ප්‍රවර්ගය  |  Uncategorized

ආලෝකය දැල්වෙන්න හරින්න

හෝටල් ජාලයක වෙළඳ ප්‍රචාරණයක අඳුරු රාත්‍රියක් මධ්‍යයේ එක් කුඩා ගොඩනැගිල්ලක් දර්ශනය කළේය. වෙන කිසිවක් අවට තිබුණේ නැත. එම දර්ශනයේ එකම ආලෝකය වූයේ ගොඩනැගිල්ලේ ඉස්තෝප්පුවේ දොර ළඟ තිබූ කුඩා ලාම්පුවෙන් දිස් වූ ආලෝකය පමණයි. ආගන්තුකයෙකුට පියගැටපෙළ දිගේ ගොස් ගොඩනැගිල්ලට ඇතුළු වීමට එම විදුලි බුබුල ප්‍රමාණවත් ආලෝකයක් දල්වා තිබුණි. වෙළඳ දැන්වීම අවසන් වූයේ "අපි ඔබට ආලෝකය දැල්වෙන්න හරින්නෙමු" යන වැකියෙනි.

ආලින්දයේ ආලෝකය…

කාලය පිළිබඳ බීජ

1879 දී, විලියම් බීල්ව නරඹන අය සමහර විට සිතන්න ඇත්තේ ඔහු මෝඩයෙක් කියාය. උද්භිද විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා විවිධ බීජ වලින් බෝතල් විස්සක් පුරවා ගැඹුරු පස්වල වළලනු ඔවුන් දකිනු ඇත. ඔවුන් නොදැන සිටි දෙය නම් බීල් විසින් සියවස් ගණනාවක් පුරා මෙම බීජ වලට ජීවත් විය හැකිද කියා අත්හදා බැලීමක් සිදු කරන බවයි. සෑම වසර විස්සකට වරක් බෝතලයක් හාරා එහි බීජ පැලකර,…

ආදරය සහ දෙවියන්වහන්සේ මත රඳා සිටීම

සැක්, විහිළුවට බර, දක්ෂ සහ කවුරුත් කැමති වූ දරුවෙක් විය. නමුත් ඔහු රහසින් මානසික අවපීඩනය සමඟ සටන් කළේය. වයස අවුරුදු පහළොවේදී ඔහු සියදිවි නසාගත් පසු, ඔහුගේ මව, ලෝරි, ඔහු ගැන පැවසුවේ, "ඔහු ඉදිරියේ සැම දෙයක්ම ඔහුගේ වාසියට තිබුණ කෙනෙකු එම තත්ත්වයට පැමිණෙන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම අපහසු වන්නේය. සැක් ... සියදිවි නසාගැනීමෙන් නිදහස් නොවූයේය". නිහඬව සිටින අවස්ථාවලදී ලෝරි තම දුක…

සැලසුම් සහ කලින් සුදානම් වීම

2000 දී, තැපැල් මාර්ගීකව චිත්‍රපට කුලියට දීමේ අළුතින් ආරම්භ කළ සමාගමක් තම සමාගම ඩොලර් මිලියන 50 කට එවකට ගෘහස්ථ චිත්‍රපට සහ වීඩියෝ ක්‍රීඩා කුලියට දීමේ විශිෂ්ටයා වූ බ්ලොක්බස්ටර් සමාගම වෙත විකිණීමට ඉදිරිපත් විය. නෙට්ෆ්ලික්ස් සමාගම වෙත දළ වශයෙන් ග්‍රාහකයින් 300,000 සිටි අතර බ්ලොක්බස්ටර් සමාගමට ග්‍රාහකයින් මිලියන අතිවිශාල ගණනක් සිටියහ. බ්ලොක්බස්ටර් ඔවුන්ගේ කුඩා තරඟකරුවා මිලදී ගැනීමට ලද අවස්ථාව මගහැරගත්තේය. එහි ප්‍රතිඵලය…

නිකමට අහන්න!

අපේ බිම් මහලෙන් නැඟුණු ප්‍රීතිමත් කෑගැසීම් මගේ බිරිඳ ෂර්ලිගෙනි. ඇය පැය ගණනක් පුවත් පත්‍රිකා ව්‍යාපෘතියක් සමඟ පොර බැදු අතර, ඇය එය නිම කිරීමට සූදානම්ව සිටියාය. ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳ ඈ කනස්සල්ලෙන් සහ අවිනිශ්චිතතාවයෙන් සිටි අතර, ඇය දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලා යාච්ඤා කළාය. ඇය මුහුණු පොතේ මිතුරන් වෙතද සම්බන්ධ වූ අතර ඉක්මනින් ව්‍යාපෘතිය නිම කරන ලදී - එය කණ්ඩායම් උත්සාහයක් විය.…

