සිංහ ගුහාවෙන් පිටතට
ටහෙර් සහ ඔහුගේ භාර්යාව වන ඩොන්යා යේසුස්වහන්සේ කෙරෙහි අදහා ගන්න පැමිණි විට, තම මව්බිමේදී තමන් පීඩාවට පත් විය හැකි බව දැන සිටියහ. ඇත්ත වශයෙන්ම, එක් දිනක් ටහෙර්ගේ දෑස් බැඳ, මාංචු දමා, සිරගත කර, ඔවුන්ගේ කලින් තිබු ආගම කෙරෙහි ඇදහිල්ල අත්හැරීමේ චෝදනාවට ලක් කරන ලදී. ඔහු නඩු විභාගයට පෙනී සිටීමට පෙර, ඔහු සහ ඩොන්යා එකඟ වූයේ ඔවුන් යේසුස්වහන්සේව පාවා නොදෙන බවයි.…
මුදා ගන්නා දෙවියන්වහන්ස
දේශනා නිදර්ශනයක කොටසක් ලෙස, මම, වේදිකාවේ කලාකාරියෙකු විසින් නිර්මාණය කරන ලද අලංකාර සිතුවම දෙසට ගොස් එහි මැදින් අඳුරු රේඛාවක් ඇන්දෙමි. සභාව භීතියට පත් විය. ඇය නිර්මාණය කළ දේ මා විකෘති කරනවා කලාකාරිය නිහඬව බලා සිටියාය. ඉන්පසුව, ඇය කාරුණිකව නව බුරුසුවක් තෝරා ගෙන, විනාශ වූ සිතුවම විශිෂ්ට කලා කෘතියක් බවට පත් කළාය.
ඇයගේ ප්‍රතිසංස්කරණ කටයුතු මට මතක් කර දෙන්නේ අපි අපගේ…
නිවැරදි යේසුස්
පුස්තකාල සමාජයේ නායකයා, කණ්ඩායම සාකච්ඡා කරන්න යන නවකතාව සාරාංශ කරන විට කාමරයේ ඝෝෂාව මැකී ගියේ සැමට පහසුව ගෙන දෙන නිශ්ශබ්දතාවයකිනි. මගේ මිතුරිය ජොඈන් හොඳින් සවන් දුන් නමුත් ඈ කථා වස්තුව හඳුනා ගත්තේ නැත. අවසානයේදී ඇය වටහා ගත්තේ, අනෙක් අය කියවා තිබූ ප්‍රබන්ධ කෘතියට සමාන මාතෘකාවක් සහිත ප්‍රබන්ධ නොවන පොතක් ඇය කියවා ඇති බවයි. ඇය “වැරදි” පොත කියවීමෙන් සතුටක් ලැබුවද, “නිවැරදි” පොත…
ජයග්‍රාහකයන්ට වඩා
මගේ ස්වාමිපුරුෂයා අපේ පුතාගේ ලිට්ල් ලීග් බේස්බෝල් කණ්ඩායම පුහුණු කරන විට, ඔහු, වසර අවසාන ත්‍යාගයක් වශයෙන් ක්‍රීඩකයින්ට සාදයක් පිරි නමමින් වාරය පුරා ඔවුන් දැක්වූ දියුණුව අගය කළේය. අපේ ළාබාලතම ක්‍රීඩකයෙක් වන ඩස්ටින්, එම සාදය අතරතුර මා වෙත පැමිණියේය.
”අපි අද තරඟය පැරදුනේ නැද්ද?”
“ඔව්, අපි පැරදුණා” කියා මම පිළිතුරු දුන්නෙමි.
“නමුත් ඔබගේ උපරිමයෙන් ක්‍රීඩා කිරීම ගැන අපට ඔබ ගැන ආඩම්බරයි”…
ස්වාමීනි, ඔබ කවුරුන්ද?
