත් බීජ පිටතට ගැනීමට නැවත පැමිණෙයි. ක්ලාක්ස් නට්ක්‍රැක(ර්) පක්ෂියෙකුට බීජ සඟවා ඇති ස්ථාන දස දහසක් පමණ මතක තබා ගත…

ශාප කිරීමක් නැත

විලියම් ෂේක්ස්පියර් උපහාසයේ ප්‍රවීණයෙක් වූ අතර, නළු බැරී ක්‍රාෆ්ට් ෂේක්ස්පියර් උපහාස උත්පාදක යන්ත්‍රය නැමැති තම පොතේ අනර්ඝ ලෙස ඒවා භාවිතා කළේය. මෙම අනර්ඝ පොත සමන්විත වන්නේ ෂේක්ස්පියර්ගේ නාට්‍යවලින් ලබාගත් නොපැහැදිලි උපහාස වලින් ය. නිදසුනක් වශයෙන්, “කපටියා, ඔබ අදක්ෂ කයිවාරු කාරයෙක් විතරයි!” යැයි පවසන්නේ නැතුව, කාව්‍යමය භාෂාවෙන් එය ප්‍රකාශ කරයි. එනම්, සාමාන්‍යය වචන වලට වඩා බොහෝ නිර්මාණශීලීව නොපැහැදිළි ලෙස යමෙකු අවමානයට…