ඔබට උදව් අවශ්‍ය වූ විට

එය සඳුදා උදෑසනක් විය, නමුත් මගේ මිතුරා චියා-මිං කාර්යාලයේ සිටියේ නැත. ඔහු නිවසේ නාන කාමරය පිරිසිදු කරමින් සිටියේය. මාසයක් රැකියා විරහිතව සිටියද, ඔහු ඉදිරියේ කිසිදු රැකියාවකට මඟපෙන්වීමක් නොමැතිව, ඔහු සිතන්නට විය. කෝවිඞ් -19 වසංගතය හේතුවෙන් ඔහුගේ සමාගම වසා දමා තිබූ අතර අනාගතය පිළිබඳ කනස්සල්ල නිසා චියා-මිංගේ සිත බියෙන් පිරුණි. "මම මගේ පවුල නඩත්තු කළ යුතුයි," ඔහු සිතුවේය. "මට උදව් සඳහා…

ගොඩබෑමේ ස්ථානය

ඇන්ටිලොප් පවුලේ සාමාජිකයෙකු වන ඉම්පාලාට අඩි දහයක් උස සහ අඩි තිහක් දිගට පැනීමට හැකි වේ. එය ඇදහිය නොහැකි ජයග්‍රහණයක් වන අතර අප්‍රිකානු වනයේ උගේ පැවැත්ම අත්‍යවශ්‍ය බවට සැකයක් නැත. එහෙත්, සත්වෝද්‍යානවල දක්නට ලැබෙන බොහෝ ඉම්පාලා සංවෘත වල, මෙම සතුන් අඩි තුනක් පමණ උස තාප්පයක් අසල තබා ඇති බව ඔබට පෙනී යනු ඇත. මෙතරම් පහත් බිත්තියක් තුළ මෙම "මලල ක්‍රීඩක" සතුන්…

ජීවිත කාලයටම මාර්ගය

"තරුණ කලාකරුවෙකුට ඇසිය හැකි විවිධ ප්‍රශ්න තිබේ" යනුවෙන් ඕවර් ද රයින් හි විද්‍යුත් ජන යුගලයේ ගායක සහ ගීත රචක ලින්ෆර්ඞ් ඩෙට්වීලර් පවසයි. ඉන් එකක් නම්, "ප්‍රසිද්ධ වීමට මා කුමක් කළ යුතුද?" යන්නයි. එවැනි ඉලක්කයක් "ඇතුළත සහ පිටත සිට සියලු ආකාරයේ විනාශකාරී බලවේග සඳහා දොර විවර කරන" බවට ඩෙට්වීලර් අනතුරු අඟවයි. ඔහු සහ ඔහුගේ බිරිඳ ඒ වෙනුවට තෝරාගෙන ඇත්තේ "මුළු ජීවිත…

සත්‍යය විකාශ කිරීම

ආසාදන අවදානම හේතුවෙන් තම මුණුබුරන් සහ මිනිබිරියන් පෞද්ගලිකව දැකීමට හැකියාවක් නොමැතිව, බොහෝ ආච්චිලා සීයලා කෝවිඞ්-19 වසංගතය අතරතුර සම්බන්ධ වීමට නව ක්‍රම සොයන්න පටන් ගත්හ. මෑත සමීක්ෂණයකින් පෙන්නුම් කළේ බොහෝ ආච්චිලා සීයලා තම මුණුබුරන් සහ මිනිබිරියන් සමඟ ඇති වටිනා බැඳීම පවත්වා ගැනීම සඳහා කෙටි පණිවිඩ යැවීම සහ සමාජ මාධ්‍ය භාවිතය කළ බවයි. ඇතැමෙක් තම පවුල්වල සාමාජිකයන් සමඟ වීඩියෝ ඇමතුම් මගින් පවා…

නිවාස දෙකක්

නිවාස දෙකක ස්ථායීතාවය පරීක්ෂා කිරීම සඳහා, ඉංජිනේරුවන් විසින් විනාඩි දහයකට පැයට සැතපුම් සියයක සුළං ඇති කරන බලවත් විදුලි පංකා භාවිතා කරමින් 3 කාණ්ඩයේ සුළි කුණාටුවක් අනුකරණය කළහ. පළමු නිවස සුළි කුණාටු නොවන ගොඩනැගිලි කේතයකට අනුව ඉදිකරන ලද අතර අනෙක ශක්තිමත් කරන ලද වහලක් සහ බිම් සමඟ එකට එකතු කරන ලදී. පළමු නිවස දෙදරුම් කා අවසානයේ කඩා වැටුණු නමුත් දෙවන නිවසට…