වයස අවුරුදු 16 දී, ලුයිස් රොඩ්රිගස් කොකේන් නම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් සිරගතව සිටියේය. නමුත් දැන්, මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, ඔහු නැවත සිරගතව සිටියේ, ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලැබේදැයි කියා සිතමින්ය. නමුත් දෙවියන්වහන්සේ ඔහුගේ වරදකාරී තත්ත්වයට කථා කළ සේක. ඔහු සිරගතව සිටි කාලයේදී, තරුණ ලුයිස්ට ඔහුගේ මව විශ්වාසවන්තව ඔහුව දේවස්ථානයට ගෙන ගිය ඔහුගේ මුල් කාලය සිහිපත් විය. ඔහුට දැන්…
වික්‍රමාන්විත දෙයක් සඳහා සාදා ඇත
මම මෑතකදී අපූරු සොයාගැනීමක් කළෙමි. මගේ නිවස අසළ ගස් පෙලක් අතරින් කසළවලින් පිරුණු මාර්ගයක ගමන් කළ විටදී, නිවැසියන් විසින් සාදන ලද සැඟවුනු සෙල්ලම් පිටියක් මට හමු විය. ලී කූරු වලින් සාදන ලද ඉනිමගක් අට්ටාලයක් වෙතට ළඟා වුණි. පැරණි කේබල් රෝද වලින් සාදන ලද ඔංචිල්ලා අතුවල එල්ලා තිබූ අතර, අතු අතර එල්ලා තිබූ එල්ලෙන පාලමක් පවා තිබුණි. යම් කෙනෙකු විසින් පැරණි…
කැදලි (කූඩු) ඇති ස්ථානයක්
සෑන්(ඞ්) මාර්ටින් යනු වැහිලිහිණියාට සම්බන්ධ කුඩා පක්ෂීන් විශේෂයක් වන අතර උන් ගං ඉවුර හාරා උන්ගේ කූඩු තනා ගනී. ගිණිකොන එංගලන්තයේ ඉඩම් සංවර්ධනය නිසා උන්ගේ වාසස්ථාන අඩු වූ අතර සෑම වසරකම ශීත ඍතුවේ සංක්‍රමණයෙන් ආපසු පැමිණෙන විට මෙම පක්ෂින්ට කූඩු සෑදීමට ස්ථාන අඩු විය. ප්‍රදේශයේ සංරක්ෂකයින් ක්‍රියාත්මක වෙමින් උන්ව පදිංචි කිරීම සඳහා දැවැන්ත කෘත්‍රිම වැලි බැම්මක් ඉදි කළහ. වැලි නිර්මාණ කරන…
නව දැක්ම
මගේ නව ඇස් කණ්ණාඩි පැලඳ මම දේවස්ථානයට පා තැබුවෙමි. පසුව මා වාඩි වී සිටි අතර දේවස්ථානයේ එහා කොටසේ ආසන අතර ප්‍රවේශය හරහා මට කෙළින්ම වාඩි වී සිටින මිතුරියකු දුටුවෙමි. මම ඇයට අත වනන විට, ඇය ඉතා සමීපව හා පැහැදිලිව පෙණුනි. ඇය යාර කිහිපයක් දුරින් සිටියත් මට අත දිගු කර ඇයව ස්පර්ශ කළ හැකි බව දැණුනි. පසුව, අපි දේව මෙහෙයෙන් පසුව…
මුදවා ගැනීමේ මෙහෙයුම
ඕස්ට්‍රේලියාවේ පිහිටි ගොවිපළ සත්ත්වයන් මුදවා ගැනීමේ සංවිධානයක ස්වේච්ඡා සේවකයන් අපිරිසිදු වූ එකට ගැට ගැසුණු ලොම් සහිත රාත්තල් හැත්තෑපහකට වඩා බරින් යුත් ඉබාගාතේ යන බැටළුවෙකු සොයා ගන්නා ලදී. මුදවා ගැනීමේ සේවකයන් සිතුවේ බැටළුවා අවම වශයෙන් වසර පහක් තිස්සේ අමතක කර අතහැරදමා සිටිය බවටයි. උගේ බර ලොම් ඉවත් කිරීමේ අපහසු ක්‍රියාවලිය හරහා ස්වේච්ඡා සේවකයන් ඌව සැනසූහ. උගේ බරින් නිදහස් වූ පසු “බැරැක්”…
කුඩා ආරම්භයක්
1883 දී නිම කිරීමෙන් පසු බෘක්ලින් පාලම “ලෝකයේ අටවන ආශ්චර්ය” ලෙස සලකනු ලැබීය. නමුත් ව්‍යුහය සාර්ථක වීමට නම් එක් පාලම් කුළුණක සිට අනෙක් කුළුණ දක්වා සවි කරන ලද තනි සිහින් කම්බිය අත්‍යවශ්‍ය විය. තවත් කම්බි තුනක් සමඟ දැවැන්ත කේබලයක් ලෙස එකට වියන තෙක් පළමු කම්බියට අමතර කම්බි එකතු කරන ලදී. අවසන් වූ පසු, සෑම කේබල් එකක්ම - ගැල්වනයිස් කරන ලද…